IMG-LOGO

කිරිඇල්ලගෙන් රනිල්ට අලුත් යෝජනාවක්

විපක්ෂයට ගිය ආණ්ඩුව යළි ගැනීමේ ඇමති  කිරිඇල්ලගේ මෙහෙයුම-5

 

ලක්‍ෂමන් කිරිඇල්ලගේ සංඥාවට අනුව එජාපයේ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටතට ගියහ. ඔවුහු පාර්ලිමේන්තු කමිටු ශාලාවක රැස් වූහ. ගාමිණි ජයවික්‍රම පෙරේරාට මිරිස් කුඩු ප්‍රහාරය තදට වැදී තිබූ හෙයින් ඔහු පාර්ලිමේන්තුවේ පිහිටි බෙහෙත් ශාලාවට ගොස් සිටියේය.


බලහත්කාරයෙන් ආණ්ඩුව ගත්ත අයගේ රඟ අද මුළු රටම දැක්කා මේ අය කතානායකතුමාගේ ආසනයේ තිබුණ ධම්මපදය පොතෙන්, කුරානයෙන්, භගවත් ගීතාවෙන් බයිබලයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන් අපිට පහර දුන්නා. මේ වියරු වැටීම රටම දැක්ක එක හොඳයි. ඒ වගේම අපේ මන්ත්‍රීවරු බොහොම ඉවසීමෙන් හිටියේ ඒ අදර්ශයත් හොඳයි. අපි දිගටම මේ විදියටම කටයුතු කරමු. ලක්‍ෂමන් කිරිඇල්ල කීවේය. එක්සත් ජාතික පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරු එයට එකඟ වූහ. 


ලබන 19 වැනිදා පාර්ලිමේන්තුව රැස් වුණාම මේ වැරදි කරපු සියලුම මන්ත්‍රීවරුන්ට දැඩි දඬුවම් දෙන්න කියලා. කතානායකතුමාගෙන් ඉල්ලමු. ඒ හඬත් කිරිඇල්ලගේය. ඒ අනුව 19 වැනිදා පාර්ලිමේන්තුව යළිත් රැස්වූයේ කුමකින් කුමක් සිදුවේ දැයි කල් ඇතිව සිතා ගත නොහැකි පරිසරයකය. මෙදින පාර්ලිමේන්තුව රැස් වූයේ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.


එදින පාර්ලිමේන්තුවේ සිදු වූ දෙය හැන්සාඞ් වාර්ථාවේ තිබෙන්නේ මෙසේය. 


ගරු නියෝජ්‍ය කථානායකතුමා, අද දින පක්ෂ නායකයන් කථානායකතුමා සමඟ පැවති රැස්වීමේදී එළඹි තීරණය පරිදි තේරීම් කාරක සභාව පත් කිරීමට තීරණය කරන ලද බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත එවන ලෙස කාරුණිකව දන්වා සිටිමි.


ඒ අනුව අද දින රැස්වීමේ වැඩ කටයුතු මෙයින් අවසන් කරන අතර පාර්ලිමේන්තුව නැවත 2018.11.23 වන දින 


ගරු දිනේෂ් ගුණවර්ධන මහතා :Sir, I rise to a point of Order


ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා :  Sir, I rise to a point of Order
ගරු නියෝජ්‍ය කථානායකතුමා : ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ point of order එක මොකක්ද?.
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා


ගරු නියෝජ්‍ය කථානායකතුමනි. මෙන්න මේ කාරණය කෙරෙහි මම ඔබතුමාගේ අවධානය යොමු කරවන්න කැමතියි. මේ මාසයේ 14,15,16 යන දිනවල පාර්ලිමේන්තුව තුළ ඇතිවුණු සිද්ධීන් ගැන පරීක්ෂණයක් කරන්න. එහිදී රාජ්‍ය දේපොල විනාශ වුණා. රටේ නීතිය අනුව ඔවුන්ට දඬුවම් කිරීමට අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කරන්න කියා මම ඉල්ලීමක් කරනවා. (බාධා කිරීම්.)


ගරු මන්ත්‍රීවරයෙක් : කථානායකවරයාගේ හැසිරීම ගැනත්,- (බාධා කිරීම්)


ගරු නියෝජ්‍ය කථානායකතුමා : ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමනි, ඒ කාරණය පිළිබඳව ගරු කථානායකතුමා දැනුවත් කිරීමට මම කටයුතු කරනවා. 


ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ point of order එක මොකක්ද?


ගරු දිනේෂ් ගුණවර්ධන මහතා : ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා සහ ආණ්ඩුව (බාධා කිරීම්) ගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා සහ රජය පිළිගනිමින්, පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කරන විට රජයේ එම පිළිගැනීම අනුව එය සිදුවිය යුතු බවත්, පාර්ලිමේන්තුවේ කටයුතු භාරව තිබෙන්නේ රජයට බවත්, ආණ්ඩුව හැටියට එම කටයුතු ගෙන යාමට තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට හිමිවිය යුතු බවත් මම ඔබතුමාට දැනුම් දෙනවා. (බාධා කිරීම්)


ගරු නියෝජ්‍ය කථානායකතුමා : Order, please! 

