(මොරගොල්ලාගම සිසිර කැලේගම)
අලි මිනිස් ගැටුම් හමුවේ අලින්ගෙන් මොන තරම් හිරි හැර පැමිණියත් අලි ගැවසෙන ප්‍රදේශවල කටපරිස්සම් කර ගැනීමට ඒ ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව දක්වන්නේ පුදුමාකාර සැලකිල්ලකි.
එවන් කටපරිස්සම් කරගැනීමට නොහැකි වූ ගොවි මහතකු අලියා නොමැති තැන චණ්ඩියකු වී අලියා පැමිණීම හමුවේ අසරණ වූ පුවතක් පොල්පිතිගම නගර සීමාව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
දෙදෙනා ගොවිතැනින් දිවි ගෙවන ගජ මිතුරන් දෙදෙනෙකි.
එක් තැනැත්තෙකු තම ගම් සීමාවේ සිට අවට ගම්මානයකට ගියේ අනෙක් සගයා හමුවීමටය.
“බලාපන්කෝ ‘හූරේ’ ඊයේ රෑ තනියා ඇවිත් වගාව පාලු කරලා ගිහිල්ලානේ.” මිතුරා කී කතාව බලන්නට පැමිණි තැනැත්තා ද සමගින් ෙදදෙනාම හේනට ගියහ. කර ඇති හානිය සුලුපටු නොවේ.
“නොදකින් විතරක් මේකා කරපු දේ බලාපන්කෝ” පැමිණි මිතුරා කීවේය.
“හා හා හූරේ කට වරද්දා ගන්න එපා. එහා පැත්තේ කැලෑවේ සත්තු තවමත් ඇති” හානියෙන් බැට කෑ මිතුරා අනෙකාට අවවාදයක් දෙමින් පැවසීය.
“ඇයි මොකටද කට පරිස්සම් කර ගන්නේ එන්ඩ කියපන්කෝ බලන්න මගේ වත්තට. ආවොත් හොඳ වැඩක් තමයි කරන්නේ. එනකම් තමයි මමත් බලාගෙන ඉන්නේ”
මිතුරා ඉවක් බවක් නැතිව අලියාට දොස් නගමින් තොරතෝංචියක් නැතිව කියාගෙන කියාගෙන ගියේය.
“අනේ දෙවියනේ ඔන්න ඕවාට මම නම් නැහැ. උඹේ පණ්ඩිතකම උඹ තියා ගනින්. මගේ හේනේ අවකැපෙන කතා කරන්න එපා කට වහ ගනින්” වගාව හිමි මිතුරා තම සගයාට නෝක්කාඩු කියමින් දෙදෙනාම හේන අතරින් ආපසු නිවෙස් කරා පැමිණියහ. පසුදා උදා විය. අලියාට දොස් නැගූ තැනැත්තා එදින රාත්‍රියේ නිවසේ සිටියේය. ඔහු උදේ අවදී වී මිදුලට බැස්සේය.
කිසිදා නොපැමිණි සද්ධන්තයකු වත්තට ඇවිත්. වත්තේ සවි කර තිබූ පඹයා හා රැකවල් කර තිබූ රෙදි කෑලිවලට ඉරා තැන් තැන් වල දමා වගාවට හානියක් නොකර කිසිවෙකුටත් නොදැනෙන ලෙසට පිටව ගොස් ඇති අයුරු දක්නට ලැබීමෙන් ඔහුට හීංදාඩිය දමන්නට විය.
“ඉන්නවා නම් කට වහගෙන හිටපන්. තවදුරටත් කට වරද්දා ගත්තොත් තොට කරන දේ බලා ගනින්” යන තර්ජනාත්මක ස්වරයෙන් අලියා ද එකට එක කරන්නට මෙන් පැමිණ පිටව ගොස් ඇති බව වටහා ගත් එම මිතුරා ද එතැන් පටන් කිසිදු වදනක් නොකියා දැන් අලියා දේවත්වයෙන් යුතුව අදහන්නේලු.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ගොවියා කට වරද්දා ගත්තාම අලියාට කේන්ති ගිහින්