1921 x 1985 දී පැවති කොළඹ යුගයේ කවීන් අතර මලල්ගොඩට සුවිශේෂි ස්ථානයක් හිමිවනුයේ ඔහු සමාජ අසාධාරණය, අයුක්තිය අවනීතිය අසත්‍යය හා අපචාරයට එරෙහිව මිල මුදල් හෝ තනතුරුවලට යටත් නොවී නැගෙන පිල වෙනුවෙන් බලධාරීන් සමග කවිබසින් කළ සටන නිසාය.
මලල්ගේ කවි දිවියෙහි අත්වැල වූවේ ඔහුගේ දේශපාලන දර්ශනය තේරුම්ගත් ප‍්‍රියම්බිකාව වූ ශි‍්‍රයා මලල්ගොඩ කිවිඳියයි. මලල්ගෙන් ගිලිහුණු කවිකම ඇය ජයගත් වාර බොහෝය.
මලල් එහෙම පිටින්ම ප‍්‍රගතශීලි ඵලයකි. නූතන සිංහල කවියේ ප‍්‍රගමනය වෙනුවෙන් මෙතරම් අභියෝගවලට මුහුණ දුන් කවියන් ඇත්තේ අතළොස්සකි. සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප‍්‍රධාන ලේකම්ධුරය සමග ‘කවිය’ පුවත්පතත් ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ ‘දිනකර’ නිල පුවත්පතත් ඔහුට භාරදුන්නේ ඒ නිසාය. දිනපතා මැතිසබයේ ‘කවිය’ කවි කගක් සේ ළෙලදුනි.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ‘‘ඓතිහාසික විද්‍යාලංකාර ප‍්‍රකාශනය’’ තුළින් පන්නරය ලැබූ පී. බී. අල්විස් පෙරේරා සාගර පලන්සූරිය හා මලල්ගොඩ කවිත‍්‍රිත්වය පරිවේනාධිපති යක්කඩුවේ ශ්‍රී ප‍්‍රඥාරාම නාහිමියන් ප‍්‍රමුඛ සඟ විරුවන් සමග අත්වැල් බැඳගත්හ.ජේ. ආර්. ආණ්ඩුවට පැවරූ අපහාස නඩුව මතු භවයටත් ඉතිරිකර මලල් 1985 සැප්. 10 වැනිදා 63 වියේදී අපෙන් සමුගත් අතර ඔහුගේ දේහය කලා භවනේ ප‍්‍රදර්ශනය කිරීමද තහනම් විය.
2025 දෙසැම්බර් මස 18
316
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජේ. ආර්. එක්ක හැප්පුණු කොළඹ කවියා