ගිනි පෙට්ටි හිඟයක් පසුගිය දිනවල ඇති විය. සමහර වෙළෙඳ සල් හිමියෝ භාණ්ඩ මිලදී ගන්නේ නම් පමණක් ගිනි පෙට්ටියක් දීමට කාරුණික වූහ. දිනක් රියැදුරු මහතෙක් වෙළෙඳ සලකින් මදුරු දඟර දෙකක් සමඟ ගිනි පෙට්ටියක් මිලදී ගෙන තම සේවා ස්ථානයට පැමිණියේය.
ඔහුගේ මිතුරෙකු ‘‘මචන් මට ගිනිකූරු තුන හතරක් දීපන්’’ යැයි පැවසීය. ගිනි පෙට්ටිය අතට ගත් මිතුරා එය විවෘත කර, ‘‘මේකේ කූරු අඩුයිනේ’’ යැයි කීය. ගිනි පෙට්ටියක කූරු හතළිස් පහක් තිබිය යුතු වූවත් එහි තිබුණේ හතළිහකි.
රියැදුරා ගිනි පෙට්ටිය රැුගෙන ගොස් මුදලාලි හමුවී, ‘‘මේකේ කූරු අඩුයිනේ’’ යැයි පැවසීය. ‘‘මොනා කරන්නද මල්ලී, ගිනි පෙට්ටි ආපු හැටි තමයි. අපි ගිනි පෙට්ටි ගන්න තොග කඩෙන් මේ දවස්වල ගිනි පෙට්ටියක් දෙන්නේ රුපියල් පහට. අපි විකුණන්න ඕනෙත් රුපියල් පහට. ඒ වුණාට අපි ගිනිකූරු අඩු කරන්නේ නැහැනේ’’ යැයි පැවසීය.
රියැදුරා පිටව ගිය පසු මුදලාලි තම භාර්යාව අමතමින් ‘‘කව්ද හිතුවේ මිනිස්සු දැන් ගිනි කූරුත් ගණන් කරනවා කියලා’’ යැයි පැවසුවේ සිනා සෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙන්දන්ගේ අසදරනකම් එමටය් හොරට බඩු කිරනව (අ)
ඒ කරපු දේ හොඳයි.(හේ)
සෑම වෙළඳ භාණ්ඩයකටම ප්‍රමිතියක් තිබිය යුතුයිනේ. මිනිස්සු ගිනිකුරුත් ගණන් කරයි කියලා නොහිතපු මුදලාලි කූරු පහ පහ අයින් කරගන්න ඇති. ඉස්සර නම් අලි දෙන්න හිටපු ගිනිපෙට්ටියේ වටේට කඩදාසි පටියකින් සීල් කරලයි තිබුනේ. ඉස්සරටත් වඩා එහෙම දේවල් දැන් තමයි ඕනේ වෙන්නේ. මොකද, වළදාපු මිනිපෙට්ටියත් ඇරලා එකේ තිබෙන දේවල් හොරකම් කරන යුගයක්නේ. (හේ)
ඉස්සර නම් ගිනිපෙට්ටිය සුරාබදු සටහනක් සහිත කඩදාසි තීරු පටියකින් වසා තියෙන්නේ. ශත 5 කට ගිනිකුරු 50 ක් තිබුනා (නි)
මුදලාලි වැරදි වැඩේ කළා මදිවට කතාව කියල තියෙන්නෙත් වැරදි කෙනාට , (හේ)
සමන්තිගේ වයස අහුවුණා (බ)
මේ වගේ පාරිභෝගිකයෝ ඉන්නවා නම් හොර වෙළෙන්දෝ කොට උඩ. (බ)
මුදලාලි හොරකම කළා මදිවට කාරණාව එළිකකරලා තියෙන්නේ වැරදි මනුස්සයාට. මුදලාලි හාමිනේටටත් ඉතින් රහසක් රැකගන්න පුලුවන්ද? (නි)
මට මතකයි මම කුඩා අවදියේ ගිනිපෙට්ටිවල නිල් පාට අකුරින් මුද්‍රණය කළ සුදු පාට කුඩා කඩදාසි පටියකින් ගිනිපෙට්ටිය අරින්න නොහැකි විදියට අලවා තිබෙනවා. එහෙම තිබෙන නිසා ගිනිපෙට්ටියෙන් කූරු හොරකම් කරන්න බැහැ. එම පටිය ඉරුණු ගිනි පෙට්ටි විකිණීම තහනම්. මේ කතාව දැක්කහම නැවත එම ලේබලය අලවන්න කාලය ඇවිල්ලා වගෙයි නේද කියලා හිතුනා. (නි)
පාරිභෝගිකයා හරි. එහෙම තමයි කරන්න ඕනේ. ගොඩක් වෙළෙන්දෝ බොරු කියනවා, හොරකම් කරනවා (කෞ)
නියම කතාව! (නි)
ඕක ඉතින් හිනාවෙන්න ඕනෑ දෙයක් නොවෙයි. මෙහෙ ලංකාවේ කඩවල් වල, සමහර මහත්වරු බණ්ඩක්කා අගින් කඩ කඩා අමු මිරිස්,බෝංචි එහෙම එකින් එක තෝර තෝරා ගන්න විදිහ අපි දැකලා තියෙනවා. මුදල් හම්බ කරන මිනිහානේ දන්නේ ඒකෙ අමාරුව. (නි)