IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තිස්සට නිමල්ගෙන් කැපිල්ලක්

 

පැනමාවේ පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්මේලනය හා මානව හිමිකම් කොමිසමේ රැස්වීමට සහභාගි වීම හා ඒ හා බැඳුණු සිදුවීමත් විශේෂ කාරණයක්. මේ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අපි කණ්ඩායමක් සහභාගි වුණා.


මේකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළේ මමත්, ජයලත් ජයවර්ධනත් ඇතුළු කීප දෙනෙක්. ආණ්ඩුව වෙනුවෙන් ඒකට සම්බන්ධ වුණේ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක්. මම ඇත්තටම ගියේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසියටම නෙවෙයි. මම ගියේ ඒකට සමගාමීව පැවැත්වුණු ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමට සහභාගි වීමේ අරමුණෙන්. ඒකට සහභාගි වෙන්න දැඩි අවශ්‍යතාවක් ඇතිවුණේ පක්ෂයක් විදියට අපිට එල්ල වුණු විවිධ පීඩාකාරී තත්ත්වයන් නිසා. ආණ්ඩුව ඒ වෙද්දී අපිට විවිධ තර්ජනයන් එල්ල කරමින් සිටියේ. ඒ නිසා අපේ දේශපාලන අයිතීන් උල්ලංඝනය වුණු අවස්ථා පවා තිබුණා. මේ පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කිරීමේ වුවමනාවක් අපිට තිබුණා. මම ඒකට යන්න කලින් ජයලත් ජයවර්ධන හරහා මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්ගෙන් අනුමැතියක් අරගත්තා. ඒ අනුව තමයි මම සහභාගි වුණේ.


අපි ටිකක් කලින්ම රැස්වීම පැවැත්වෙන ස්ථානයට ගියා. අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කරලා ලියාපදිංචි වීම එහෙමත් කරලා අපි රැඳී හිටියා. එතැනදී මට දැනගන්න ලැබුණා මගේ සහභාගිත්වයට විරුද්ධව නිමල් සිරිපාල ද සිල්වා පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඒ බව දැනුම් දීපු අය මට කිව්වේ මේ ගැන නිමල් සිරිපාල එක්ක කතාබහ කරන්න නැතිනම් ගැටුමක් ඇතිවෙයි කියලා. මම ඒකට කැමැති වුණේ නෑ. මම නීත්‍යානුකූලව ඒ අවස්ථාවට සහභාගි වෙන්න ඇවිත් හිටපු නිසා මට නිමල් සිරිපාලගෙ එකඟතාවයන් අවශ්‍ය නෑ කියලා මම කිව්වේ. පාර්ලිමේන්තු කණ්ඩායමටත් එන්න නෙවෙයි අපි ආවේ මානව හිමිකම් කවුන්සිල රැස්වීමටනේ.


මගේ පැමිණීමට විරුද්ධව නිමල් සිරිපාල පැමිණිලි කරලා තිබුණේ මට. ඒ අවස්ථාවට සහභාගි වෙන්න දෙන්න එපා කියලා. ඒත් මට මේ සඳහා අවසර පත්‍ර ලැබිලා තිබුණේ. 


මම ඒකට ඇතුළු වෙන්න යද්දිත් මට දැනුම් දුන්නා මගේ සහභාගිත්වයට විරෝධයක් එල්ල වෙලා තියෙනවා කියලා. ඒ නිසා මට උපදෙස් ලැබුණා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමටත් සහභාගි වෙන්න නම් ඒක භාරව ඉන්න කොමසාරිස්ව මුණගැහිලා මේ ගැන සාකච්ඡා කරගෙන එන්න කියලා. මමයි ජයලත් ජයවර්ධනයි ගිහින් කොමසාරිස්ව මුණ ගැහිලා කතා බහ කළා. ඔහු කිව්වේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකයා විදිහට නිමල් සිරිපාල කරපු විරෝධයක් සලකා බලලා පොදුරාජ්‍ය මණ්ඩලීය මන්ත්‍රීවරුන්ගේ සමුළුවට සාමාජිකයෙක් විදියට සහභාගි නොවී නිරීක්ෂණ මට්ටමෙන් සහභාගි වෙන්න අවස්ථාව සලසලා දෙන්නම් කියලා. නමුත් මට මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමට යන එකට කිසිම ගැටලුවක් වුණේ නෑ. 


අපි ඒකට එකඟ වෙලා ඇවිත් පොදුරාජ්‍ය මණ්ඩලීය මන්ත්‍රීවරුන්ගේ සමුළුවට සහභාගි වුණා. නිමල් සිරිපාල ලා මම සහභාගි වෙනවට බය වුණේ ආණ්ඩුව ගෙනියන මානව හිමිකම් කඩ කිරීමේ වැඩ ගැන අපි මෙහි දී කතා කරාවි කියලා. ඒ වෙද්දී ආණ්ඩුව ලංකාවේ පැවැත්වුණු උද්ඝෝෂණවලට පහරදීලා අනතුරුදන් කිරීම් වගේ දේවල් කරමින් හිටියේ. මේවා අපි හෙළිදරව් කරයි කියන බය තමයි නිමල් සිරිපාලලාට තිබුණේ. මේ මොන විරෝධතා ආවත් අපිට අවශ්‍ය පැමිණිලි සියල්ල අපි ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළා.


මේ වැඩකටයුතු ඉවර වුණාට පස්සේ සමුළුව අතරතුරම අපිට නිමල් සිරිපාල ද සිල්වා මූණට මූණ මුණ ගැහුණා. ඒ වෙලාවේ ඉතාම හොඳට ඔහු අපිත් එක්ක කතා බහ කළා. ඔහු හැසිරුණේ කිසිම දෙයක් සිද්ධ නොවුණු ගාණට. ඔහු මොකුත්ම දන්නේ නෑ වගේ තමයි අපිත් එක්ක කතා බහ කළේ. මුල් අවස්ථාවේ දැඩි විරෝධතාවයක් දැක්වූවාට පස්සේ නිමල් සිරිපාලලට ඒ විරෝධය අකුල ගන්න වුණා. අපි අරමුණු කරගෙන ගිය වැඩකටයුතු ටික කරගන්න අපිට අවස්ථාව ලැබුණා.

 


තව කොටසක් ලබන සතියට.

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

තිස්සට නිමල්ගෙන් කැපිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site