(තිහගොඩ උපසේන ලියනගම)
වයඹ පළාතේ අධ්‍යාපන ආයතනයකි. එහි උසස් පෙළ විද්‍යා අංශයට පසුගියදා ඇතුළත් වූයේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දියණියකි. කලක් විදේශගතව සිටි ඇය මෙරටට පැමිණි පසු මෙම ආයතනයට ඇතුළු වී සති කිහිපයකි.
පන්තියේ කටයුතුවලදී ඉදිරියෙන්ම සිටි ඇයට ගුරුවරුන්ගේ අනුග්‍රහය ලැබුණ ද සෙසු සිසුන් තුළ වූයේ අප්‍රසාදයකි.
පසුගියදා ගුරුවරිය විද්‍යා විෂයට සම්බන්ධ ප්‍රශ්න පත්‍රයක් දී පිළිතුරු කඩිනමින් සපයන ලෙස පැවසූ අතර, සිසුන් තම පොත්පත්වල ඒවා සටහන් කරන අතර, මෙම ශිෂ්‍යාව තම නවින ජංගම දුරකථනයේ පිළිතුරු ටයිප් කොට ගුරුවරියට පෙන්වීමෙන් ඇයට තරු පෙනිණි.
පාසලට ජංගම දුරකථන ගෙන ඒම තනම් වූ අතර, ඇය කළ මෙම කාර්යයෙන් දැඩි අපහසුතාවට පත්වූ ගුරුවරිය ඇයට දැඩි සේ අවවාද කොට විදුහල්පතිවරයාටත් මේ ගැන දැන්වුවාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තට සල්ලිත් තියෙනවා නම්, පිටරටක ඉගෙනත්ගත්තා නම්, ඉංග්‍රීසි ටිකකුත් පුලුවන් නම් මේ දැරිවියගෙන් මීටවැඩිය වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? කැපීපෙනෙන්න දඟලන චරිතයක් කියලා විතරයි කියන්න තියෙන්නේ (නි)
දියුණු රටවල බාලාංශේ දරුවන්ටත් ටැබ්ලට් එකක් නෝට් බුක් (පරිගණයක්) අනිවාර්යයෙන් ලබා දෙනවා. ඉහළ පන්ති වල සියලු කටයුතු ලැප්ටොප් පරිගණකයේ මිස කඩදාසි වල සටහන් කරන්නේ නැහැ. විශ්ව විද්‍යාල නිබන්ධන පරිගණකයෙන් කරනවා පමණක් නොව ඒවා ඉදිරිපත් කරන්නේද අන්තර්ජාලය හරහා මිසක් ගුරුවරයා මුණ සිලා නොවෙයි. හොඳ වුණත් නරක වුණත් මේ තමයි අධ්‍යාපනයේ අනාගතය (නි)
තව අවුරුදු දහයකින් මේ වැඩේ කලා නම් ගුරුවරියට තරු බලන්න ඕන කමක් නැහැ. මේකේ කොමෙන්ට්ස් දාන සමහරු ශ්‍රී ලංකාව, ජපානය හෝ වෙන දියුණු රටවල දරුවන් ටැබ්ලට් එකක් නෝට් බුක් එකක් පාවිච්චි කරන එක ගැන ලියන්නෙත් ඔවුන් පිටරටවලින් මෙහාට සංක්‍රමණය වූ අය නිසා වෙන්න ඇති ! (ර)
අපේ රටේ ක්‍රමයට මේක වැරදි වුණත් සෑම් හරි ! (නි)
සෑම් කියන එක හරියටම හරි. (ර)
ගෙඩක් අය ජංගම දුරකථනය භාවිතා කළයුත්තේ මොන වෙලාවෙද නොකළයුත්තේ මොන වෙලාවෙද කියලා හරියට තේරුම්ගන්නේ නැහැ (නි)
සෑම්, කීම සියයට සියයක්ම නිවැරදියි. මගේ දරුවෝත් විදේශයේ පාසල් වලට යන්නේ. අපෙන් පැන්සලක්වත් පාසලට අවශ්‍ය නැහැ. වසරේ දෙවතාවකදී සීත සෘතුවේ සහ සමර් කාලයට යුනිෆෝර්ම් වලට අපි ගෙවිය යුතුයි... අනිකුත් සියලුම විද්‍යුත් උපකරණ ලිපි ද්‍රව්‍ය පාසලෙන් අධ්‍යාපනයට අවශ්‍ය දේ ලබාදෙන්නේ නවීන ක්‍රමයට දියුණු තාක්ෂණයට අනුව. (ර)
ඇය ජංගම දුරකථනයෙන් පන්ති වෙලාවේ ඕපාදූප, ෆේස්බුක් බලමින් හිටියා නම් එ්ක වැරදියි. නමුත් කර තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමක්නේ. ජපානය, සිංගප්පූරුව, ඇමරිකාව වගේ රටවල බාලාංශ පන්තිවල ළමයිනුත් ටැබ්ලට් පීසී වල මෙය කරනවා. (නි)
දේසේ හැටියට බාසේ තියෙන්න ඕනෑ. (නි)
නන්දලාල්, ඔබ 'මෙහාට' කියන්නේ ප්‍රංශයටද? (නි)
සෑම් හරි, නමුත් ලංකාවේ බහුතරයකට ඔය පහසුකම් ලැබෙනතුරු හණමිටි අදහස් වලට ඔලුව නමමු. (ර)
මමත් සෑම් සමඟ එකඟයි (නි)
සෑම් කියනවා වගේ අපිත් නව තාක්ෂණයට යන්න ඕනෑ. මට දුක හිතෙනවා ළමයි පොත් මලු කරේ එල්ලාගෙන යන හැටි දැක්කහම. මට මතකයි මම පොඩිකාලේ කාබන් පෑන් තහනම්. (නි)
දියුණුව ඉතා හොඳ දෙයක් නමුත් අද අලුත් තාක්ෂණය නිසා මහත් විපතක් සිදුවී ඇත. සිංහල හෝ වෙන භාෂාවක් හෝ වේවා, අද ළමයින්ගේ අත් අකුරු ලිවීමේ හැකියාව ඉතාම දුර්වල මට්ටමක පවතී. (ම)
අද අපේ රටවල වල ළමයි කිලෝ ගණන් බර පොත් බෑග් අරගෙන යන කොට ජපානයේ ළමයි ගෙනියන්නේ, ටැබ් එකෙක් විතරයි (ම)