පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා සුදුසු ස්ථානයක් තෝරා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීමේ කාර්ය භාරය පැවරුණේ ද මංමාවත් හා ප්‍රසිද්ධ කර්මාන්ත භාර ඇමැතිවරයා වූ සර් ජෝන්ටය. වඩාත් සුදුසු ස්ථානයක් තේරීම මෙහිදී මතුවූ විශාලතම ගැටලුවයි. කාර්යබහුල කොළඹ නගරයට වඩා මහනුවර ප්‍රදේශය වඩාත් යෝග්‍ය බව බොහෝදෙනාගේ අදහස විය.
කොළඹ පිහිටි විශ්වවිද්‍යාල කොලීජිය හා ලංකා වෛද්‍ය විද්‍යාලය ඒකාබද්ධ කොට 1942 ජූලි 01 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලය පිහිටුවුවද ලංකාවට අවශ්‍ය වන්නේ මුළුමනින්ම නේවාසික විශ්වවිද්‍යාලයක්ය යන අදහස ඉදිරිපත් කිරීමේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි අධිපති ඩී. ආර්. විජයවර්ධන සහ ඇමැති සර් ජෝන් යන දෙදෙනා මහනුවර හා දුම්බර ප්‍රදේශවලට ගොස් සුදුසු ස්ථාන තෝරන්නට වෙහෙස ගත්හ. අක්කර 1700ක් පමණ වූ භූමි භාගයක පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවන්නට ගත් තීරණය අනුව අක්කර 320ක් පුරා ගොඩනැගිලි නිර්මාණය කරනු සඳහා ලෝකයේ එවකට සිටි සුප්‍රකට නගර නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකු වූ ශ්‍රීමත් පැටි්‍රක් ඇබක්‍රෝම්බි සහ ක්ලිෆර්ඞ් හොලිජේ එංගලන්තයේ සිට මෙහි ගෙන්වනු ලැබීය. සුප්‍රකට ලන්ඩන් නගරය නිර්මාණය කළේද මොවුන් දෙදෙනාය. එහෙත් පුරාණ ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රමයන්ද උපයෝගී කොටගෙන පේරාදෙණිය නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙස ඉදිරිපත් කිරීමේදී සර් ජෝන් ද එහි මූලිකයෙක් වශයෙන් සිටියේය.
ප්‍රසිද්ධ වැඩ සහ ගමනාගමන ඇමති වශයෙන් කාර්යබහුලව කටයුතු රැසක යෙදී සිටියද පොදු මහජනතාව සතු විය යුතු අයිතීන් ඔවුන් වෙත ලබාදීමත් ඒ සඳහා ඇති බාධක කම්කටොලු ඉවත් කිරීමත් සර් ජෝන් නිරන්තරයෙන්ම සිත්හි රඳවාගෙන සිටි අදහසකි.
කලක් තිස්සේ සුදු පාලකයන් විසින් පොදු මහජනතාව වහලුන් ලෙස සිතා වැඩ ගෙන තිබුණු නිසා මේ වන විටද සුදු ජාතික දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි මෙරට පරිපාලන කටයුතු බොහොමයක් සිදුවිය.
රජයේ කර්මාන්ත ශාලාවේ වසර ගණනක් සේවය කළ කම්කරු පිරිසකට එවකට සේවා කටයුතු සඳහා ලබාදී තිබුණේ සතියකට දින දෙකක් පමණ වූ සීමිත දින ගණනකි. ඔවුන් සිය දරු පවුල් නඩත්තු කළ යුතු වූයේ මෙම ඉතා සුළු දීමනාවෙනි. මෙය ආරංචියක් වුවද මෙහි ඇති සත්‍යතාව දැන ගනු සඳහා සර් ජෝන් එහි සේවක පිරිසකට තමන් හමුවන ලෙස දැන්වීය. ලැබුණු ආරංචිය නිවැරදි බව දැනගත් සර් ජෝන් පසුවදා සියලුම සේවකයන්ට රජයේ කර්මාන්ත ශාලාව ඉදිරියට එන ලෙස නියෝග කළේය.
වෙනදා මෝටර් රථයෙන් ගමන් ගන්නා සර් ජෝන් එදා එතැනට ගියේ අශ්වයෙකු පිට නැගගෙනය. කර්මාන්ත ශාලාව ඉදිරිපිට ගසක අශ්වයා ගැට ගැසූ ඔහු ගේට්ටුව අරින ලෙස මුරකරුට කීවේය. මහමග සිටින කම්කරු පිරිස දුටු මුරකරු ගේට්ටුවේ එක් පළුවක් පමණක් හැරියේය. සර් ජෝන් පැමිණි විලාසය දුටු මුරකරු මුළු ගේට්ටුවම හැර තබා පසෙකට වී සැඟවුණේය. පැමිණ සිටි පිරිස ද සර් ජෝන් සමග කම්හල් භූමියට ඇතුළු වූහ.
පැරණි ඉංජිනේරු කාර්යාලයේ සොල්දරය නැගගෙන යන අතරතුර උඩුමහලේ සිට පොතක්ද රැගෙන එන ඉංජිනේරුවා තරප්පු පෙළ අතරමගදී සර් ජෝන්ට මුණ ගැසුණි. ඔහු සිය අතෙහි තිබූ පොතක් පෙරළා එය සර් ජෝන්ට පෙන්වීය.
“පොත් බලන්න නොවෙයි මම ආවේ. මේ මිනිසුන්ට වැඩ දීපන්”
ඉංජිනේරුවා යළිත් පොත පෙරළන්නට විය. සර් ජෝන්ගේ වමත් පාරක් වැදුණු පොත පහළ මාලයේ තිබූ මල් පෝච්චියක් මතට වැටුණි. ඉංජිනේරුවා වටපිට බැලුවේ කම්කරුවන්ගේ හිනා හඬ උස්ව පැවැති හෙයිනි.
“අද ඉඳලා කොන්ත්‍රාත් ක්‍රමේ නතර කරන්න ඕන. දවස් හයේ වැඩ සතියක් ඇති කරන්න ඕන.” ඔහු ඉංජිනේරුවාට නියෝග කළේය.
“මූත් එක්ක මොන සාකච්ඡාද? උඹල හෙට ඉඳන් වැඩට වරෙල්ලා. මිනිස්සු දුක් විඳින හැටි මුන් දන්නේ නෑ.”
කම්කරු ප්‍රශ්නය විසඳිණි. ශ්‍රී ලංකාවේ හැම රාජ්‍ය ආයතනයකම එදා සිට දින හයේ වැඩ සතියක් ඇරඹිණි.
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කම්කරුවන්ට දින හයේ වැඩ සතියක්