ඔහු මාලදිවයිනේ සංචාරක නිකේතනයක සේවය කරන විධායක නිලධාරියෙකි. සංචාරකයන් සඳහා ආහාරපාන ලබාදෙන භෝජනාගාරයෙන්ම ආහාර ලබාගන්නා මෙම විධායක නිලධාරියා දිනක් දිවා ආහාරය සඳහා ගොස් සිටියදී ලූනු සම්බෝලයක රස බැලීමේ අවශ්‍යතාව දැනුන නිසා බංගලාදේශ ජාතික වේටර්වරයකු අමතා වේටර්වරයාට තේරෙන ලෙස කැඩුණු ඉංග‍්‍රීසියෙන් පැවසුවේ ලූනු සම්බෝලයක් සාදාගෙන එන ලෙසයි.
වේටර්වරයාට මෙම විධායක නිලධාරියා කියා ඇත්තේ බී අනියන් සෝල්ට් පෙපර් මික්ස් යනුවෙනි. ටික වේලාවකින් විධායක නිලධාරියාගේ මේසයට අදාළ භාජනය රැගෙන පැමිණි වේටර් කොලූවා එන්ජෝයි සර් කියමින් පිටව ගියේය. බී ලූනු සම්බෝලයේ බී ලූනු නොමැති බවත් පැණි වැනි යමක් මිශ‍්‍රව තිබූ නිසාත් පෙර කී විධායක නිලධාරියා අදාළ වේටර් කොලූවා කැඳවා ලූනු සම්බෝලය සෑදු ආකාරය විමසීය. සර් කියපු විදියට මම බීහනි දාලා සෝල්ට් පෙපර් දාලා තමයි ගෙනාවේ යැයි කැඩුණු ඉංග‍්‍රීසියෙන් කී වේටර් කොලූවා සිදුවූ දෙය ගැන සමාව ඉල්ලීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලාදේශයේ තිබෙනවා මී මැස්සන්ගෙන් හදන ලූනු සම්බෝලයක්. හරිම රසයි. මී වද වල පිලා කුහර පිලව් පිටින්ම අරගෙන ලූනු දාලා හදන්නේ... (නි)
වික්‍රමට තව එක දෙයක් අමතකවෙලා. කෑලි මිරිස් ටිකකුත් දැම්මනේ. වෙලාවක නැවත හමුවෙමු වික්‍රම (නි)
වේටර් මල්ලි නියම වැඩක් කරලා තියෙන්නේ (ම)
සමහරු හිතාගෙන ඉන්නේ කාන්තා පාර්ශවය ඉන්නේ, මහත්වරුන්ට උයලා පිහලා කන්න දෙන්න තමයි කියලා. එක ලූනු ගෙඩියක් සුද්දකරලා දෙන්නෙ නැහැ බිරිඳට. (නි)
සුදු ලුණු කන්න අකමැති මිනිස්සුත් කොලෙස්ටරෝල් වගේ ලෙඩ හැදුනම කන්න පටන් ගන්නවා. (ස)
මේක නම් සහතික ඇත්ත වෙන්න ඕනෑ. මොකද අපිත් එක්ක වැඩකරන බංග්ලාදේශ් කම්කරුවෝ කරන ඒවා දැක්කහම තේරෙනවා. ඒ කට්ටියට තේරෙන විදිහට කතා කරලා අපිටත් දැන් ඉංග්‍රීසි අමතකවෙලා. (නි)
රට යනතුරු ගොඩ දෙනෙකුට ඉවසුම් නැහැ. ඒත් ගියාට පස්සෙ මෙහෙදි වගෙ කන්න නැතිවුණාම ලංකාවේ කඩ හොයනවා. ලංකාවෙ අපිට තුනපහ ජාති නැතුව කන්න අමාරුයි.. (නි)
නියම කතාව! (නි)
පිටබැද්දර ජයා හදන කටගැස්ම කන්න ආසයි , බැරිද අපිටත් හදල දෙන්න .....? (බ)
ඒක නම් ඇත්ත ජයනාත්. අපේ තුනපහ ටිකක් දාලා තැම්බුම් හොද්දක් හදා ගත්තත් බත් කටක් කන්න පුළුවන්නේ (නි)
දේසේ හැටියට වාසේ කළොත් නේද සන්තෝසේ? (නි)
සහතික ඇත්ත හිමාශි (නි)
අපි බි ලූනු කියන්නේ පහසුවට. ඉන්දියාවෙන් ගෙන්වූ නිසා බොම්බයි ලූනු කියා භාවිත කළ අතර පහසුවට බි ලූනු විය (නි)
හේමන්ත ඔබ හරියටම හරි (බ)
සමහරුන්ගේ බඩේ අමාරු හැදුනම හොද වෙන්නෙත් සුදු බත් එක්ක ලුනුමිරිස් හදාගෙන කැවොත් තමයි (බ)
බොහෝ දෙනා කාර්යාල වේලාවන්හීදී ,ලූනු , සුදුලුනු ආදී කෑම කෑවොත් එයින් නිකුත් වෙන සැර සුගන්ධය කතා කරන විට අනිකුත් අයට දැනේවි කියලා සිතනවා නේද..?මේ මහතාට නම් ගණනක් නැහැ වාගෙයි. (බ)
නුවන්, බොම්බයි ලූනු වලට ඉංගිරිසියෙන් කියන්නේ "ග්ලෝබ් අනියන්" කියලා (නි)
නුවන් ඔබ හරියටම හරි (ම)
පිටබැද්දර ජයා හදනවා හරි රසට උම්බලකඩ කෑලියි, බීලූනුයි, දෙහි,අමු මිරිසුයි දාලා කටගැස්මක් ඒ දවස් වල (නි)
මී පැණි වල ගිල්වපු සුදු ලූනු වලට නම් හොද ඉල්ලුමක් තියෙනවා ලෝකෙ පුරාම වගේ..බෝතල් කරලා විකුණනවා ලොකු ගණන් වලට පිටරට.(ම)
රත්නායකට ජයාගේ කටගැස්ම කන්න හිතිලා තියෙන්නේ, අමු මිරිසුයි දෙහියි දානවා කියපු නිසා වෙන්න ඕනෑ. (නි)
මෙන්න මේ වෙලාවට තමයි ලංකාවේ කාන්තා රත්නෙක අගය දෙනෙන්නේ නැද්ද හා ? (අ)
ඉඳුනිල්, මම එහෙම කිවුවේ, අපේ ලංකාවේ අයට ලෙඩක් තියෙනවා, මොන දීපංකරේ ගියත් ලංකාවේ කෑම තමයි හොයන්නේ. විදේශයකට යන අනෙක් රටවල් වල අය ඒ රටේ කෑම තමයි කන්නේ, අපිට බැහැ. හැබැයි දිගටම යම් රටක ඉන්නවා නම් අපේ කෑම කන එක හොඳයි. (නි)
බී අනියන් කියන්නේ ලංකාවේ විතරයි. පරිප්පු වලට ඩාල් කියන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ විතරයි. ඒ වගේ තමයි. (බ)