IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ටී.බීට වුණු අලකලංචිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙරට රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කළ සමයේ වරක් චීන ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණහ. ඔවුන් එලෙස පැමිණ තිබුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ඊට කලින් වසරේ කරන ලද චින සංචාරයකදි කළ ආරාධනාවක් අනුවය.


එම සම්භාවනීය දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට මාස කීපයකට පෙර සිටම මෙරට ආණ්ඩුව ඔවුන් ඉමහත් හරසරින් පිළිගැනීමට කටයුතු යොදා තිබුණේ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී මැදිහත් වීමෙනි. චීන දූත පිරිස ශ්‍රී ලංකාවේ ගතකරන කාලය තුළ එරට සමග සංස්කෘතික ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතව තිබුණේය.


එකල ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඇමැති ධූරය දරන ලද්දේ ටී. බි. ඒකනායක මහතා විසිනි. ලොක්කා විසින් දෙන ලද උපදෙස් පරිදි ඔහු එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව සිටි අතර ඔහු ඒ වෙනුවෙන් අලුත්ම ජාතික ඇඳුම් කට්ටලයක්ද මසා ගෙන තිබුණේ මෙරට මුල් පෙළේ ටේලර් සාප්පුවකිනි.


විශේෂයෙන්ම ඔහු එසේ කළේ “ටී. බී. ඔයා තමයි චීන තානාපතිතුමන් එක්ක මේ ගිවිසුම අත්සන් කරන්න ඕනෑ” යි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අවස්ථා කීපයකදීම ඔහුට උපදෙස් දි තිබුණ බැවිනි.


“මං ඒ උත්සවය වෙනුවෙන් හොඳ සූට් එකකුත් මස්ස ගත්තා.!”යි කියූ ටී. බි. ඒ සඳහා සුදු පැහැති සිල්ක් ඇඳුමක් තෝරා ගැනීමට විශේෂයෙන් වගබලා ගෙන තිබුණේය. ඔහු එසේ කළේ “ටී. බී. චීන්නු වැඩිපුරම අඳින්නේ කළුපාට ඇඳුම්. ඒ නිසා ඔයාලා සුදුපාට ඇඳුමක් අඳින්න එනකොට ටී.වී.එකේ යන විසුවල්ස් හරි ක්ලියර්” යැයි තම මිත්‍රයෙකු විසින් දෙන ලද උපදෙසක් අනුවය.


“අනික මේ විෂුවල්ස් මුළු ලෝකෙම ප්‍රචාරය කරනවානේ. ඉතින් කාටද ආඩම්බර?”


ඔහු එසේ කියද්දි ටී. බී. ට ලොකු ආඩම්බරයක් සිතට දැනුණේය. චීනය වැනි බලගතු රටක රාජ්‍ය නායකයා සමග එකට හිඳ සංස්කෘතික ගිවිසුමක් අත්සන් කිරීමට ලැබීම තමන් ලැබූ භාග්‍යකැයි හෙතෙම ඒ වනවිටත් මනාව අවබෝධ කරගෙන  සිටියේය.


“යෝජිත ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ මෙරට ජනාධිපති ලේකම් කාර්යාලය තුළදීය. තම රාජ්‍ය නායකයා ඇතුළු මුළු ඇමැති මණ්ඩලයම එම අවස්ථාවට සහභාගි වන බවද ඔහු කල්තියාම ආරංචි වී තිබිණි.
දෙරට අතර සංස්කෘතික ගිවිසුම අත්සන් කිරීමට නියමිත දින උදෑසනින්ම පිබිදුණ ටී. බී. ඒකනායක ඇමැතිවරයා සුපුරුදු පරිදි ජල ස්නානය කොට අලුතින් මසා ගෙන එන ලද ජාතික ඇඳුම් කට්ටලය ඇඟලා ගෙන හැඩබලද්දි තම පාවහන් යුගලයේ බරපතළ නොගැළපීමක් ඇතැයි ඔහුට හැඟුණේ අවසාන මොහොතේදීය.


