IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පුතුගේ ඔන් ලයින් වැඩ කැඩුණු කොම්පියුටරෙන් එළිවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ක්‍රියාවිරහිත පරිගණකය යථා තත්ත්වයට පත් කිරීමට පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට ගිය විට කොරෝනා පාසල් නිවාඩු කාලයේ සිය පුත්‍රයා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙන ගත් දේවල තරම දැන ගැනීමට ලැබුණු පියකු පිළිබඳ අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.


කොරෝනා පාසල් නිවාඩුවේ පාසල් ඉගැන්වීම් කටයුතු කළේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පරිගණකයෙනි. මේ පුත්‍රයා ද මවුපියන්ට වද කර පරිගණකයක් මිලදී ගත්තේ ඒ සඳහා යයි කියමිනි. තමන් බොහෝම අමාරුවෙන් මිලදී ගෙන දුන් පරිගණකය පුතා උනන්දුවෙන් ක්‍රියාකරවනු දුටු මවුපියෝ සතුටට පත්වූහ. ඒ කොරෝනා නිසා පාසල් වැඩ අතපසු නොකර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාසල් වැඩ කරනු ඇතැයි විශ්වාසයෙනි.


මේ අතරවාරයේ පුතාගේ පරිගණකය ක්‍රියාවිරහිත විය. පියා එය යළි සක්‍රීය කිරීමට නගරයේ පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට ගෙන ගියේය. එහි සේවකයකු මේ පරිගණකය පරීක්ෂා කර බලා කීවේ මේ පරිගණකයේ දත්ත ගබඩා ඒකකය පිරී ඇති නිසා එය ක්‍රියාවිරහිතව ඇති බවය.


එය යළි සක්‍රීය කිරීමට නම් දත්ත ගබඩාව හිස් කළ යුතුබවත් අවශ්‍යම දේවල් සී.ඩී. පටියකට අරන්දිය හැකි බවත් එම සේවකයා කීවේය.


පියාද ඔහුගේ වචනයට අනුගත වුයේ ඊට වෙනත් විකල්පයක් නැති නිසාය. සිය පුත්‍රයාගේ පරිගණකයේ දත්ත ගබඩාවේ තැන්පත් කළ දත්ත එකින් එක පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයේ සේවකයා පෙන්වමින් සිටියේය. පියාට දෙවියන් බුදුන් සිහිවුයේ එවිටය. කොරෝනා නිසා සිය පෙම්වතිය හමුවීමට ඉඩක් නොවූ සිය පුතා සහ ඔහුගේ පෙම්වතිය අතර හුවමාරු කරගත් පෙම් හසුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් හා නිල් චිත්‍රපට පරිගණක දත්ත ගබඩාවේ තිබූ බව දැනගත් විටය.


මෙය තවත් නොඉවසූ පියා සේවකයාට කීවේ මේ දත්ත සී.ඩී. පටයට නොදා මුළු දත්ත ගබඩාවම හිස් කරන ලෙසය. ඒ සමගම පරිගණකය යළි ක්‍රියාකාරී වූ අතර ඔහු නිවෙසට එනු දුටු ඔහුගේ බිරිය ඇසුවේ කොහොමද ලැප් එක හැදුවද යන්නය. ලැප් එක නම් හැදුව ඒත් මගේ හිතනම් කැඩුණා. යයි ඔහු කීවේය.


සිය පුතා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාඩම් වැඩ කරනවා යයි කියමින් කර ඇති දේ ගැන සිය බිරියට කී විට ඇයගේ අතින් ඇගේ කණ කර අත ගෑවුණේ අනේ දෙවියනේ කියමිනි. මුදල් නොවූ ඒ අවස්ථාවේදී සිය පුත්‍රයාට පාසල් වැඩ කිරීමට අවැසි පරිගණකය මිලදී ගෙන තිබුණේ ඇයගේ කනකර උකස් කර නිසාය.

 



අදහස් (4)

පුතුගේ ඔන් ලයින් වැඩ කැඩුණු කොම්පියුටරෙන් එළිවෙලා

jaya Wednesday, 03 February 2021 05:47 AM

පරිගණකයක් ගත්තොත් ඒක සාලෙන් තියන්න. ෆෝන් එකක් නම් ළමයට දෙන්න එපා.

:       0       21

sana Wednesday, 03 February 2021 08:55 AM

අද තියෙන පරිගණකයක හාඩ් එක හෙවත් දෘඪ තැටිය සම්පූර්ණයෙන්ම පිරෙන තුරු දත්ත තැන්පත් කරා නම් ඒක සීඩි එකකට දාන්න පුළුවන්ද? අනෙක ඔය දේවල් කෙසේ වෙතත් ඔය පෙම් හසුන් කොහොමද එහෙම තැන්පත් කරා කියන්නේ?

:       2       13

chandanaFriday, 05 February 2021 03:20 AM

P4, DualCore පරිඝණක තවමත් ලංකාවේ විකුණන්න තියෙනවා. ඒවා විකිණෙනවා. 160GB හාර්ඩ් ඩිස්ක් එකක් C හා D කියලා දෙකට බෙදලා පාර්ටිෂන් කරලා C කොටසට මෙහෙයුම් පද්ධතිය දැම්මාම තවත් අනන් මනන් එක්ක චිත්‍රපටි 60ක් විතර ඒ පාර්ටිෂන් එකටම දානකොට එහෙම වෙන්න පුළුවන්. මම කියපු විදිහේ පරිගණකයකට නූතන මෙහෙයුම් පද්ධතියක් දැම්මාම ඒක එහෙම වෙන්න තවත් ඉඩ වැඩියි. ඔහුගේ මානසිකත්වය එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. කොහොම වුණත් මේකෙන් දෙන පණිවිඩය වැඩිහිටියන්ට ඉතාමත් වැදගත්... දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන දරුවන්ට නොතේරෙන ක්‍රම වලින් සොයා බලන්න. එවැනිම වක්‍රාකාරයකින් දරුවන්ට හොඳ නරක කියාදී යහමගට ගන්න. දරුවන් ඔබේ නිසා වැඩිම කැක්කුමක් ඇත්තේත් ඔබටමයි.

:       0       3

NuwanSaturday, 06 February 2021 06:37 AM

හොඳ පැහැදිලි කිරීමක්... ස්තුතියි..!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site