IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


තේ වවන්න ගිය සැමියා අල්ලපු වත්තේ වගාවක් දාලා

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි )
කොරෝනා වසංගත කාලයේ තම සැමියා විසින් සංවර්ධනය  කරන ලද  ඉඩම බැලීමට පසුගියදා එහි ගිය බිරියට දවල් තරු දකින්නට සිදුවූ පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි .
 ගම් ප්‍රදේශය දකුණේ වුවද  ඔවුන් දෙදෙනා මීට වසර පහළොවකට විස්සකට පමණ  පෙර බස්නාහිර පළාතට සංක්‍රමණය වූයේ ලොකු බලාපොරොත්තු ඇතිවය. ඔවුහු දරුමල්ලන්ද ජනප්‍රිය පාසල්වලට ඇතුළු කර ගත්හ. එසේම දිනෙන් දින දියුණුවට පත්වූ සාර්ථක ව්‍යාපාර කටයුත්තක ද නිරත වූහ.


පසුගිය කොරෝනා වසංගතය ආරම්භයත් සමඟ  අනෙක් බොහෝ  ව්‍යාපාරිකයන්ට මෙන්ම  මේ අයගේ ව්‍යාපාරයටද කණ කොකා  හඬන්නට විය.


මෙම කාන්තාවට සිය මව්පියන්ගෙන් උරුමවූ පැරණි තේ වගාව සහිත අක්කරයක පමණ ඉඩමක් ගම් ප්‍රදේශයේ තිබිණ. හරිහමන් නඩත්තුවක් නොවූ හෙයින් පසුගිය වසර කීපයේම එම ඉඩමෙන් කිසිදු ආදායමක් ද නොලැබිණි.


ව්‍යාපාරික කටයුතු දිගින් දිගටම  බිඳ වැටීම නිසා තවදුරටත් දෙදෙනාම ඒ සඳහා කාලය කා දැමීම අනුවණ ක්‍රියාවක් බව තේරුම් ගත් මෙම කාන්තාව ගමේ තිබෙන ඉඩම යළි වගා කිරීමට අදහස් කළාය. එම අදහස සැමියාට ඉදිරිපත් කළ විට ඔහුද ඊට එක පයින් කැමැති විය.


ඒ අනුව වරින් වර සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල්වූ දිනවල ඔහු තම වාහනයෙන් ගොස්  ඉඩමේ වැඩ කටයුතුවල නිරත වන්නට විය. ඇතැම් විට සතියක් හමාරක් මහ ගෙදර නතරවී වැඩ කළේය.
මෑත කාලයේ කොරෝනා බිය ක්‍රමයෙන් පහව යාමත් සමඟ ගමේ ගිය මොහු සති තුන හතරකින් නැවත නොපැමිණියේය. දුරකතන ඇමතුමක් දුන් විට පවසා ඇත්තේ තේ තවාන් කීපයක් සකස් කරන බැවින් ඒ වැඩ අවසන්  කර  පැමිණෙන බවයි.


 මේ අතර ගමේ ඥාතීන් කීප දෙනකු⁣ගෙන්  සිය සැමියා පිළිබඳව  කාන්තාවට යම් යම් නරක ආරංචිද ලැබෙන්නට විය. ඒවායින් කියවුණේ ඉඩමට අල්ලපු ඉඩමේ ඔහු තේ තවාන් දමන බවත් නිතර නිතර එහි යන එන බව පෙනෙන බවත්ය.


එම ඉඩමේ වැන්දඹු කාන්තාවක පදිංචිව සිටින බවටද ඈ දැනගෙන සිටියාය.  ඈ ඒවා ඇසීමෙන් කලබල නොවූවත් එන පොට හොඳ නැති බව තේරුම් ගත්තාය.


පසුගිය  දිනෙක අලු‍යම ගමේ යාමට පිටත්වූ ඇය උදෑසන හත පමණ වන විට ඉඩමට ළඟාවූවාය.


ඉඩමේ පැරණි තේ ගලවා ශුද්ධ කර, කානු කපා ගල්වැටි බැඳ තිබුණත් සැමියා එහි පෙනෙන්නට නොවූ නිසා ඈ අල්ලපු ඉඩම දෙස විපරම් කර බැලු‍වාය.


නෑදෑයන්ගෙන් ලැබුණු තොරතුරු තහවුරු විය.


සැමියා එහි තේ පැළ තවාන්වලට වතුර දමමින් සිටිනු දැකීමෙන් ඇයට යක්ෂාරූඪ විය. වහාම ගොස් ඔහු වෙත කඩා පැන්න ඇය         ”‍අනේ මේ, ඔහේගෙ තේ වගා කෙරිල්⁣ලෙන්  මට වැඩක් නෑ,  දැන් ටිකක් බිස්නස්   හොඳ වේගෙන එන්නෙ, අන්න අර කඩේ කරගෙන ඉඳිමු ගිහිල්ල ”‍ කියමින් සැමියාත් ඇදගෙනම නිවෙසට ආවා ලු‍.



අදහස් (0)

තේ වවන්න ගිය සැමියා අල්ලපු වත්තේ වගාවක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site