(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ආහාර මල්ලක් ඇණවුම් කළ පසු පළතුරු සමග ආහාර මල්ලක් ලැබුණු සිද්ධියක් කොළඹට නුදුරු නගරයකින් පසුගියදා වාර්තා විය.
ඇඳිරි නීතියත් සමග ප්‍රධාන පෙළේ ආයතන මෙන්ම ගමේ ගොඩේ වෙළෙඳසැල්ද විවිධ පැකේජ යටතේ ආහාර ඇණවුම් බාරගැනීම සිදුවිය. රුපියල් 1000 සිට 4000 ගණන් දක්වා වන පැකේජ ඒ ඒ ආයතන විසින් හඳුන්වා දෙනු ලැබීය.
කොළඹට නුදුරු නගරයක වෙසෙන යුවළක් එක් ආයතනයක දුරකතන අංකයකට කතා කර තමන්ට ද ආහාර මල්ලක අවශ්‍යතාව දැනුම් දුන්නේ අවස්ථාවේ හැටියට ලැබෙන සහනයක් බව සලකාය. රුපියල් හාරදහසේ මල්ලක් ඇණවුම් කළ ඔවුහු ඒ සඳහා ලැබෙන දේ ගැනද විමසීමක් කළෝය. ඒ ගැන දැන්ම කියන්න බැහැ. හොඳ බඩු ලැබෙන එක නම් ෂුවර් යැයි පිළිතුරු ලැබිණි.
වරුවක් ගතවෙද්දී මේ බඩු මල්ල ලැබිණි. එහි වැඩියෙන්ම තිබුණේ පළතුරුය. කෙසෙල්, පැපොල් ආදියද ඒ අතර විය. එමෙන්ම එදිනෙදා අත්‍යවශ්‍ය නොවන බිස්කට්, කිරිපිටි වර්ග වැනි වර්ග ගණනාවක්ද විය. ඒ සඳහා ලොකු ගණනක් අය කළ බව බිල්පතේ සඳහන්ව තිබිණි. එහෙත් එදිනෙදා අවැසි දේ කිසිවක් එහි නොවීය.
අපි කිව්වේ ආහාර මල්ලක් දෙන්න කියලානේ. ඇයි අපිට පළතුරු එව්වේ. හාල් තුන පහ ටිකක් ලැබුණා නම් මේ අමාරු අවස්ථාවේ හැටියට හොඳයිනේ ඔවුන් යළි අමතා පැවසුවත් ඊට නිසි පිළිතුරක් ලැබුණේ නැත. අවස්ථාවාදීන් කළ දුටු තැන ඉහගෙන කන එක වෙනවා. බඩගින්නේ හිටියා නම් මීට වඩා හොඳයි. මේ යුවළ හිතවතුන් හා පැවසුවේ නමේ හැටියට වැඩ කළ ආයතනය ගැන දැඩි කලකිරීමෙනි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
හාල්-පරිප්පු එනකම් බලාගෙන උන්නාම පලතුරු මල්ලක් ගෙට ඇවිත්
shanka Monday, 06 April 2020 05:58 AM
මේ අසීරු අවස්ථාවේ මේ වගේ සාමාන්‍ය ජනතාව කොල්ලකන අයට අනිවාර්යයෙන් පාඩමක් ඉගැන්විය යුතුයි කප්රුකට කලා වගේ..
wca Monday, 06 April 2020 09:31 AM
මේ වගේ ආයතනවල නමත් කිව්ව නම් හොදයි... එතකොට අනෙක් අයට දැනගන්න පුළුවන්...