(දූනගහ බටේපොල විජයසිරි)
වයඹ පළාතට ආවේනික ඔසරියකින් සැරසුණු මැදිවියේ කාන්තාවක් දුම්රිය ස්ථානයේ කාන්තා විවේකාගාරය අසලට කුඩා දරුවකු ද සමග පැමිණියාය.

ඇය පාසල් ගුරුවරියක යයි සිතෙන ආකාරයට සැරසී සිටි අතර දරුවා පාසලේ හතර පහ ශ්‍රේණියක සිසුවකු විය හැකි යැයි බැලූ බැල්මට කෙනෙකුට සිතෙන බව කිව හැකිය.
ඉතා ගාම්භීර ලෙස වටපිට බැලූ එම කාන්තාව දුම්රිය මගීන් දෙසද ආඩම්බරයෙන් බැලුවාය.
දරුවා අත පොත් කිහිපයක්ද තිබූ අතර ඔහු වට පිට බලමින් සිටියේය. ඔහු එක්වරම කාන්තා විවේකාගාරයේ නාම පුවරුව දෙස බැලීය.
“කාන්තාර විවේකාගාරය” ඔහු ශබ්ද නගා කියවීය. කාන්තා යන්න ඔහු “කාන්තාර” නමින් වරදවා කියවීය.
ඒ සැණින් පටාස් යන හඬක් ඇසුණේය. දරුවා ඔළුව අල්ලාගෙන හඬන්නට පටන් ගත්තේය. පළමු කාන්තාව ගිනිපුළිගු විහිදෙන ලෙස තවමත් දරුවා දෙස රවාගෙන සිටී.
ඔහොමද අකුරු කියවන්නේ. ඇය දරුවාගෙන් ප්‍රශ්න කළාය. ඔහු හඬමින් සිටි අතර වටපිට සිටියෝ මවිතයට පත්ව සිටියහ.
“අකුරක් වැරදුණාට ඔහොම දරුවන්ට ටොකු අනිනව ද?” කවුදෝ හෙමින් මිමිණුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ළමයට ඔහොම නම් ඉස්කෝලේ ළමයින්ට කොහොමට ඇද්ද? ළඟදීම හිරබත් කන්න වෙයි වගේ.
මෙයාල උගන්වන්නේ අකුරු දන්නා අයට විතරයි හොද වෙලාවට දොස්තර කෙනෙක් නොඋනේ එහෙනම් ලෙඩේ හැදිලා අවොත් ගුටි කන්නයි වෙන්නේ ගුරුවරයාගේ වගකීම නොදන්නා අයට කියා දීම මිසක දන්නා යට ඉගෙන්වීම නොවෙයි....
පොඩි දරුවන්ට හිරිහැර කරන මේ මොන මවක්ද ? ළඟදීම කනේ පාරක් ලැබෙයි කියල තමයි මට හිතෙන්නේ .
අකුරක්නේ වැරදිලා තියෙන්නේ. වැරදුන ඒවා හදලා දෙන්න තමයි වැඩිහිටියෝ, ගුරුවරු කියලා කොට්ඨාශයක් ඉන්නේ. ඇයි ගුරුන්ටත් අකුරු වැරදෙන්නේ ?
ඇයගේ ආතතිය කොතරම්ද කියලා පේනවා නේද? ඇය සිතන් ඉන්න ඇත්තේ තමන්ගෙ දරුවාට කිසිවිටෙකත් වැරදීමක් නොවිය හැකි බවයි.