IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


විජමුගෙ කොළ කැඳ

  • කලකට ඉහත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ නීති නිලධාරියෙකු වූ විජමු ලොකු බණ්ඩාර එවැන්නෙකි. තමන්ගේ නම පවා සිංහල ඌරුවට අනුව සකසාගෙන තම සමකාලීනයන්ට වඩා වෙනස් ගමනක් යමින් සිටි ඔහු වරක් කොල්ලුපිටියේ එජාප මූලස්ථානය වෙත ගොස් තිබුණේ එවකට පුරප්පාඩුවී තිබූ හපුතලේ එජාප ආසන සංවිධායක ධූරය බලාපොරොත්තුවෙනි. එදින පැවැති එම සම්මුඛ පරීක්ෂණයට පැමිණි ටයි කෝට් කාරයන් අතර සිටි ජාතික ඇඳුමෙන් සැරසුණු තරමක් මිටි පුද්ගලයා දෙසට එවකට එජාප නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අවධානය යොමු වූයේ නිරායාසයෙනි.

 

විවිධ වර්ගයේ කොළකැඳ පානය කිරීමට ශ්‍රී ලාංකිකයන් හුරුපුරුදුවී සිටියේ අනාදිමත් කාලයක සිටය. ගොටුකොළ හාතවාරිය කොහිල වැල් පෙනෙල වැනි ඖෂධීය කොළ සහ අල වර්ග කොටා යුෂ මිරිකා ඊට හාල් මිටක් ද එකතු කර සකසන ලද කොළ කැඳ කෝප්පයක රසය දෙගුණ වූයේ උක් හකුරු කැබැල්ලක් විකමින් එය පානය කරන විටය.
එලෙස සකසන ලද කොළකැඳ කෝප්පයක් පානය කර දවසේ සුපුරුදු ගොවිතැන් කටයුතු අරඹන අපේ පැරැන්නන්ට එමගින් ලැබුණු ජීව ශක්තිය මුළු දවස පුරාම සිරුර තුළ රැඳී තිබුණේය. එසේ වුවද රට පරාධීනත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලාංකික ජනතාවට කොළකැඳ වැනි දේශීය පාන වර්ග ක්‍රමයෙන් අමතක වී ගියේ සුද්දන් විසින් මෙරටට හඳුන්වා දුන් තේ සහ කෝපිවලට ඔවුන් ඉතා ගිජු ලෙස ඇබ්බැහි වීමෙනි. එය නව යටත් විජිතවාදයේ අනිටු ප්‍රතිඵලයක් විය. එහෙත් සුද්දන්ගේ බය ප්‍රගුණ කර තිබුණත් තමන්ගේ සිංහලකම අමතක නොකළ ශ්‍රී ලාංකිකයන් ඉතා සුළු පිරිසක් හෝ අප අතර සිටි බවත් පාරම්පරික දේශීය ආහාර පානවලට ඔවුන් දැඩි ප්‍රියමනාපයක් දැක්වූ බවත් කලාතුරකින් හෝ අසන්නට ලැබුණේය.


කලකට ඉහත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ නීති නිලධාරියෙකු වූ විජමු ලොකු බණ්ඩාර එවැන්නෙකි. තමන්ගේ නම පවා සිංහල ඌරුවට අනුව සකසාගෙන තම සමකාලීනයන්ට වඩා වෙනස් ගමනක් යමින් සිටි ඔහු වරක් කොල්ලුපිටියේ එජාප මූලස්ථානය වෙත ගොස් තිබුණේ එවකට පුරප්පාඩුවී තිබූ හපුතලේ එජාප ආසන සංවිධායක ධූරය බලාපොරොත්තුවෙනි. එදින පැවැති එම සම්මුඛ පරීක්ෂණයට පැමිණි ටයි කෝට් කාරයන් අතර සිටි ජාතික ඇඳුමෙන් සැරසුණු තරමක් මිටි පුද්ගලයා දෙසට එවකට එජාප නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අවධානය යොමු වූයේ නිරායාසයෙනි.


