ඔහු ආයතනයක සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකි. එහි රියැදුරා ඔහු සමඟ කුළුපගය. සවස පහට කාර්ය මණ්ඩලය පිට වූ පසු ආරක්ෂක නිලධාරියාට රාජකාරිය පහසු විය.
මැදියම් රැයෙන් පසු ඔහු කළේ පුටු දෙකක් මත හාන්සි වීමය. රියැදුරා ආරක්ෂක නිලධාරියගෙන් මුදල් ණයට ගැනීමට පුරුදුව සිටියේය.
දිනක් ඔහු රුපියල් පන්සීයක් ඉල්ලූ අතර, ආරක්ෂක නිලධාරියා මුදල් නොමැති බව පැවසීය. උරණ වූ රියැදුරා ආරක්ෂක නිලධාරියාගේ රාත‍්‍රී විවේකයට තිත තැබීමට සිතා, ආයතන ප‍්‍රධානියාට කතා කොට ”සර් අපි පෝච්චිවල හිටවපු මාළු මිරිස් පැළ ටිකක් ගේමු.” යනුවෙන් පැවසීය.
”ගොළු බල්ලෝ පැළ ටික කාලා දාවි” ප‍්‍රධානියා කීය.
ඒකනේ සර් එස්. ඕ. ඉන්නේ. රියැදුරා පැවසීය. පසුදා පෝච්චිවල සිට වූ මාළු මිරිස් පැළ දහයක් ආරක්ෂක නිලධාරියාට භාර දුන් ප‍්‍රධානියා ”එස්. ඕ. ?ට ගොළු බෙල්ලන්ට මාළු මිරිස් පැළ කන්න දෙන්න එපා.” යැයි පැවසීය.
මධ්‍යම රාත‍්‍රියේ මිදුල පුරා ගොළු බෙල්ලන් සිටිනු දුටු ආරක්ෂක නිලධාරියාට තරු පෙනුණි. අසල තිබූ මේසයක් මත මාළු මිරිස් පෝච්චි තිබූ ආරක්ෂක නිලධාරියා සැහැල්ලූවෙන් පුටුවේ දිගා විය. දිනපතා රාත‍්‍රියට මේසය මත පෝච්චි තබන ඔහු උදෑසනම ඒවා මුලින් තිබූ තැනම තබයි.
ක‍්‍රිස්ටෝපර් සීපියන්
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරක්ෂක නිලධාරිගෙන් අපූරු උපායක්
bamunu Wednesday, 26 July 2017 06:42 AM
ඕකට තමයි කියන්නේ බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කන් සමග නැගිටින්න වෙනවා කියලා..