IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ඩොක්ටර් මගේ කොන්ද රිදෙනවා’ ‘මං ඩොක්ටර් නං ලෙඩෙත් ඉංග්‍රීසියෙන් කියන්න’

තම කොන්දේ ආබාධයට ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියෙක් වෛද්‍යවරයකු හමුවීමට රෝහලකට ගියේය. රෝගීහු විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණ සිටියහ. තම වාරය පැමිණි පසු රෝගියා වෛද්‍යවරයා හමුවිය.


“වාඩිවෙන්න” යැයි අතින් සංඥා කළ වෛද්‍යවරයා, “මොකක්ද අමාරුව” යනුවෙන් විමසීය.


“ඩොක්ටර් මගේ කොන්ද රිදෙනවා” රෝගියා පැවසීය.


රෝගියා දෙස බැලූ වෛද්‍යවරයා, “දැන් මට කතා කළේ ඩොක්ටර් කියලනේ. එහෙනම් ලෙඩෙත් ඉංග්‍රීසියෙන්ම කියන්න” යැයි පැවසීය.
එවිට රෝගියා “මම ඉංග්‍රීසි දන්නේ නැහැනේ” යැයි පැවසූ විට වෛද්‍යවරයා කීවේ, “ඩොක්ටර් කියන්නේ ඉංග්‍රීසි වචනයක්නේ. සිංහලෙන් කියන්නේ දොස්තර මහත්තයා, එහෙම නැත්නම් වෛද්‍යතුමා කියලයි. එහෙම කතා කරලා සිංහලෙන් ලෙඬේ විස්තර කරන්න.

පුළුවන්නේ. එහෙම නේද” යනුවෙන් විමසීය.


එවිට රෝගියා, “වෛද්‍යතුමා, දැනට සති දෙකක ඉඳලා මගේ කොන්ද රිදෙනවා” යැයි පැවසීය. වෛද්‍යවරයා රෝගියා පරීක්‍ෂා කර බෙහෙත් ලියාදුන්නේය. 


“බොහොම ස්තුතියි. වෛද්‍යතුමා” යනුවෙන් පැවසූ රෝගියා පිටව ගියේ “වෙනදා නම් ඩොක්ටර් ඔහොම කතා කරලා නැහැ” යැයි තමාටම කියා ගනිමිනි.


ප්‍රාදේශීය රෝහලක සිදුවීමකි.


ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුර. 

 



අදහස් (3)

‘ඩොක්ටර් මගේ කොන්ද රිදෙනවා’ ‘මං ඩොක්ටර් නං ලෙඩෙත් ඉංග්‍රීසියෙන් කියන්න’

pakeer Saturday, 21 July 2018 04:41 PM

මේ සිදුවීම සත්‍ය සිදුවීමක් නම්, මේ දොස්තර මාන්නේ අධික, ඒ වුනත් හීනමානය තියෙන අනුන්ව පහත් කොට සලකන මන්ද මානසිකත්වයක් තියෙන උන්මන්තකයෙක්.

:       1       297

kumar (gulf) Sunday, 22 July 2018 06:25 AM

මෙයාට අමතන්න තිබුණේ ලංකාවේ සම්මත ක්‍රමයට "වෙද මහත්තයෝ" කියලා, එ්ක බටහිර වෙදාලට ලොකු නම්බුවක්... ඒ මොකෝ ලක්රටේ වෙදකම අවුරුදු 5,000 කට වඩා පැරණියිනේ...

:       1       171

Atukorla Sunday, 22 July 2018 07:21 PM

දොස්තර ඔයාට ලෙඩක් තියෙනවා. ඒකට කියන්නේ අධි මාන්නය කියලා. දරුණු ලෙඩක්. ඔයා ඉස්සෙල්ලම බෙහෙත් ගන්න, ලෙඩ්ඩුන්ට කියලා මහත්තයා කියලා කියෝගන්න ලැජ්ජා නැද්ද. ඒ මිනිස්සු එන්නේ අපහසුතාවට පත්වෙලා. එවැනි මිනිසුන් ලවා තමන්ට මහත්තයා කියලා කියාගන්න හිතෙන්නේ තමන්ගේ ඇති මානසික දුර්වලතාවයකට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32125 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14592 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 316 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site