IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලෝකයේ පළමු අගමැතිනිය තරග කළ පළමු මැතිවරණය

1959 සැප් 26 වැනිදා එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනයත් සමග ශ්‍රීලනිපක්ෂයේ නායකත්වය අයාලේ යද්දී එහි ප්‍රතිඵලයක් ලෙස 1960 මාර්තු 19 මහ මැතිවරණයෙන් ශ්‍රී.ල.නි.ප.ය.ට ජය ගත නොහැකි විය. ඒ තත්ත්වය අවබෝධ කර ගත් මෙරට ජාතිකවාදී ප්‍රභූ ජනතාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පක්ෂ නායකත්වය ගන්නා ලෙස කරන ලද ඉල්ලීම අනුව එතුමිය 1960 ජූලි 20 මහ මැතිවරණයට නායකත්වය දුන් නමුත් ඡන්ද කොට්ඨාසයකට තරග නොකළාය. එම මැතිවරණයේදී ඇයගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය වමේ පක්ෂ සමග ඇති කර ගත් නිතරඟ ගිවිසුම අනුව විශිෂ්ට ජයක් අත් කර ගත්තේ ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස කිරුළ ද හිමි කර ගෙනය. 
 
ඇය පාර්ලිමේන්තු කොට්ඨාසයකට තරඟ නොකළත් සෙනට් මන්ත්‍රී මණ්ඩලය හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලයට පාර්ලිමේන්තුව මගින් තෝරා පත් කර ගනු ලැබීම නිසා අග්‍රාමාත්‍ය ධුරය දැරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්නා ලදී.
 
එසේ පිහිටුවා ගත් රජය 1962 ජනවාරි 27 වැනි දින හමුදා කුමන්ත්‍රණයකින් පෙරළා දැමීමට ගත් උත්සාහය කඩිනමින් ව්‍යර්ථ කරන ලද අතර තෙල් ජන සතුව, පාසල් රජයට පවරා ගැනීම, ඉන්දු - ලංකා ප්‍රශ්නය විසඳීම, කච්චතිව් දූපත ලංකාවට ලබා ගැනීම,  කර්මාන්ත විප්ලවයක් සිදු කිරීම ආදිය නිසා ප්‍රතිගාමීන් නැවත දේශපාලන කුමන්ත්‍රණයන් මගින් 1964 දෙසැම්බර් 04 වැනි දින පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පරාජය කරමින් නව මැතිවරණයට දොරටු විවෘත කර ගත්තේය. 
 
මේ අනුව ශ්‍රී ලංකාවේ 06 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගැන්ම පිණිස 1965 ජනවාරි 11 නාම යෝජනා භාරගත් අතර මැතිවරණය 1965 මාර්තු 22 දිනට දින නියම කෙරිණ. නව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 1965 අප්‍රියෙල් 05 දිනට යොදා ගන්නා ලදී. මධ්‍යස්ථාන 32 කදී අපේක්ෂකයින් 494 දෙනෙක් නාම යෝජනා භාර දුන් අතරම එදිනට දකුණු කොළඹ ආසනය සඳහා ලංකා සමසමාජ පක්ෂයේ බර්නාඞ් සොයිසා සහ එක්සත් ජාතික පක්ෂයේ ජේ. ආර්. ජයවර්ධන නිතරඟයෙන් තේරී පත් වූහ. දේශපාලන පක්ෂ 09 ක් මැතිවරණයට සුදුසුකම් ලැබූ අතර ශ්‍රීලනිපය ආසන 100 සඳහාත් ලංකා සමසමාජ පක්ෂය ආසන 25 කට හා කොමියුනිස්ට් පක්ෂය ආසන 09 නිතරග ගිවිසුම යටතේ තරග කළේය. 
බණ්ඩාරනායක මැතිණිය ප්‍රථම වරට අත්තනගල්ල ආසනය සඳහා නාම යෝජනා භාර දුන්නාය. අත්තනගල්ල ආසනයේ ඡන්ද ප්‍රතිඵල මෙසේ විය. 
 
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රීලනිප 26,150 
ඒ. ඩබ්. ජී. සෙනෙවිරත්න එ.ජා.ප. 9615 
ජේ. කස්තුරිආරච්චි ම.එ.පෙ. 288 
යූ. එච්. ඩී. ඇස්. විජේතුංග ස්වාධීන 185 
වැඩි ඡන්ද 16,535 
 
මෙසේ ඉහළ වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අත්තනගල්ල ආසනය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දිනා ගත්තන් රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන ප්‍රමාණයක් නොලැබුණි. එජාපක්ෂය තනිවම ආසන 66 ලබා ගත් අතර ශ්‍රීලනිපක්ෂයට ලැබුණේ ආසන 41 කි. ලංකා සමසමාජ පක්ෂයට 10 හා කොමියුනිස්ට් පක්ෂයට 04 ලෙස මුළු සංඛ්‍යාව 55 කි. මේ අනුව එ. ජාතික පක්ෂය වෙනත් ද්‍රවිඩ පක්ෂ හා එක් වී ආණ්ඩුවක් පිහිටුවන ලදී. මෙලෙස ලෝකයේ ප්‍රථම අගමැතිනිය ප්‍රථම තරගයේදීම ජයගත්තත් ආණ්ඩුවක් පිහිටු වීමට නොහැකි විය.
 
 
 
 
බණ්ඩාරගම සමරසේන මුදලිගේ
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (1)

ලෝකයේ පළමු අගමැතිනිය තරග කළ පළමු මැතිවරණය

Royfedricks Monday, 27 May 2019 02:08 AM

කච්චතිව් දුපත ලංකාවට ලැබුනේ 1970 බලයට පත්වූ සමගි රජය යටතේදිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site