තිස්සගේ මතක වත - 55
2010 ජනාධිපතිවරණය දවසේ සරත් ෆොන්සේකා ඇතුළු පිරිස ගිහින් නැවතුණේ සිනමන් ලේක් හෝටලේ, ඉස්සර ඒකට කිව්වේ ට‍්‍රාන්ස් ඒෂියා හෝටලය කියලා. ඒ අය හෝටලේට ගියේ ?ට ඡුන්ද ප‍්‍රතිඵල අහන්න වගේම ජනාධිපතිවරණය විජයග‍්‍රහණය කළාට පස්සේ දිවුරුම්දීම වගේ දේවල් සැලසුම් කරන්න වගේ ගොඩක් දේවල් එක්ක.

තැන් තැන්වල ඉන්නවාට වඩා එක තැනක කවුරුත් ඉන්න එක හොදයි කියලා හිතලා තමයි ඒ වගේ තීරණයක් ගත්තේ. හෝටලේ කාමර ගණනාවක් වෙන් කරගෙන තිබුණා මේ අයට. ෆොන්සේකාගේ ලේකම් සේනක සිල්වා මටත් කාමරයක් වෙන් කරලා තියෙනවා කියලා එන්න කිව්වා. ඒත් මට එන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මොකද මැතිවරණ වැඩවලට මම නුවර ගිහින් හිටියේ. රනිල් වික‍්‍රමසිංහටත් එන්න කියලා තිබුණා. රනිලූත් හෝටලේට ගියේ නෑ. කරූ ජයසූරිය ඇතුළු කිහිපදෙනෙක් හෝටලේ නැවතුණා. මම කොළඹ ආවේ ? වෙලා.
ටික ටික ප‍්‍රතිඵල නිකුත්වෙද්දී අපට තේරුණා සරත් ෆොන්සේකාට දිනන්න අමාරුයි කියලා. පහුවැනිදා උදේ පාන්දර රනිල් වික‍්‍රමසිංහ මට ‘‘කෝල්’’ කරලා රනිල්ගෙ ගෙදරට එන්න කියලා කිව්වා පුළුවන් තරම් ඉක්මනට. මම එවෙලේම පිටත් වුණා. ඒත් මම යන ටිකටත් රනිල් වික‍්‍රමසිංහ ගෙදරින් පිටත්වෙලා තිබුණේ. ගෙදර ඉඳපු අයට කියලා තිබුණා මට කෙළින්ම සිනමන් ලේක් හෝටලයට එන්න කියන්න කියලා. මමත් හෝටලයට ගියා. හෝටලයට කිට්ටු වෙද්දී තමයි දැක්කේ හමුදාව විශාල පිරිසක් දාලා මුළු හෝටලයම වටකරලා තියෙනවා. මට ඇතුළට යන්න දුන්නා. ඇතුළට යද්දී කිසි බාධාවක් තිබුණේ නෑ.

උඩට ගියාම එතන රනිල් වික‍්‍රමසිංහ, සරත් ෆොන්සේකා, කරු ජයසූරිය ඇතුළු පිරිස කතා බහ කරමින් හිටියා. ඒ වෙද්දී එළියෙ ටිකක් උණුසුම් තත්ත්වයක් තිබුණෙ. රනිල් වික‍්‍රමසිංහ උත්සාහ කළා ඒ තත්ත්වය සමනය කරන්න. අපිට තේරුණා සරත් ෆොන්සේකා හෝටලෙන් එළියට ගන්න මොකක් හරි උපාය මාර්ගයක් ක‍්‍රියාත්මක වෙනවා කියලා. ටික ටික දවල් වෙද්දී කාටවත් හෝටලෙන් එළියට යන්නවත් ඇතුළට එන්නවත් දුන්නේ නෑ.
සරත් ෆොන්සේකාට ගෙදර යන්න ඕනකමක් තිබුණා. ඒත් ඒකට සුදුසු වාතාවරණයක් එළියෙ තිබුණෙ නෑ.
හෝටලයෙන් පිටවෙනකොට ෆොන්සේකව අත්අඩංගුවට ගනිවී කියලා සැකයකුත් තිබුණා. කොහොම හරි අන්තිමට රනිල් වික‍්‍රමසිංහ, ගෝඨාභය රාජපක්‍ෂට කතා කරලා කිව්වා, සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්‍ෂකයෙක් නිසා එයාට නිදහසේ ගෙදරට යන්න ඉඩකඩ තියෙන්න ඕනෑ, ඒක නිසා ඔහුට කිසිම හිරිහැරයක් වෙන්න දෙන්න එපා කියලා. ඒ ඉල්ලීම උඩ තමයි සරත් ෆොන්සේකාට පරීක්‍ෂාවකින් තොරව ගෙදර යන්න හම්බවුණේ.
සරත් ෆොන්සේකාට එක් වී ඉඳපු හමුදාවෙ සේවය කරපු අය පිටවෙනකොට අත්අඩංගුවට ගත්තා. මගේ වාහනෙත් පරීක්‍ෂා කරලා තමයි යැව්වෙ. රනිල් වික‍්‍රමසිංහගෙ වාහනයත් එක්කම තමයි සරත් ෆොන්සේකාගෙ වාහනය ආවෙ. ඒ වාහනෙත් නවත්තලා බැලූවා. සරත් ෆොන්සේකට මොකුත් කිව්වේ නැති වුණාට එයාගෙ පෞද්ගලික ලේකම් සේනක ද සිල්වා අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. සරත් ෆොන්සේකා ඒකට විරුද්ධ වුණා. අන්තිමේ එයාලට යන්න ඉඩ දුන්නා. ඒ වෙලාවෙ සිනමන් ලේක් හෝටල් පරිශ‍්‍රය යුද පිටියක් වගේ ආරක්‍ෂක හමුදාවෙන් වට කරලා තිබුණේ.
මැතිවරණ ප‍්‍රතිඵලය අනුව මහින්ද රාජපක්‍ෂ නැවත වතාවක් ජනාධිපතිවරයා විදියට ජයග‍්‍රහණය කළා. ඒ එක්කම සුපුරුදු පරිදි පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ආරම්භ වුණා. පළිගැනීම්, පහරදීම් ඇති වුණා. සතියක් දෙකක් යනකම් වරින් වර මේ සිදුවීම් තැන තැන සිදුවුණා. හැම පක්‍ෂයකටම අයත් යම් යම් අය මේවට මුහුණදීලා තිබුණා.
තව කොටසක් ලබන සතියට.
ප‍්‍රියන්ත
කොඩිප්පිලි
2025 දෙසැම්බර් මස 18
316
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දයදා ? හෝටලයේ ජරමරේ