IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


කොරෙ​ා්නා පැණිය අත්හදා බැලූ ගෙදර පූසා

තම ස්මාර්ට්  දුරකතනයෙන් අන්තර් ජාලයේ සැරි සැරූ කාන්තාවකට කොවිඩ් වසංගතයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ඇති බව දැකගත හැකිවිය. එම දේශීය ඖෂධය ගෙදරදීම සාදා ගන්නා අයුරු එහි සඳහන්ව තිබුණි. ඒ අනුව ඇය කොත්තමල්ලි, සාදික්කා, මී පැණි සහ තවත් බෙහෙත් වර්ග සිංහල බෙහෙත් බඩු කඩයකින් මිලදී ගත්තාය. අන්තර් ජාලයේ දැක්වූ අයුරින් බෙහෙත් වර්ග තම්බා කොරෝනා පැණිය සාදා ගත්තාය. 


දැන් බෙහෙත හරිය. මුලින්ම බොන්නේ කවුදැයි ඇය තම සැමියාගෙන් සහ දරුවන්ගෙන් විමසුවාය. ‘‘අනේ අපිට නම් බැහැ’’ දරුවෝ පැවසූහ. ‘‘සාදික්කා වැඩියෙන් බොන්න හොඳ නැහැ, කියලත් කියනවානේ.’’ මට ප්‍රෙෂරුත් තියනවානේ.’’ ඒ සැමියාගේ පිළිතුරය. 


‘‘එහෙනම් අපි ‘කිටීට’ පොවමු. ඌට මේ දවස්වල හෙම්බිස්සාවක් තියනවානේ.’’ මව කී විට සැවොම එකඟ වූහ.
‘‘ ඕවා සිංහල බෙහෙත් විසකුත් නැහැනේ.’’ මව පැවසුවාය.


පුතා පූසාගේ කකුල් අල්ලා ගත් අතර දියණිය උගේ කට විවර කළාය. මව කොරෝනා පැණිය හැඳි කිහිපයක් පූසාගේ කට තුළට දැමුවේ ඌ කෑමොර දෙද්දීය. පූසා  ඉස්සෙක් ලෙසින් මිදුලට පැන නොපෙනී ගියේය. දින කිහිපයක් ගත වුවත් පූසා නි​ෙවසට පැමිණ නැත.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුර



අදහස් (0)

කොරෙ​ා්නා පැණිය අත්හදා බැලූ ගෙදර පූසා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site