IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ව්‍යවස්ථා සම්මතයේ රාජපක්ෂ ‘තියරිය’

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුළෙත් මත ගැටුමක් ඇතිවුණා. මේ ව්‍යවස්ථා සංශෝධනය පිටුපස එක්සත් ජාතික පක්ෂය කැඩීමේ සැලසුමකුත් යනවා කියලා අපිට තේරුම් ගියා. මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්න අවශ්‍ය තුනෙන් දෙකේ බලය මහින්ද රාජපක්ෂට තිබුණේ නෑ. තුනෙන් දෙක ගන්න නම් තවත් මන්ත්‍රීවරු හය හත් දෙනෙක් අවශ්‍ය වෙලා තිබුණා.

ඒ අතරෙ අපිට ආරංචි වුණා ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරෙම ඔවුන් යු.එන්.පී. එකෙන් මන්ත්‍රීවරු කීප දෙනෙක් ඔවුන්ගේ පැත්තට ගැනීමේ සූදානමක් තියෙනවා කියලා. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මේ පිළිබඳ සාකච්ඡාව ආවාම බහුතරයක් තීරණය කළේ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙනවා කියලා. හැබැයි අපි මේකට විරුද්ධ වෙනවා කියලා තීරණය කරද්දී ලක්ෂ්මන් සෙනෙවිරත්න, අර්ල් ගුණසේකර වගේ අය කිව්වේ අපි 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වෙන්න ඕනෑ කියලා. එතකොටම අපිට තේරුණා මේ අය මහින්ද රාජපක්ෂලා එක්ක යම් එකඟතාවකට ඇවිත් තමයි මේ වගේ දෙයක් කියන්නේ කියලා. අපි හිතුවා මීට අමතරව තවත් මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ අදහසේ ඇති කියලා. 


අපි දැනගෙන හිටියා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන්න බෑ කියලා. ඒත් අපිට අපේ විරෝධය පළ කරන්න ඕනෑකම තිබුණා. අපි ලක්ෂ්මන්ටයි අර්ල්ටයි කිව්වා මේක. අපිත් එක්ක විරුද්ධ වෙන්න බැරිනම් නිශ්ශබ්දව ඉන්න කියලා. නමුත් ඒ අය කිව්වේ ඒකට සහාය දෙන්නම ඕනෑ කියලා. අපි තීරණය කළා මේක පාර්ලිමේන්තුවට ගෙනාවාම මේ විවාදයට සහභාගී වෙන්නෙන් නෑ කියලා. අපිට ඕන වුණා රටේ මිනිසුන්ටත් දැනෙන්න මේකට විරෝධතාවක් පළ කරන්න. 


මේ වෙලාවේ දයාසිරි ජයසේකර යෝජනා කළා එදාට අපි පාර්ලිමේන්තුවේ එළියේ විරෝධතාවන් සූදානම් කරමු කියලා. දයාසිරිගේ යෝජනාව වුණේ මේක අඛණ්ඩව උපවාසයක් විදියට කළ යුතුයි කියලා. අපේ අය ඒකට ඒ තරම් කැමති වුණේ නෑ. මොකද අඛණ්ඩ උපවාස කිරීම දුෂ්කර වැඩක් නිසා. 


අපි එදා මේ පනත ගේන වෙලාවේ විරෝධය දක්වලා පාර්ලිමේන්තුවෙන් පිට වෙලා එන කොට යු.එන්.පී. එකේ අපේ කීප දෙනෙක් ආවේ නෑ. ඒ අය අතරේ ලක්ෂ්මන් සෙනෙවිරත්න, අර්ල් ගුණසේකර, උපේක්ෂා ස්වර්ණමාලී, ප්‍රභා ගනේෂන්, දිගම්බරන් වගේ කීප දෙනෙක් හිටියා. අපි එනකොට දැන ගත්තා රහස් සාකච්ඡාවෙ මේ අය ඉඳලා තියෙන බව.


අපි කණ්ඩායම එළියට ඇවිත් පාර්ලිමේන්තුවේ එළියෙ තියෙන පොඩි තැටියක්  වගේ තියෙන තැන උපවාසය පටන් ගත්තා. කාටවත් මේක පේන්නෙත් නෑ. දයාසිරිගෙ ඉල්ලීම අනුව අපි හැමෝම කළු කමිස ඇඳගෙන වාඩිවෙලා උපවාසය කළා. අපි මෙතන ටික වෙලාවක් ඉන්න කොට දි. මු. ජයරත්න එතෙන්ට ආවා. එතකොට එයා තමයි අගමැති. දි. මු. ඇවිත් අපිට කිව්වා ‘අයියෝ ඔය උපවාසේ තේරුමක් නෑ පනත සම්මත කර ගන්න. එක වළක්වන්න බෑ. ඒක ඔය උපවාසය අත ඇරලා දාලා යන්න කියලා. අපිටත් තේරුණා මේක තේරුමක් නැති වැඩක් කියලා. අපි හවස මේක අතඇරලා විසිරිලා ගියා. අපිට මේකට විරෝධය පළ කරන්න වෙන විකල්පයක් තිබුණෙත් නෑ. ආණ්ඩුව කොහොම මරි තුනෙන් දෙක හදාගෙන තිබුණු නිසා අපිට මුකුත් කරන්න පුළුවන්කමත් තිබුණෙත් නෑ. ඔහොම තමයි මහින්ද රාජපක්ෂ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ.

 

 


තව කොටසක් ලබන සතියට.

 

 

 

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

ව්‍යවස්ථා සම්මතයේ රාජපක්ෂ ‘තියරිය’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site