IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ඉල්ලා අස් වී යළිත් මන්ත්‍රී වෙයි

1970 මැයි මස 22 වැනි දින පැවැත්වූ ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසුව පක්ෂ නායකයන් දෙදෙනෙකු සිය ඡන්ද කොට්ඨාසවල මන්ත්‍රී ධුර වලින් ඉල්ලා අස් වී නැවත අතුරු මැතිවරණයකට ඉදිරි පත්වීම සුවිශේෂී සිදුවීමක් විය. 


මෙසේ ඉල්ලා අස් වූ පක්ෂ නායකයන් දෙදෙනා වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ජාතික රාජ්‍ය සභාවේ විපක්ෂ නායක දකුණු කොළඹ බහු මන්ත්‍රී ආසනයේ පළමු වැනි මන්ත්‍රී ජේ. ආර්. ජයවර්ධන මහතා සහ ෆෙඩරල් පක්ෂයේ නායක අංක 76 කන්කසන්තුරෛ මන්ත්‍රී ඇස්. ජේ. වී. චෙල්වනායගම් මහතාය. 1970 මහා මැතිවරණය පවත්වා පස් වසරක් ගෙවුණු තැන එනම්, 1975 වර්ෂයේ මැද භාගයේ දී හෝ ඊ පෙර මහා මැතිවරණයක් පැවැත්විය යුතුව තිබුණ නමුත් 1972 සම්මත කර ගත් ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වූ දින පටන් ඉදිරියට තවත් පස් වසරක් ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය දීර්ඝ කිරීම නිසා (VIII පරිච්ඡේදයේ 42 (5) උප වගන්තිය යටතේ) නියමිත පරිදි මහා මැතිවරණයක් නොපැවැත්විය. බි්‍රතාන්‍ය කිරීටයේ පාලනයෙන් සම්පූර්ණ වශයෙන්ම නිදහස් ස්වෛරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ජනතා අභිලාෂයන් ඉෂ්ට කිරීමක් වුවද, ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය දීර්ඝ කිරීම ජනතා අප්‍රසාදයට ලක් වූ බව කිව යුතුය. මෙම දේශපාලනමය තීරණයට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමේ හා ඊට විරෝධය දැක්වීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට එ.ජා.ප.ය. පියවර ගත්තේය. මේ අතර 1975-02-18 දින එ.ජා.ප. මූලස්ථානය වූ “සිරිකොත” මන්දිරයේ දී රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ජේ. ආර්. ජයවර්ධන මහතා සිය පස් අවුරුදු පාර්ලිමේන්තු කාල සීමාව අවසානයේ දී හෝ ඉන් පෙර විපක්ෂ නායක පදවියෙන් සහ දකුණු කොළඹ පළමුවන මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී නැවත අතුරු මැතිවරණයකට ඉදිරිපත් වීම පිළිබඳ යෝජනාව සලකා බැලීය.


1943-04-17 වැනි දින දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණිය කොට්ඨාසය වෙනුවෙන් පැවැත් වූ අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ජාතික දේශපාලනයට පිවිසි ජේ. ආර්. ජයවර්ධන මහතා ඡන්ද 21765 ක් ලබාගෙන ජාතික නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා (11,570) පරදවා වැඩි ඡන්ද 10,195ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසියේය. ඉන් අනතුරුව 1947, 1952, 1960 මාර්තු මැතිවරණවල දී කැලණිය ආසනය ද 1960 ජුලි 1965 (නිතරගයෙන්) මැතිවරණවල දී දකුණු කොළඹ ආසනයද නියෝජනය කළ ජේ. ආර්. ජයවර්ධන මහතා 1970 මහා මැතිවරණයේදී ඡන්ද 57,609ක් ලබා ගෙන දෙවැනි මන්ත්‍රී ධුරයට පත් වූ බර්නාඞ් සොයිසා (ල.ස.ස.ප. 36,783) මහතාට වඩා වැඩි ඡන්ද 20,826 ක් හිමි කර ගෙන තෙවැනි වරටත් දකුණු කොළඹ ආසනයේ පළමු වැනි මන්ත්‍රී ධුරයට පත් වී සිටියේය. මෙම මැතිවරණයෙන් සමගි පෙරමුණ (ශ්‍රී.ල.නි.ප. ල.ස.ස.ප. කො.ප.) ආසන 116 ක් ජයග්‍රහණය කර ආණ්ඩු බලය හිමිකර ගත් අතර ඊළඟට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් එ.ජා.පය. (17) ප්‍රධාන විපක්ෂය වූ අතර විපක්ෂ නායක ධුරයට ජේ. ආර්. ජයවර්ධන මහතා තේරී පත්ව සිටියේය. ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමේ අභිලාෂයෙන් ජාතික රාජ්‍ය සභාවේ විපක්ෂ නායක ධුරයෙන් සහ තමා නියෝජනය කළ අංක 04 දකුණු කොළඹ ආසනයේ පළමු වන මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස් වීමට තීන්දු කිරීමෙන් අනතුරුව නිකුත් කළ දීර්ඝ වූ නිවේදනයේ මෙසේ ද සඳහන් විය. 