 


ගරු මංගල සමරවීර මහතා : ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ආණ්ඩුක්‍රම වස්ථාවේ 48 (2) අනුව්‍යවස්ථාව යටතේ මේ වෙලාවේ ලංකාවේ රජයක් නැහැ.


(බාධා කිරීම්)


ගරු නියෝජ්‍ය කථානායකතුමා : Order, please! 

 


මෙම කරුණ පිළිබඳව- (බාධා කිරීම්)


ගරු එස්.බී. දිසානායක මහතා : නැගී සිටියේය. 


ගරු නියෝජ්‍ය කථානායකතුමා :  ගරු එස්.බී. දිසානායක මැතිතුමා.


ගරු එස්.බී දිසානායක මහතා : ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඉතාම කරුණාවෙන් මම ඔබතුමාට මේ කාරණය කියන්න කැමැතියි. රජයක් නැත්නම් තේරීම් කාරක සභාවක් පත් කරන්න බැහැ. ඒ නිසා රජයක් තිබෙන බව පිළිගෙන, නිත්‍යානුකුලව අපි තේරීම් කාරක සභාව පත් කරමු.


බොහොම ස්තුතියි. (බාධා කිරීම්)


ගරු නියෝජ්‍ය කථානායකතුමා : Order, please! 

 


ගරු අනුර දිසානායක මහතා : ීසරල ෂ රසිැ එද ් චදසබඑ දf ධරාැරග


ගරු නියෝජ්‍ය කථානායකතුමා : ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ චදසබඑ දf දරාැර එක මොකක්ද? 


ගරු අනුර දිසානායක මහතා : ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 14 වැනිදා පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත වූ බවත්, අග්‍රාමාත්‍යවරයෙක් හෝ ආණ්ඩුවක් නොමැති බවත් පසුගිය 15 වන දා ගරු කථානායකතුමා නිශ්චිත වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. (බාධා කිරීම්) දැන් පාර්ලිමේන්තු කටයුතු සඳහා අවශ්‍යවන තේරීම් කාරක සභාව පත් කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ බහුතරය නැතිව ඒ තේරීම් කාරක සභාව ඇතුළේ බහුතරය හදගන්න එක සාධාරණ නැහැ. (බාධා කිරීම්) පාර්ලිමේන්තුවේ ඒ ඒ පක්ෂ නියෝජනය කරන පිළිවෙළට අනුරූපීව තමයි තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් විය යුතු වන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති කණ්ඩායමකට තේරීම් කාරක සභාවේ බහුතරයක් ලබාදීම කිසිසේත්ම යුක්ති සහගත නැහැ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. (බාධා කිරීම්)


ගරු එස්.බී. දිසානායක මහතා : ගරු නියෝජ්‍ය කතානායකතුමනි. (බාධා කිරීම්)


ගරු නියෝජ්‍ය කථානායකතුමා : ඔබතුමාට කථා කරන්න මම අවස්ථාවක් දුන්නා. (බාධා කිරීම්)


ගරු මන්ත්‍රීවරයෙක් : ඉඳගන්නවා. (බාධා කිරීම්)


ගරු නියෝජ්‍ය කථානායකතුමා : ධරාැරල චකැ්ිැ මෙම කරුණ පිළිබඳව අද දින පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී සාකච්ඡා කළා. සාකච්ඡා කරලා මේ පිළිබඳ ගත්ත තීරණය ගැන තමයි මම මේ ඔබතුමන්ලා දැනුවත් කළේ.


ඒ අනුව අද දින රැස්වීමේ කටයුතු මෙයින් අවසන් කරන අතර පාර්ලිමේන්තුව 2018.11.23 වන සිකුරාදා දින පූර්ව භාග 10.30 දක්වා කල් තබනු ලැබේ. 


පාර්ලිමේන්තුවේ කටයුතු එසේ සිදු වුවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අලුත් ඇමතිවරුන් පත් කරමින් රජය ශක්තිමත්ව තිබෙන බවට රටට පෙන්වමින් සිටියේය. අලුත් ඇමැතිවරු අතර විමල් වීරවංශ හා උදය ගම්මන්පිලද වූහ.


අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් කරමු රටට මේ විදියට ඉදිරියට යන්න බෑ. මම කණ්ඩායමක් එක්ක ගිහින් ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරන්නම් ලක්‍ෂමන් කිරිඇල්ල එජාප නායක රනිල් වික්‍රමසිංහට කීවේය. 


රනිල් වික්‍රමසිංහ ද එයට අනුමැතිය දුන්නේය. ඒ අනුව ඉදිරි කටයුතු ලක්ෂ්මන් කිරිඇල්ල සකස් කළේය.

 

 

 


සකස් කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

කිරිඇල්ලගෙන් රනිල්ට අලුත් යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1394 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1599 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 418 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site