IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සංගණනයට ආ නිලධාරිනියට ගෙදර වියහියදම් ලේඛනයත් දීලා

නිවෙසට පැමිණ සංගණන නිලධාරිනියකට තම නිවසේ මාසික අය වැය ලේඛනය ඉදිරිපත් කොට එයද ලිපි ගොනුවට ඇතුළු කරන ලෙස කරන ලද ඉල්ලීමක් පිළිබඳ අපූරු පුවතක් පසුගියදා දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබිණි. නිවසේ අය පිළිබඳ තොරතුරු සියල්ල ඉතා නිවැරැදිව සකස් කිරීමේ පූර්ව සූදානමක් පැවති මේ නිවසේ කටයුතු කඩිනමින් නිම කළ නිලධාරිනිය ආපසු යාමට සැරසෙත්ම නිවසේ වූ මව ‘‘පොඩ්ඩක් ඉන්න’’ යැයි කියා ඇයට කුඩා පත‍්‍රිකාවක් දුන්නාය. එහි වූයේ පසුගිය මාසයේ නිවසේ අය - වැය තත්ත්වයි. අයට වඩා වැය රුපියල් අට දහසකින් වැඩි නිසා කොහොම ජීවත් වෙන්න දැයි කී ඇය මෙයද ලිපි ගොනුවට දමන ලෙස කීවාය. මෙය තමාට අදාළ නොවන බව කීවත් එන හැඩ හොඳ නැති බව පෙනුනෙන් නිලධාරිනිය ද කාරුණිකව එය පිළිගෙන ඊළඟ නිවසට ගියේ එය වෙනම තම බෑගයේ තබා ගෙනලූ.



අදහස් (0)

සංගණනයට ආ නිලධාරිනියට ගෙදර වියහියදම් ලේඛනයත් දීලා

දීප්ත Sunday, 25 March 2012 07:08 PM

අරු ඔබේ අදහස ඉතාමත් වැරදියි.සංගනනයේ දී ආදායම් තත්වය හෝ ඒ සම්බන්ධ වෙනයම් දෙයක තොරතුරු ලබා ගන්නේ නැහැ.ඒ වගේම එයින් ප්‍රධාන වශයෙන්ම කරන්නේ රටේ මිනිසුන් සංඛ්‍යාව කොතරම්ද කියලා බලන එක විතරයි..මහ මැතිවරණයක් ඇරුණම ඕනෑම රටක වැදගත්ම බාරදූර ක්‍රියාවලිය සංගනනය..ඔබේ අවබෝධයෙන් තොර කතාවත් අර කාන්තාව වියදම් ලේඛනය දුන්නා හා සමානයි..ඔබේ කතාව ඉතාමත්ම වැරදියි..

:       0       0

තිලෝෂණා Thursday, 22 March 2012 09:36 AM

ඕක දැනෙන්නේ පුංචි අපිට විතරයි. මම හිතන්නේ ඒකනම් ඇත්තටම වගකිව යුතු කෙනෙකුට භාරදෙන්න ඕනේ.

:       0       0

අරු Thursday, 22 March 2012 12:11 PM

සංගණන තියන්නේ අපිට ආදරේට නොවෙයි. අපෙන් තව හූරගන්නෙ කොහොමද කියලා බලන්න. බදු වැඩි කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site