IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ඇතුගල්පුර පෙරැළිය

 

රත්ගම ආසනය ස්ථාපිත කොට වර්ෂයක් ඇතුළත පවත්වන්නට නියම වූ අතුරු මැතිවරණය සඳහා ඩී. ඊ. තිලකරත්න (ශ්‍රීලනිප) ජේ. එන්. වෛද්‍යරත්න (එජාප) එම්. ජී. මෙන්දිස් (කො.ප.) කේ. අයි. ද සිල්වා (මඑපෙ) යන අපේක්ෂකයෝ ගාල්ල කච්චේරියේදී නාම යෝජනා භාර දුන්හ. 


කුරුණෑගල : ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස කුරුණෑගල ආසනයට තරගකර තුන්වරක්ම ජයග්‍රහණය කළ ඩී. බී. මොන්නෑකුලම මහතා අල්ලස් ලබා ගැනීමේ චෝදනාවලට තල්ගොඩපිටිය කොමිසම  මගින් වරදකරු කරනු ලැබීමෙන් පසු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ හේතුවෙන් අතුරු මැතිවරණයට මග පෑදුනි. 


ඩී. බී. මොන්නෑකුලම මහතා ප්‍රථම වරට දේශපාලනයට අවතීර්ණ වූයේ 1956 තුන් වැනි මහ මැතිවරණයේදීය. පළමු අවස්ථාවේදීම මුළු ඡන්ද 18,598 ද වැඩි ඡන්ද 8359 ද ලබාගෙන විශිෂ්ට ජයග්‍රහණක් සනිටුහන් කිරීමට ඔහු සමත් විය. එවර හිටපු මන්ත්‍රී ඩී. බී. වෙලගෙදර (එජාප) (10,239) සහ එස් ජී. වනිගසේකර (කො.ප. 5284) යන දෙදෙනා ඔහු වෙතින් පරාජයට පත්වූහ.
1960 මාර්තු සහ ජූලි මැතිවරණවලදී පිළිවෙළින් වැඩි ඡන්ද 1492 ක් සහ 1660 ක් ලබාගත් හෙතෙම  1961 වර්ෂයේ මුල් භාගයේදී මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්විය. අධිකරණ තීන්දුවක් නොමැතිව වුවද නීත්‍යානුකූල කොමිසමක් ප්‍රකාශයට පත් කළ තීරණය පිළිගෙන වර්තමානයේදී මෙන් උද්ඝෝෂණ පෙළපාළි හෝ උපවාස නොපවත්වා මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වීමෙන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා ආදර්ශමත් ලෙස ක්‍රියාකළ බව සටහන් කර තැබිය යුතුය. 


කුරුණෑගල අතුරු ඡන්දය සඳහා නාම යෝජනා භාරදුන් අපේක්ෂකයන් මෙසේය. ජයා පතිරණ (ශ්‍රීලනිප) ඩී. බී. වෙලගෙදර (එජාප) ජී. ඩබ්ලිව්. නාරංපනාව (ස්වාධීන) හරිස්චන්ද්‍ර විජයතුංග (ජාවිපෙ) තම්මිට ඒ. ඩී. කුමාරිහාමි (ලංප්‍රප) අපේක්ෂකයන් පස් දෙනකු ඉදිරිපත් වී සිටිය ද මැතිවරණ සටන පැවතියේ ජයා පතිරණ සහ ඩී. බී. වෙලගෙදර යන දෙදෙනා අතරය. ජයා පතිරණ අධිනීතිඥවරයකු වූ අතර හිටපු මන්ත්‍රී (1952 - 1956) ඩී. බී. වෙලගෙදර මහතා වෑඋඩ විල්ලි හත් පත්තුව කොට්ඨාසයේ හිටපු ආදායම් පාලක නිලධාරියා විය. 


මෙම අතුරු මැතිවරණයේ දී ලංකා සම සමාජ පක්ෂය අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියේය. වාමාංශික ප්‍රගතිශීලි කණ්ඩායමට සහාය දැක්වීමේ ස්ථාවරයේ සිටය. ල.ස.ස.ප.ය ඉතා වැදගත් ප්‍රකාශයක් ජනතාවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වූයේ අල්ලස් චෝදනාවලට වැරදිකරුවන් වූ මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් අතුරු ඡන්දයේ අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත් කරන්නේ නම් ඔවුන්ට තම පක්ෂයේ සහාය නොලැබෙන බවය. 


තවත් විශේෂ සිදුවීමක් වූයේ ප්‍රථමවරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අලුත් ඡන්දදායකයන් 20,075 දෙනෙකුට ඡන්දය පාවිච්චි කිරීමේ වරම හිමිවීමය. එම ඡන්ද ප්‍රමාණය මාතලේ 6496 රත්ගම 6465 සහ කුරුණෑගල 7114 වශයෙන් බෙදී ගොස් තිබුණි. අතුරු මැතිවරණය සාමකාමී අන්දමින් පැවැති අතර එවකට මැතිවරණ කොමසාරිස් ඊ. ඇෆ්. ඩයස් අබේසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵල මෙසේය.


1. අංක 35 මාතලේ ඇලික් අළුවිහාරේ (එජාප - අලියා 9687) ටී. ඩී. ගුණරත්න (ශ්‍රීලනිප - අත) 8020 ඩග්ලස් සේනානායක (ලංප්‍රප - ඉර) 113, වැඩි ඡන්ද සංඛ්‍යාව 1667 ප්‍රතික්ෂේප ඡන්ද පත්‍රිකා ගණන 95 ඡන්දය දුන් මුළු ගණන 17,915 ලියාපදිංචි ඡන්දදායකයින්ගේ මුළු ගණන 27,235


2. අංක 60 රත්ගම ඩී. ඊ. තිලකරත්න  (ශ්‍රීලනිප - අත) 10,061, නෝමන් වෛද්‍යරත්න (එජාප - අලියා) 9646 ඇම්.ජී, මැන්දිස් (කොප - තරුව) 6816 කේ. අයි. ද සිල්වා (මඑපෙ - කරත්ත රෝදය)  512, වැඩි ඡන්ද සංඛ්‍යාව 415 ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන 123, ඡන්දය දුන් මුළු ගණන 27.158 ලියාපදිංචි ඡන්දදායකයන් ගණන 38,957


3. අංක 109 කුරුණෑගල ජයා පතිරණ  (ශ්‍රීලනිප - අත) 10,807 ඩී. බී. වෙලගෙදර (එජාප - අලියා) 9834 හරිස්චන්ද්‍ර විජයතුංග (ජාවිපෙ - අහස් යානය) 386 ජී. ඩබ්ලිව්. නාරංපනාව (ස්වාධීන) 173 තම්මිට ඒ. ඩී. කුමාරිහාමි (ලංප්‍රප - ඉර) 147 වැඩි ඡන්ද සංඛ්‍යාව 973 ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන 84 ඡන්දය දුන් මුළු ගණන 21,431 ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ මුළු ගණන 31,978. මේ ආකාරයට තේරී පත්වූ මන්ත්‍රීවරුන් තිදෙනාම නවකයෝ වූහ. 

 

 

 

 

 

 

 

 


ජී. ආර්. ඩී. බණ්ඩාර



අදහස් (0)

ඇතුගල්පුර පෙරැළිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1645 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site