මුන්නැහේ ඩබ්ලිව්. ජේ. එම්. ලොකු බණ්ඩාර නේද?


එජාප නායකයා තමන්ගේ මේසය මත තිබූ ලිපි ගොනුව දෙස බලාගෙන එසේ අසද්දී නැහැ සර් මම විජමු ලොකු බණ්ඩාරයි කී ඔහු එසැණින් එය නිවැරදි කළේය.


හපුතලේ එජාප ආසන සංවිධායක ධූරය සඳහා පැවැති එම සම්මුඛ පරීක්ෂණයට පැමිණි වැඩිදෙනෙකු ප්‍රදේශයේ දළකාරයන් බව ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් වලින් හා හැසිරීමෙන් ලොක්කාට ඒ වනවිටත් වැටහී ගොස් තිබුණේය. එහෙත් විජමුගෙන් ඔහුට පෙනුණේ ඊට වඩා වෙනස් නැණවත් බවකි. එජාප නායකයාගේ සිත ඔහු වෙත ඇදී ගිය තවත් කරුණක් වූයේ විජමුට විරුද්ධව පෙත්සමක් ඒ වනවිටත් තමන් වෙත ලැබී තිබීමයි. ඔහුගෙන් තවත් ප්‍රශ්න කීපයක් ඇසූ එජාප නායකයා තම තීරණය පසුව දැනුම් දෙන බව කියමින් සම්මුඛ පරීක්ෂණය හමාර කළේය.


එම සම්මුඛ පරීක්ෂණය ගැන එතරම් විශ්වාසයක් නොතැබූ විජමු එදිනම සවස කෝච්චියෙන් ගෙදර ගියේය. කෙසේ වෙතත් ඊට සතියකට පමණ පසු එජාප මූලස්ථානයෙන් ඔහු වෙත ලැබුණු ලිපියකින් දැනුම් දී තිබුණේ හපුතලේ එජාප ආසන සංවිධායක ධූරය සඳහා තෝරා පත්කරගෙන තිබෙන බවයි.


තමන්ගේ එම තීරණය සියයට 100 කින්ම නිවැරදි බව ජේ. ආර්. ටම පසක් වූයේ 1977 මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවය. තම ප්‍රධාන ප්‍රතිවාදියා වූ ශ්‍රීලනිපයේ එච්. එම්. සී. දිසානායක මහතා වැඩි ඡන්ද 3372 කින් පරාජය කළ විජමු හපුතලේ අසුන පහසුවෙන්ම දිනාගෙන තිබුණේය. ඔහු තමන් මුහුණ දුන් ප්‍රථම මහ මැතිවරණයේදී ඡන්ද 10,818ක් ලබාගෙන තිබුණේ නව ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් සඳහා සුදුසුකම් සපුරාලමිනි


අභිනව එජාප ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට ද අවශ්‍ය වූයේ විජමුට වැඩක් කළ හැකි ඇමැති ධූරයක් ලබාදීමටය. එහෙත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඒවන විටත් කැබිනට් ඇමැති ධූර බෙදාදී තිබුණ බැවින් ලොක්කා තවත් ටිකක් කල් ගත්තේ නියෝජ්‍ය ඇමැති ධූරයකට වඩා වැඩි තනතුරක් ඔහුට ලබා දීමටය. පසුව 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු මෙරට විධායක ජනාධිපති ධූරයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා විජමු තම හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත හැකි අන්දමේ දේශීය වෛද්‍ය අමාත්‍ය ධූරයට පත්කරන ලද්දේ දෙවරක් නොසිතමිනි.