ප්‍රජාතන්ත්‍රවාදී රටක පොදු ජනතාව උත්තරීතර වෙයි. මහා මැතිවරණයේදී ජනතාව තමන් සතු පරමාධිපත්‍යය ක්‍රියාත්මක කොට පෙන්වයි. ඒ අවස්ථාවේ දී ඔවුහු නියමිත කාලයක් සඳහා තමන් කැමති රජයක් පිහිටුවීමට හැකි වන පරිදි තමන්ගේ නියෝජිතයන් උත්තරීතර ව්‍යවස්ථාදායකයට පත් කර ගනිති. ජනතාව ඇතැම් පිළිගැනීම් හා අවබෝධයක් මත තමන්ගේ ඡන්දය පාවිච්චි කරති. එයින් එක් පිළිගැනීමක් නම් තමන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ නිදහස වෙනස් නොකෙරේය. යන්නයි.

1970 මැයි 27 දින පැවැත්වුණ මහා මැතිවරණයෙන් ද ජනතාව තමන් සතු උත්තරීතර අයිතිවාසිකම් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදී උරුමයන් පිළිබඳ ව්‍යවස්ථාදායකයෙහි නිල කාලය පිළිබඳව සමගි පෙරමුණ දුන් වරම කුමක්ද? පැහැදිලි වශයෙන්ම පස් අවුරුදු කාලයක් සඳහා එම වරම දෙන ලද්දේ වෙයි. පස් අවුරුදු කාලයට පසු එනම් 1975 හෝ ඊට පළමු තමන්ට අභිමත නව රජයක් පත් කර ගැනීමට ජනතාව බලාපොරොත්තු වූ බව අතැඹුලක් සේ පැහැදිලිය. 


එම ප්‍රකාශයේ තවදුරටත් මෙසේ සඳහන් විය. “1975 දී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් 1975 දී තමන්ගේ උත්තරීතර අයිතිය විදහා දක්වමින් මහජනතාවට තමන්ගේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දෙන බවත් සමගි පෙරමුණු රජය විසින් මහජනතාවට සහතික කොට ප්‍රකාශ කර ඇත. ජනතාව තමන්ගේ නියෝජිතයන් පත් කර ගන්නේ සදාකාලයටම නොවේ. තෝරා පත් කර ගත් මන්ත්‍රීවරයන්ට අභිමත ලෙස හා අත්තනෝමතික ලෙස වෙනස් කර ගත හැකි කාල සීමාවකට හෝ නොවේ. ජනතාව ඡන්දය දෙන අවස්ථාවේ දී පිළිගැණුන නියමිත කාල සීමාවක් සඳහායි. 1970 දී මේ රටේ ජනතාව ඡන්දය දෙනවිට එවකට පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නැවත 1975 වර්ෂයේදී මහා මැතිවරණයක දී ඡන්දය දීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔවුනට තිබුණ අතර, එසේ ඡන්දය දුන් ජනතාව එවැනි අයිතියක් ඇති බව දැනගෙන ද සිටියහ. සියලුම ඡන්ද අපේක්ෂකයන් ඡන්දදායකයන්ගේ සහයෝගය ලබා ගත්තේ ද මෙම පදනම මතය. සමගි පෙරමුණේ නායිකාව ද මෙම පදනම මත ජනතාවගේ ඡන්දය අපේක්ෂා කළාය. 


පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය මත ජේ. ආර්. ජයවර්ධන මහතා දකුණු කොළඹ මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීමේ උණුසුම් ප්‍රවෘත්තිය 1975-05-15 දින “ලංකාදීප” පුවත් පත වාර්තා කර තිබුණේ මෙසේය.

 

මතු සම්බන්ධයි.

 

 

ජී. ආර්. ඩී. බණ්ඩාර

 



අදහස් (0)

ඉල්ලා අස් වී යළිත් මන්ත්‍රී වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17391 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site