“ඔව් සර් ඔය සූට් එකට කළු සපත්තු නං කොහොමටවත් ගැළපෙන්නෙ නැහැ තමයි.....”


නිවසේ සිටි තම අතවැසියාද එසේ කියද්දි ඔහුට දවල් තරු පෙනුණේ දෙරට අතර සංස්කෘතික ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබූ සුබ හෝරාවද ළංවෙමින් තිබූ බැවිනි. ඒ අනුව සපත්තු  සාප්පුවකට ගොස් සුදු පැහැති පාවහන් යුගලයක් මිලදි ගැනීමටද කාලයක් ඉතිරි වී නොතිබිණි. තමන් සතුව තවත් පාවහන් ජෝඩු කිපයක්ම තිබුණද ඒවායේ පැහැය තමන් ඇඟලා ගෙන සිටි ඇඳුමට කොහෙත්ම නොගැළපෙන බව ඔහුට පෙනි ගොස් තිබුණේය.


“සර්. මෙන්න මේ සපත්තු දෙකනං අගේට ගැළපෙනවා. ඒත් ඉතින් මෙය සෑහෙන්න පරණයි. හැබැයි සර් කැමැති නං මම මේක සුද්ද බුද්ද කරල දෙන්නං..”


මේ අතර කොහේදෝ මුල්ලක තිබූ දිරාගිය සුදු සපත්තු ජෝඩුවක් සොයාගෙන පැමිණි ටී. බී. ගේ අතවැසියා එය ලොක්කාට පෙන්වද්දි ඔහු දෑස් ලොකුකර ගෙන ඒ දෙස බැලුවේය. වෙලාවේ හැටියට ඒකත් නරක නැතැයි එසැණින් ඔහුගේ සිත කීවේය. 


“වෙන මොනව කරන්නද අයිසේ ඔන්න ඕකවත් ඔ්‍ය මකුණුදැල් දූවිලි එහෙම සුද්ද කරලා ඉක්මනට ගන්නවා....”


ඔහු එසේ කියද්දි එම පරණ සපත්තු ජෝඩුවක් රැගෙන  ගෙතුළට දිවු ගෝලයා විනාඩි දෙක තුනක් ඇතුළත එම පරණ සපත්තු දෙකේ භූමිතෙල් ටිකක් දාලා සුද්ද කර තෙත රෙදි කැබැල්ලකින්ද පිසදමා ලොක්කාගේ දෙපා මුලින් තැබුවේය. 


එම පරණ සපත්තු ජෝඩුව තරමක් දිරාගිය තත්ත්වයක පැවතුණද ඒ ගැන සැලකිල්ලක් නොදැක්වූ ටී. බී. එය වහා පැලඳ ගෙන තම නිල රියට ගොඩවැදුණේ ඒ හැර වෙනත් විකල්පයක් නොවූ බැවිනි.


