පෝද්දල සරත් ආනන්ද ගමගේ
ගෙහිමියාට නිවෙස බාරදී බිරිඳත් දියණියත් නිවෙසින් බැහැරව සිටියදී නිවෙසේ යතුර නැතිකරගත් සැමියකු දින දෙකක්ම නිවෙසේ වැරැන්ඩාවට වී පරිප්පුවක් කෑමේ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
බිරිඳ සහ දියණිය දින තුනක සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබුණේ ප්‍රදේශයේ ජනප්‍රිය සුබ සාධක සමිතියක වාර්ෂික චාරිකාව නියෝජනය කරමිනි. නිවෙසින් පිටව යනවිට බිරිඳ තම සැමියාට කියා සිටියේ කෑමට බීමට අවශ්‍ය සියලුදෑ නිවෙසේ ඇති බවත්, උදේට රෑට අවශ්‍ය නම් කැමති කෑමක් චූන් පාන් රථයෙන් ලබාගන්නා ලෙසය. එසේම කිසිම හේතුවකට නිවෙසින් බැහැරව නොයන ලෙසත් තරයේ අවවාද කර තිබුණේ මිනිහාගේ තරම ද දන්නා බැවිනි.
පළමු දින බිරිඳගේ අවවාදය පිළිගනිමින් නිවෙසේ රැඳී සිටියත් දෙවැනි දින සවස පාර පැත්තේ රවුමක් යාමට ඔහුට අදහසක් පහළ විය. විශ්‍රාමිකයකු වූ ඔහුට අවශ්‍ය නම් බැංකු කාඩ්පතින් මුදල් ලබාගැනීමේ හැකියාවද තිබුණි.
දොර වසා යතුර සාක්කුවේ දමාගෙන පාපැදියේ නැගී නගරයට ගොස් බැංකුවෙන් මුදලක් ලබාගත්තේ යටි සිතේ පැන නැගී තිබුණු අදහසකට අනුවය. ඒ අනුව එක්තරා ස්ථානයකට ගියවිට එතැනදී හමුවූ මිතුරන් දෙදෙනකු යෝජනා කළේ තුන් දෙනාම එකතුව මොනවා හරි කරමු කියාය. ඒ අනුව මිතුරන් තිදෙනා අවශ්‍ය කළමනා මිලට ගෙන සප්පායම්වීම සඳහා අසල අවන්හලකට ගොඩවීයේ ඉතිරි කළමනාද එතැන තිබෙන බැවිනි.
මිතුරන් තිදෙනාගේ සාදය නිමාවී ඔහු නිවෙසට එන්නට පිටත් වුවද පාපැදිය ඔහුට අවනත නොවන බැවින් එය තල්ලු කරගෙනම ඔහු නිවෙස කරා පැමිණියේය. නිවෙසේ දොර හැරීම සඳහා යතුර සොයා ගැනීමට සාක්කුවට අතදැමුවද යතුර තිබුණේ නැත.
අවන්හල තුළ යතුර වැටෙන්නට ඇතැයි සිතා ත්‍රීරෝද රථයක් ගෙන්වාගෙන එම ස්ථානයට ගොස් සොයා බැලුවද යතුර එහිද නොවීය.
නැවත නිවෙසට පැමිණ දොර කඩා හෝ ඊට ඇතුළුවෙමියි සිතා දොර කඩන ක්‍රමයක් කල්පනා කළද බිරිඳට නොදන්වා දොර කැඩුවොත් සිදුවිය හැකි අවනඩුවද ඔහුට සිහිපත් විය.
බිරිඳට දුරකතන ඇමතුමක් ලබාගනිමින්, රෑ කෑමට රයිස් එකක් මිලදී ගැනීමට තමා නගරයට ගිය බවත් නැවත පැමිණ බලද්දී යතුර නැතිවී ඇති බවත් පවසා දොර කඩා තමා නිවෙසට ඇතුළු වෙන්නදැයි විමසීය.
දොර කැඩුවොත් දොරත් අගුලත් දෙකම කැඩෙන බවත්, අද කාලයේ ඒවා නැවත සාදාගැනීමට විශාල මුදලක් වැයවන බැවින් එවැනි විනාශයක් නොකරන ලෙස අවවාද කළ බිරිඳ තමා ළඟ දොරේ අනිත් යතුර තිබෙන බැවින් තමා එනතෙක් නිවෙසේ ඉදිරිපස වැරන්ඩාවට වී සිටින ලෙස අවවාද කළේය. චාරිකාවට සහභාගි වූ අසල්වැසියන්ද සිද්ධිය දැනගත් අතර නිවෙසේ ඉදිරිපස ප්ලාස්ටික් පුටුවකට වී දින දෙකක් ගෙවූ අපහසුවට වඩා ලොකු අපහසුවක් මිනිසුන්ට මුහුණ දීමෙන් සිදුවිය හැකියැයි සිතා ඔහු දැන් වැඩිපුරම නිවෙසටමවී කාලය ගෙවයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හොර ගමනක් ගිහින් දවස් දෙකක් ඉස්තෝප්පුවේ ලගින්න වෙලා