කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
මුහුණු පොතෙන් කම්සැප විඳින්නට ගොස් තිබුණ සැපත් අහිමි කරගත් සැමියකු පිළිබඳව කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
මුහුණු පොතෙන් හඳුනා ගන්නා කාන්තාවන් සමග කම්සැප විඳින සැටි මිතුරන් කතා කරනා විට ඔහු කටේ කෙළ හල හලා අසා සිටියේ තමන්ටත් ඒ අවස්ථාවක් ලැබේ නම් කෙතරම් හොඳදැයි සිතමිනි.
ඒ නිසාම එක් මිතුරෙකුගෙන් තොරතුරු ඉල්ලා ගත්තේ මේ සම්බන්ධයෙන් කටේ කෙළ බිම දාන්න එපා යයි මිතුරා පොරොන්දු කරගෙන ඔහුට භාගයක්ම අරන්දීමෙන් පසුවය.
මුහුණු පොතෙන් ඔහුගේ වයසට ගැලපෙන කාන්තාවක සමග චැට් එකක් දාගන්නේ ඉන් අනතුරුවය. වැඩේට ඔහු කෙළින්ම බැස්සේය. එන තැන අසා ගත්තේ ඊට ගෙවිය යුතු ගනන්ද අසා ගනිමින්ය.
නගරයේ කාමර කුලියට දෙන තැනකට ඔහු ආවේ කුමාරයකු මෙනි. ඉඳහිට මදින දත් තිස්දෙකම නැතත් කටේ ඇති බහුතරයක් දත් එදා මදින්නට ඔහු අමතක නොකළේය. සැන්, පවුඩර් ටිකක් ද ඇඟලා ගත්තේ හැමදාම හමන හිනිගඳගහන දහඩිය එදාටත් ආවොතින් යන බිය නිසාය.
බලාපොරොත්තුවෙන් සිටි ලිය අරලිය මලක් මෙන් සිනා සී ආවාය. ඔහුගේ හිතට අමුතු ගැම්මක් ආවේය. මුදල මුලින්ම දුන්නේය. කාමරයට ගියේ ඉන් පසුවය. ගිය සැනින් දොරට තඩිබානු ඇසිණි. වහාම ඔහු දොර ඇරියේය. මහා නැඩ දේහධාරී පුද්ගලයකු පිහියක් අමෝරාගෙනය. මගේ ගෑනිත් එක්ක නිදා ගන්නද හදන්නේ යැයි හැඩි දැඩි පුද්ගලයා බෙරිහන් දුන්නේය. ඔහුට රෑ තරු දවල් පෙනුණේය.
ඉඳපිය මම තොගේ ගෑනිටයි දරුවන්ටයි තොගේ වල්කම ගැන කියනවා යැයි ඔහු කීවේ යටිගිරියෙනි.
අනේ එහෙම කරන්න එපා මම ඔහේ කියන ඕනෑම දෙයක් කරන්නම් කියමින් ඔහු පින් සෙණ්ඩු වුණේය. අන්න එහෙම වරෙන් කී මැරයා එහෙනම් මට රුපියල් විසිපන්දාහක් දීපන් මේක ගොඩින් බේර ගන්න නම් යැයි කීවේය.
නැති බනේ කියමින් ඔහු රුපියල් විසිපන්දහස රුපියල් දසදහසට අඩු කර ගත්තත් එයද ගෙවීමට හැකියාවක් නොවුණ හෙයින් මිතුරන් දෙතුන් දෙනකුගේ උපකාරය පැතුවේ එහෙයිනි. මිතුරන් කිහිපදෙනකුගේ අතමාරුවලින් එදා ජාමේ බේරාගෙන පැමිණියත් මෙය ඔහුගේ භාර්යාවගේ කනට ගියේ ඥාතීන්ගේ මාර්ගයෙනි. එය දැන ගත් ඇය ඔහු ගණන් නොගත්තාය. තිබූ සබඳතාවත් නතර කර බත් පත පමණක් දුන්නේ ඔහුගේ මාස් පඩිය නැතිව ගෙදර ගෙනියන්න බැරි නිසාය.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆේස්බුක් පෙම්වතිය කලිසමත් සුද්ද කරගෙන