රන්ජන් විජේරත්නගෙ පෞද්ගලික සහකාර විදියට කටයුතු කිරීමෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂම දේ තමයි වෙලාවට වැඩ කිරීම සහ පිළිවෙළට වැඩකිරීම. හරිම පිරිසිදුවට ඔහුට වැඩ තියෙන්න ඕනෑ.
උදාහරණයකට කියනවානම් ඒ කාලේ දැන් වගේ පරිගණක තිබුණෙ නෑනේ. ඒ කාලේ ඔක්කොම වැඩ කළේ ‘ටයිප් ටයිටර්වලින්” ‘ටයිප් රයිටරෙන්” ටයිප් කරලා සකස් කරපු කිසිම ලියවිල්ලක ටිපෙක්ස්කරලා තියෙනවට රන්ජන් විජේරත්න කැමති නෑ. කොච්චර වැදගත් ලියුමක් වුණත් ‘ටිපෙක්ස්’ කරලා තිබුණොත් විසි කරනවා. ඒක අලුතින් සකස් කරලා දිය යුතුමයි. ඒ වගේ පොඩි දේවල් ගැන පවා හරිම සැලකිල්ලක් තිබුණා හරිම “නීට්” එකට වැඩ කරපු කෙනෙක්. රන්ජන් විජේරත්න වැඩ කරන විදිය දිහා බලල මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
මේසේ උඩ කොළ කෑල්ලක්වත් තියා ගන්නෙ නැතුව දවසෙම වැඩ හරි සැලසුමකට කරගෙන ගියා. ඔහුට එන ලියුම් සියල්ලට ඔහු අවධානය යොමු කරනවා. ඒක හරි වැදගත් කාරණයක්. ඔහුට එන ලියුම්වල ප්‍රමාණය නිසාම ගොඩක් ලියුම් කියවන්නේ වාහනේ යන එන ගමන් මම. ඔහුත් එක්ක ඒ ලියුම් අරගෙන වාහනේට ගොඩවෙනවා. එකින් එක බලලා මට කියනවා. ‘නෝට්’ එකක් දාගෙන ඒ හැම ලියුමකටම අවශ්‍ය පියවර ගන්න කියලා. ඔහු ඒ හැම දේකටම උපදෙස් දෙනවා වේගයෙන්. ඒක නිසාම ඒවා ‘රෙකෝඞ්’ කරගන්න මම රෙකෝඩරයක් ළඟ තියාගෙනයි හිටියේ. වැඩ ප්‍රමාද වෙනවට ඔහු කැමති වුණේ නෑ.
ප්‍රේමදාස ආණ්ඩුව පත්වෙද්දී ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගෙන නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිකමයි විදේශ ඇමතිකමයි දුන්නා. මේ වෙද්දි ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය දරුණුවටම හිස ඔසවමින් තිබුණේ. මේ භීෂණය මැඩපවත්වන රාජකාරිය පැවරුණේ රන්ජන් විජේරත්නට. ඔහු ඒක කරපු ආකාරය ගැන ඒ කාලේ නොයෙකුත් විවේචන ආවා. එක දවසක් පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙලා මේ භීෂණකාරී තත්ත්වය ගැන කතාබහ කරන්න පටන් ගත්තා. එතකොට අපි පසුපෙළ මන්ත්‍රීවරු. ගාමිණී දිසානායක ඒ රැස්වීමේදී නැගිටලා ඒ වෙනකොට රටේ සිදුවෙමින් තිබුණ මනුෂ්‍ය ඝාතන ගැන දැඩි විවේචනයක් ඉදිරිපත් කළා. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වගේ ඒවා ආයුධ සන්නද්ධ කල්ලියක් විදියට හැසිරෙමින් විවිධ සිදු වීම් කළත් ආණ්ඩුවත් ඒ විදියටම සන්නද්ධ කල්ලි විදියට වැඩ කරන්න යන එක හොඳ නෑ කියලා ගාමිණී දිසානායක කිව්වා. ආණ්ඩුවත් හන්දි ගානේ මිනීමරන්න යන එක හොඳ දෙයක් නෙවෙයි කියල ඔහු තදින්ම කියා හිටියා.
ගාමිණී දිසානායක එහෙම කිව්වේ ඒ වෙද්දී විවිධ සන්නද්ධ කල්ලි ක්‍රියාත්මක වුණු නිසා. ප්‍රා කල්ලිය, කහ බළල්ලු, කළු බළල්ලු, කොළ කොටි වගේ නම්වලින් විවිධ කල්ලි ක්‍රියාත්මක වුණා. ඒවා ආණ්ඩුවේ හස්තයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා තමයි කියවුණේ. ගාමිණී දිසානායකගෙ මේ කතාවට රන්ජන් විජේරත්න කෝපාවිශ්ට වුණා. ඔහු නැගිටලා කිව්වා ‘මේ විදියට නැතුව මේක මර්දනය කරන්න ක්‍රමයක් නෑ, සන්නද්ධ කල්ලිවලට උත්තර දෙන්න ඕන ඒ විදියටම තමයි. එහෙම නැතුව වෙන ක්‍රමයකට මේ භීෂණය නවත්තන්න කාට හරි පුළුවන්නම් වැඬේ බාරගන්න කියල රන්ජන් විජේරත්නගෙ මේ කතාවට උත්තර දෙන්න ගාමිණී දිසානායක නැගිටින්න හදනකොටම ජනාධිපති ප්‍රේමදාස මැදිහත් වුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමා දැඩි විදියට මෙතෙන්දි ගාමිණී දිසානායකට දෝෂාරෝපණය කළා. තදින් බැණවැදිලා ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්වා “මමයි ජනාධිපති. ගාමිණීට මගේ නායකත්වය යටතේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්නම් ඉන්න බැරිනම් යන්න” කියලා. මේ ගැන මින් එහාට කිසිකෙනෙකු කිසි දෙයක් කතා කරන්න බෑ කියලා නියෝග කළා ප්‍රේමදාස ජනාධිපතිතුමා. මේ සිදුවීමත් එක්ක තමයි මම හිතන්නේ ගාමිණී දිසානායක සහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අතර ගැටුම දරුණු අතට හැරුණේ.
තව කොටස් ලබන සතියට.
ප්‍රියන්ත කොඩිප්පිලි
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රන්ජන් ගාමිණී ඇවිලෙති
නිකමා Tuesday, 01 May 2018 10:21 PM
අපරාදේ මෙහෙම නායකයෝ අපේ රටට නැති උනේ. ගාමිණී, ලලිත්, රන්ජන් විජේරත්න, ප්‍රේමදාස මේ අය ඔක්කොම විශිෂ්ට නායකයෝ. දැන් ඉන්න නායකයෝ කාර්ඩ්බෝර්ඩ් නායකයෝ.