IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ජනපතිවරයා රැවටූ මන්ත්‍රී හා පොලිස් නිලධාරියා

 

ලුණුගම්වෙහෙර යෝජනාක්‍රමය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ බහු වාරි යෝජනා ක්‍රමයකි. මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවටත් මින් සෙත සෑදෙන අතර ශ්‍රී ලංකාවේ වෙනත් විශේෂයෙන් මාතර, ගාල්ල දිස්ත්‍රික්කවල ජනතාවටත් ඉඩම් කොටස් ලබා දෙන ලදී.


යල මහ දෙකන්නයේ කුඹුරු අක්කර 3100ක් වගා වන මෙම ව්‍යාපෘතියේ ජල සම්පාදන යෝජනා ක්‍රමයද ඉතා වැදගත්ය. මා එම පළාතේ මන්ත්‍රීවරයා හා රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ක්‍රියා කරන සමයේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ විශේෂ මගපෙන්වීම යටතේ මෙම යෝජනාක්‍රමය යටතේ පදිංචි දෙමව්පියන්ගේ දූ දරුවන්ට රැකියා ලබාදීමේ අරමුණින් ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ ලුණුගම්වෙහෙර ඇඟලුම් කම්හල ආරම්භ කරන ලද අතර එය 1992 දී විවෘත කරන ලදී. එම විවෘත කිරීමේ උත්සවය ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වශයෙන් මම ඇඟලුම් කම්හලේ අයිතිකරුගේ ද සහායෙන් සංවිධානය කළෙමි.


මෙම උත්සවයට ජනාධිපති ප්‍රේමදාස මහතා පැමිණියේ හෙළිකොප්ටරයෙනි. සවස 3.00ට උත්සවයේ වැඩ ආරම්භ වීමට නියමිතව  තිබූ අතර ජනාධිපතිතුමා උදේ 10.00ට පමණ වීරවිල ගුවන් තොටුපළට පැමිණියේය. (ගුවන් හමුදා) එසේ පැමිණෙන අවස්ථාව වන විට ලුණුගම්වෙහෙර, වීරවිල, තිස්සමහාරාම, පන්නෙගමුව ආදී ප්‍රදේශවල විශාල පොලිස් හට පිරිසක් සංධානගත කර සිටියා. වීරවිල ගුවන් හමුදා කඳවුරට ජනාධිපතිතුමා පැමිණි අවස්ථාවේ මම ද ප්‍රදේශයේ සංවිධායකවරයා වශයෙන් පිළිගැනීමට ගියේය.
එහිදී මා හට ද ජනාධිපතිතුමාගේ වාහනයට නැගීමට සිදු වූයේ එතුමාගේ ඉල්ලීම පරිදිය. එතුමාගේ වාහනයේ මාත් පැමිණෙන ගමන් වීරවිල හන්දියේ සිට එවකට නියෝජ්‍ය පොලිස්පති සුමසේකර මහතා සමග පොලිස් වාහන කීපයක් හා පොලිස් නිලධාරීන් පිරිවරාගත්  ට්‍රක්රථ කීපයක් පසුපසින් ගමනට එක්විය. ජනාධිපතිතුමාගේ වාහනය ආගමික කටයුතු සඳහා තිස්සමහාරාම මහා විහාරයට ගිය අතර පසුපසින් පොලිස් වාහන සියල්ල පැමිණියේය. 


වීරවිල හන්දියේ සිටම ජනාධිපතිතුමා කීවේ “මේ මිනිස්සුන්ට පිස්සුද? මෙහෙම පොලිස් ට්‍රක් පිරිවරාගෙන ගියාම මිනිසුන් මොනවා කියයිද? දොස් කියන්ව හේද? පොලිස් ලොකු නිලධාරීන්ටත් මේවා තේරෙන්නෙ නෑ.” ආදී වශයෙනි. කෙසේ වෙතත් තිස්සමහා පන්සලට ගිය ගමන්ම නියෝජ්‍ය පොලිස්පතිට කථා කළ ජනාධිපතිතුමා හොඳටම දොස් කීවේය. සියලුම පොලිස් නිලධාරීන් හරවා යවන ලෙස කීප විටක්ම කීවේය. පසුව පොලිස් නිලධාරීහු පිටව ගියහ. ජනාධිපතිතුමා සහ මායි අනිත් පිරිසයි ආගමික කටයුතු කර කතරගම ගියෙමු. ජනාධිපතිතුමා කතරගම බංගලාවෙ නතර විය. මා ලුණුගම්වෙහෙර උත්සව භූමියට සංවිධාන වැඩ සොයා බලන්නට පැමිණියෙමි. එතැනට ඩී.අයි.ජී. මහත්තයත් පැමිණ සිටියේය. ඔහු මගෙන් ඇහුව දැන් මොකද කරන්නෙ කියල. ආරක්ෂාව කොහොමද දෙන්නෙ කියල. පොලිස් නිලධාරීන් දැක්කොත් ජනාධිපතිතුමාගෙන් බැණුම් අහන්න වෙනව කියලා ප්‍රකාශ කළේය. 


“අපි පොලිස් ඇඳුමින් නැතිව සිවිල් පිට සියලු පොලිස් නිලධාරින් දමමු කියා මම කීවෙමි. ඩී.අයි.ජී. මහත්තයත් ඒ විධියට කටයුතු කළේය. සවස 3.30ට ජනාධිපතිතුමා රැස්වීමට පැමිණියේය. කිසිම පොලිස් නිලධාරියෙක් පේන්න හිටියෙ නැති නිසා ජනාධිපතිතුමා හුඟක් සතුටු විය. මට කීවා තිස්ස අද කොච්චර හොඳද? පොලිසිය පිරිවරාගෙන ඉන්නෙ නැතුව මෙහෙම වැඩ කරන කොට නේ සාමාන්‍ය ජනතාව පැහැදෙන්නෙ’ කියලා. සිදු වී ඇති දේ මා දන්න නිසා මා සද්ද නැතුව හිටියෙමි.

 

 

 

ජී. තිස්ස කුට්ටිආරච්චි
හිටපු රාජ්‍ය ඇමැති හා හිටපු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ජනපතිවරයා රැවටූ මන්ත්‍රී හා පොලිස් නිලධාරියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 495 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17073 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 683 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site