තම ස්මාර්ට් දුරකතනයෙන් අන්තර් ජාලයේ සැරි සැරූ කාන්තාවකට කොවිඩ් වසංගතයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ඇති බව දැකගත හැකිවිය. එම දේශීය ඖෂධය ගෙදරදීම සාදා ගන්නා අයුරු එහි සඳහන්ව තිබුණි. ඒ අනුව ඇය කොත්තමල්ලි, සාදික්කා, මී පැණි සහ තවත් බෙහෙත් වර්ග සිංහල බෙහෙත් බඩු කඩයකින් මිලදී ගත්තාය. අන්තර් ජාලයේ දැක්වූ අයුරින් බෙහෙත් වර්ග තම්බා කොරෝනා පැණිය සාදා ගත්තාය.

දැන් බෙහෙත හරිය. මුලින්ම බොන්නේ කවුදැයි ඇය තම සැමියාගෙන් සහ දරුවන්ගෙන් විමසුවාය. ‘‘අනේ අපිට නම් බැහැ’’ දරුවෝ පැවසූහ. ‘‘සාදික්කා වැඩියෙන් බොන්න හොඳ නැහැ, කියලත් කියනවානේ.’’ මට ප්‍රෙෂරුත් තියනවානේ.’’ ඒ සැමියාගේ පිළිතුරය.
‘‘එහෙනම් අපි ‘කිටීට’ පොවමු. ඌට මේ දවස්වල හෙම්බිස්සාවක් තියනවානේ.’’ මව කී විට සැවොම එකඟ වූහ.
‘‘ ඕවා සිංහල බෙහෙත් විසකුත් නැහැනේ.’’ මව පැවසුවාය.
පුතා පූසාගේ කකුල් අල්ලා ගත් අතර දියණිය උගේ කට විවර කළාය. මව කොරෝනා පැණිය හැඳි කිහිපයක් පූසාගේ කට තුළට දැමුවේ ඌ කෑමොර දෙද්දීය. පූසා ඉස්සෙක් ලෙසින් මිදුලට පැන නොපෙනී ගියේය. දින කිහිපයක් ගත වුවත් පූසා නිෙවසට පැමිණ නැත.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd