IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හැට හතර මායමට රැවටී බයික් එකට තෙලුත් ගසා කන්නත් අරන් දීලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
හැට හතර මායම්වලින් දෙකක් තුනක් පමණ විසිකර තෙල් පෝලිමේ සිටින අතරතුර බඩකට පිරෙන්න කා ඇතැම් අවස්ථාවල දී නොමිලයේ තෙල් ටික ද ගසා ගන්නා කාන්තාවක පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


ඇය හැඩකාරය, කටකාරය, මනබදින සුළුය. කතාව ද ළගන්නා සුළුය. ගමන යතුරු පැදියෙනි. තෙල් පෝලිමේ සිටින විට මෝරුන් හා කුලු‍පගවෙන්න ඇයට ගත වෙන්නේ සුළු වෙලාවකි.


ඒ කාලයෙන් ලොකුම මෝරා ළඟට කිට්ටුවන්නේ ඔහුට හිතා ගන්නවත් බැරි විදිහටය. පෝලිම දිගු නිසා ඔහු ඇයට පිපාසය සංසිඳවා ගැනීමට වෙළෙඳ සලකට ගොස් සිසිල් බීම ගෙනත් දෙන්නේය. අවස්ථාවේ හැටියට ඔහු බඩට වැටෙන කෙටි ආහාර ද ගෙනැවිත් දීමට අමතක නොකරන්නේය.


ඉන්ධන පිරවුම් පොළට යතුරු පැදිය ළංවන විට සමහර අවස්ථාවල දී ඇයගේ යතුරු පැදියට වදිනා ඉන්ධන ටිකට මුදල් ගෙවන්නේත් මෝරෙකි.


දුරකතන අංක හුවමාරු වුවත් ඇයට හසුවන මෝරුන්ට නම් කවදාවත්ම ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත නොහැකිව ඇත්තේ එය භාවිතයෙන් තොර එකක් යයි ප්‍රතිරාවය වීම නිසාලු‍.



අදහස් (0)

හැට හතර මායමට රැවටී බයික් එකට තෙලුත් ගසා කන්නත් අරන් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site