IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හොල්මන් මන්දිරයේ මළ මිනියටත් අම්බානක නෙළලා

වෙළෙඳ සැණකෙළියේ හොල්මන් මන්දිරය තුළ මළ මිනියක චරිතය නිරූපණය කළ පාසල් සිසුවකුට මිනී පෙට්ටිය තුළ දී පහර දී තුවාල සිදුකිරීමේ පුවතක් හක්මන ප්‍රදේශයෙන් වාර්තාවේ.

හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේ මේ දිනවල වෙළෙඳ සැණකෙළියක් පැවැත්වෙන අතර පාසල් සිසුහු පිරිසක් එහි හොල්මන් න්දිරයක් පවත්වා ගෙන යති.

ආලෝකය නොමැති ලෙස හොල්මන් මන්දිරය අඳුරු කර ඇති අතර තුවාලකරු මිනී පෙට්ටිය තුළ මළ මිනියක් ලෙස වැතිර සිටින අවස්ථාවේ අඳුරේම පැමිණි තවත් සිසුවකු මෙලෙස පහරදීම සිදුකොට පලාග�ොස් ඇති බව සැලවේ.

පහර කෑමෙන් පසු එම සිසුවා ඒ බව එහි සිටි පොලිස් නිලධාරින්ට දන්වා ඇති අතර පහරදීම සිදුකළා යැයි සැක කෙරෙන තවත් සිසුවකු හොල්මන්  මන්දිරය නරඹමින් සිටි ජනතාව විසින් අල්ලා පොලිසියට බාර දී ඇති බව ද වාර්තාවේ.

හක්මන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අංශ දෙකක සිසුන් පිරිසක් අතර ඇති ගැටුමක් හේතුවෙන් මෙලෙස පහරදීම සිදුකර ඇති බව පැවසෙන අතර සිදුවීම සම්බන්ධයෙන් හක්මන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (1)

හොල්මන් මන්දිරයේ මළ මිනියටත් අම්බානක නෙළලා

leckmich Tuesday, 10 January 2023 02:32 PM

දෙක වදිනකොට මිනිය නැගිටලා දිවුවාලු,මේක නම් මැරෙන්නවත් නිදහසක් නැති රටක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 50 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site