IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එජාප ජවිපෙ රහස් එකඟතා

තිස්සගේ මතක වත-54

 

2010 ජනාධිපතිවරණ කැම්පේන් එකට එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරු බොහොම මහන්සිවෙලා වැඩ කළා. යුද්ධය දිනලා මාස කීපෙකට පස්සේ යුද්ධයේ ප්‍රධාන කොටස්කරුවො දෙන්න ප්‍රතිවාදීන් වෙලා ජනාධිපතිවරණයට තරග කිරීම විශේෂ තත්ත්වයක්. ඒක නිසා මේ ජනාධිපතිවරණය ලංකා ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක් වුණා.


ජයග්‍රහණය දෙපැත්තටම තීරණාත්මක වුණා. මොකෙන් මොකක් වෙයිද කියලා මුළු රටම බලාගෙන හිටියෙ. හැබැයි ජනාධිපතිවරණයට ෆොන්සේකාගෙ පැමිණීමත් එක්ක අපිට ලොකු ගැම්මක් ආවා.


සරත් ෆොන්සේකා වැඩ කරගෙන යද්දී අපේ පක්ෂ සංවිධායකවරුන්ගේ වැඩ ගැන යම් යම් අඩුපාඩු මට කියන්න ගත්තා. රනිල් වික්‍රමසිංහ ගැනත් විටින් විට විවේචනාත්මක දේවල් කියන්න ගත්තා. සමහර අවස්ථාවල ඒ වගේ කතාවලට මම උත්තර දුන්නා. මැතිවරණය කිට්ටු වෙන කොට සරත් ෆොන්සේකා හිතාගෙන හිටියේ එයාට ජයග්‍රහණය ලැබෙනවාම තමයි කියලා.

 

 

මේ විදියට කැම්පේන් එක යන අතරෙම අපි එකඟතාවකට එන්න තීරණය කළා. ජනාධිපතිවරණය දිනුවොත් ඊට පස්සේ කොහොමද ආණ්ඩුවක් පිහිටුවන්නේ කියලා. ඒක රනිල් වික්‍රමසිංහගෙ නායකත්වයෙන් පිහිටුවන්න ඕන කියල තමයි අපේ යෝජනාව වුණේ.

මේකට ජ.වි.පෙ. කැමති වුණේ නෑ. ඒක ප්‍රසිද්ධියෙ කියන්න එපා කියලත් ඔවුන් කිව්වා. අපේ අදහස වුණේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ උද්යෝගය වැඩි කරගන්න එවැනි බලාපොරොත්තුවක් දෙන්න ඕන කියලා. අවසානයේ කවුරුත් එකඟ වුණා ඒක ප්‍රසිද්ධියේ නොකියා ඒක අභ්‍යන්තර එකඟතාවක් විදියට තියා ගන්න.


මේ මැතිවරණ ව්‍යාපාරය හරහා කාලයක් තිස්සේ ප්‍රතිවිරුද්ධව ඉඳපු එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් එකඟතාවකින් එක දේශපාලන අරමුණක් වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීම විශේෂත්වයක්. ගම්වල පවා මේ දෙපිරිස් අතර සමඟියක් ඇති වුණා.


මේ කැම්පේන් එක අතරතුර අපිට නොයෙකුත් කරදර එහෙමත් වුණා. සමහර රැස්වීම් අවලංගු කරන්නත් සිද්ධ වුණා. සමහර තැන්වල ගැටුම් එහෙමත් ඇති වුණා. මැතිවරණයට සුමානයක් දෙකක් විතර තියෙද්දී අපිටත් ලොකු විශ්වාසයක් ඇති වුණා දිනයි කියලා. ඒක නිසාම රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය වගේ අය ෆොන්සේකාට යෝජනා කළා ජයග්‍රහණයෙන් පස්සේ හදන ආණ්ඩුවෙ ඇමති මණ්ඩලය, ප්‍රධාන නිලධාරීන් එහෙම පත්කරන්නේ කොහොමද කියලා.


ඡන්දෙ දවසට කලින් දවසෙ සරත් ෆොන්සේකාට ඡන්දය නෑ කියලා විමල් වීරවංශ කියපු කතාව ලොකු ප්‍රවෘත්තියක් වුණා. ඒක ෆොන්සේකාගෙ ඡන්ද විශාල වශයෙන් අඩුවෙන්න බලපෑවා කියලා හිතෙනවා. ෆොන්සේකා ඡන්දපොළට නොයෑම නිසා ඔහුට ජනාධිපති තනතුර දරන්නත් නුසුදුසුකමක් වෙයි කියලත් සමහරු හිතුවා. මේක ලොකු අවාසියක් වුණා ෆොන්සේකාගේ පැත්තට.


දෙමළ ජනතාවගේ ඡන්දය සරත් ෆොන්සේකාට ලැබෙන්නේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත. උතුරේ ජනයාට සරත් ෆොන්සේකා පිළිබඳව තිබුණෙ හොඳ චිත්‍රයක් නොවෙයි. ටී.එන්.ඒ. එකේ සහාය ලබාගන්න අපි කරපු සාකච්ඡා අතරතුර සුරේෂ් ප්‍රේමචන්ද්‍ර වරක් කිව්වා මහින්ද රාජපක්ෂයි සරත් ෆොන්සේකයි කියන්නේ දෙන්නම යක්කු කියලා. ඒ අයට ප්‍රශ්නයක් තිබුණෙ යුද්ධය ජයගැනීම සහ දෙමළ ජනතාවට හිරිහැර වුණා කියලා. රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම උඩ තමයි ටී.එන්.ඒ. එකේ සහයෝගය ඇත්තටම ෆොන්සේකාගෙ මැතිවරණ ව්‍යාපාරයට ලැබෙන්නේ.

තව කොටසක් ලබන සතියට.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

එජාප ජවිපෙ රහස් එකඟතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 316 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site