“ලොකු බණ්ඩාරට යමක් කරන්න පුළුවන් බව මට තේරෙනවා. ඒ නිසා තමයි මම මේ ව්‍යාපෘති ඇමැතිකමක් හදල තමුන්ට දුන්නේ.” යි ලොක්කා තමන්ට දේශීය වෛද්‍ය ඇමැති ධූරය ලබාදෙමින් කී කතාව ඔහුගේ බොක්කටම වැදී තිබුණේය. ඒ සමගම ඔහු ඉටාගත්තේ තම අමාත්‍යංශයෙන් රටට සහ ජනතාවට ප්‍රයෝජනවත් අන්දමේ අලුත් වැඩක් කළ යුතු බවය.


ඒ කාලේ දේශීය වෙදකම බොහොම අඩු මට්ටමකිනුයි සැලකුණේ. ඉතින් මට හිතුණා දේශීය වෙදකම ඉහළ තලයකට පත් කිරීමේ මුල් පියවරක් හැටියට කොළකැඳ පානය ජනතාව අතර ප්‍රචලිත කළ යුතුය කියලා. ඒ සැරේ මම දේශීය වෛද්‍යවරුන් අමාත්‍යංශයට කැඳවලා ඒ අයගේ උපදෙසුත් අරගෙන දේශීය කොළ වර්ග යොදා කොළ කැඳ හදලා මුලින් කොළඹ නගරයේත්, පසුව තදාසන්න නගරවලත් කොළකැඳ අලෙවිසල් පිහිටුවනු ලැබුවා. ඊළඟට මම පාර්ලිමේන්තුවේ ඇමැතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ කැන්ටින්වල කොළකැඳ නොමිලේ බොන්න දුන්නා හකුරු කැටයකුත් එක්ක. හැබැයි මුල් දිනවල නං වැඬේ අසාර්ථකයි. දෙතුන් දෙනෙක් තමයි කොළකැඳ බිව්වේ. මුට්ටි ගණන් ඉතුරුවෙලා අහක දැම්මා.


ඔහු එසේ කියන්නේ තමන්ගේ කොළකැඳ ව්‍යාපෘතියට මුල පිරූ අන්දම ගැනය. මේ අතර ඇතැම් ඇමැතිවරුන් තමන්ට කොළකැඳයායි නමක් පටබැඳ තිබෙන බව ද විජමුට අසන්නට ලැබුණේය. එහෙත් ඔහු එය සිතින් අමතක කර දැම්මේ දුදනන්ගේ සමච්චල් ලෙස සිතමිනි.


මේ අතර ඇතැම් මැති ඇමතිවරුන්ට ද පෙනෙල කැඳ වැනි කැඳ වර්ග ක්‍රමයෙන් රස වැටී තිබුණේය. කලින් කොළ කැඳ හට්ටිය දෙස බලා මූණ ඇඹුල් කරගෙන ආපසු හැරී ගිය ඇතැම් මැති ඇමැතිවරුන් තනි තනිවම පැමිණ කොළකැඳ කෝප්පය උගුරට දෙකට හිස්කර හොර බළලුන් සේ ආපසු යන බව අසන්නට ලැබුණේ මේ අතරතුරය.
දිනක් විජමු තම රාජකාරි අවශ්‍යතාවක් සඳහා උදේ පාන්දරින්ම කොළඹ වෝඞ් පෙදෙසේ පිහිටි බ්‍රෙමාර් මන්දිරයට ගියේය. ඔහු එහි යනවිටත් ලොක්කා සිටියේ දුම් දමන කොළ කැඳ කෝප්පයක් මදින් මද තොල ගාමින් එදින නිකුත් වූ ඇත්ත පුවත්පත කියවමිනි.


“ලොකු බණ්ඩාර ගේ කොළකැඳ ව්‍යාපාරය බොහොම අපූරුයි. ඔන්න දැන් අපේ ගෙදරත් උදේට බොන්න කොළකැඳ හදනවා.” යි කී ජයවර්ධන ජනාධිපතිතුමා විජමුගේ කොළකැඳ ව්‍යාපාරය ඉහළින්ම පාරට්ටු කළේය.

 

 


නිහාල් ජගත් චන්ද්‍ර
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

විජමුගෙ කොළ කැඳ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 368 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16623 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 632 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site