“කොහොම හරි මම ජනාධිපති ලේකම් කාර්යාලය ළඟින් බැහැලා ඇතුළට යනකොටම වගේ මම දමාගෙන හිටපු එක සපත්තුවක අඩිය ගැලවිලා ගියා. හැබැයි ඒ සපත්තුවේ උඩ කොටස් කකුලට තදවෙලා එහෙමම තිබුණා. ඒත් ඉතින් එහෙම වුණයි කියලා මට හැරිල එන්න පුළුවනැ? එතකොටත් චීන ජනාධිපතිතුමන් ඇවිල්ලා. ඒ සැරේ මම ගිවිසුම අත්සන් කරන්න නියමිතව තිබුණු ශාලාවකට යනකොට අනික් සපත්තුවේ අඩියත් ගැලවිලා ගියා. ඒ අතරේ තමයි මටයි,චීන තානාපතිතුමාටයි ගිවිසුම අත්සන් කරන්න ආරාධනා කෙරුවේ. දැන් ඔන්න අපේ ජනාධිපතිතුමා චීන ජනාධිපතිට මාව අඳුන්වලා  දුන්නා. ඒ සැරේ මම ඉදිරියට ගිහින්චින ජනාධිපතිතුමාට අතටඅතදි ආචාර කරලා ගිවිසුම අත්සන් කිරිමට නියමිතව තිබූ ස්ථානයට ගිහින් ඉඳගත්තා. අනික් පැත්තෙන් ඉඳඟගත්තා. චීන ජනාධිපතිතුමා ඒ සැරේ අපි දෙන්නා ගිවිසුම අත්සන් කරලා පිටපත් දෙක හුවමාරු කරගන්න කොට තමයි මට දැනුණේ මගේ කකුල් දෙකේම ඇඟිලි එළියට පැනලයි කියලා හැබැයි යටිපතුල අර සපත්තු දෙකේ උඩ කොටසින් වැහිලා ඒ අතරෙ මම ටිකක් හරිබරි ගැහිලා ඇඳගෙන හිටපු රෙද්ද ටිකක් පහළට දමාගන්න හැඳුවත් බැරිවුණා. දැන් මාගේ මූණත් රතුවෙලා මුළු ඇඟම දාඩියෙන්  තෙත්වෙලා....!


හිටපු සංස්කෘතික ඇමැතිවරයෙකු වූ ටී. බී. ඒකායක මහතා එසේ කියන්නේ චීන ජනාධිපතිතුමන් හමුවේ තමන් සංස්කෘතික හුවමාරු ගිවිසුමක් අත්සන් කළ අවස්ථාවේ මුහුණ දුන් අනපේක්‍ෂික සිද්ධියක් ගැනය. ඔහු තමන් ඇඳ සිටි සිල්ක් රෙද්ද මඳක් පහළට ඇද දෙපා වසා ගැනීමට තැත් කළද එය මුළුමනින්ම අසාර්ථක උත්සාහයක් විය. ඒ වනවිට ඔහුගේ දෙපාවල ඇඟිලි දහයම එළියට පැන තිබුණේය.එහෙත් ඒ බවක් එහි සිටි කිසිවකු හෝ දැක නැතැයි ඒ සමගම ඔහුට සිතුණේය.


ඔහු එසේ සිතුවද ඔවුන් සිටි ශාලාවේ ඉහළ මාලයක සිට දෙරට අතර සංස්කෘතික හුවමාරු ගිවසුම අත්සන් කෙරෙන ආකාරය රූපගත කරමින් සිටි චීන ප්‍රවෘත්ති ඒජන්සියක කැමරා ශිල්පියෙකු ගේ කැමරා කාචයේ ටි. බී. ගේ දෙපයේ ඇඟිලි දහයම එළියට පැන ඇති අයුරු අපුරුවට සටහන් වී තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික  ඇමැතිවරයා යටිපතුල් නැති පාවහන් යුවළක් පැලඳ චින - ශ්‍රී ලංකා සංස්කෘතික ගිවිසුමක් අත්සන් කළ අයුරු ලෝකය පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයන් සමූහයක් විසින් දැක තිබීමයි. 


“මොකක්ද ඇමැතිතුමා එදා සිද්ධ වුණේ.?“


එම සිද්ධිය රූපරාමුද සහිතව මෙරට විද්‍යුත් මාධ්‍යයෙන් දැක තිබූ බොහෝ දෙනෙක් පී. බී. ගෙන් එලෙස අසා තිබුණා. එවිට ඔහු කියා සිටියේ නිර්ව්‍යාජ සිංහල ගැමියෙකු වූ තමන්ට එලෙස මහ පොළොව මත පය ගසාගෙන සිටීම ලැජ්ජාවක් හෝ මදිපුංචිමක් නොවන බවයි.

 

 

 

 

 

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර

 
 



අදහස් (0)

ටී.බීට වුණු අලකලංචිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 665 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17751 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site