IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොල්මනකට බයවී කිලෝමීටර් දෙකක් ත්‍රිරෝද රථ දෙකකින් ගිහින්

(පස්සර ගාමා වීරසිංහ)

නිවස ආසන්නයේදී හොල්මනකට බිය වූ පුද්ගලයකු කිලෝමීටර් දෙකක් පයිනුත් ගමන් කර ත්‍රිරෝද රථ දෙකකටත් කුලිය දී කිලෝමීටර් හයක දුරක් ගෙවා ගෙදරට ගිය පසු මුහුණ දුන් සිද්ධියකි මේ.

සිද්ධිය සැළවූයේ බදුල්ලට නුදුරු ගමකිනි. සිද්ධියට මුහුණ දුන් පුද්ගලයාගේ නිවෙසටම බදුල්ල නගරයේ සිට මාර්ග දෙකක් ඔස්සේ යා හැකිය. එක් මාර්ගයකින් කිලෝමීටර් දෙකක් පමණ ද අනෙක් මාර්ගයෙන් කිලෝමීටර් දෙකයි කාලක් පමණ ද දුරය. සිද්ධියට මුහුණ දුන් තැනැත්තා රැකියාව කරන්නේ බදුල්ලෙන් ඈත දුර බැහැර නගරයකය. ඔහු සෑම මසකම සිය වැටුප ද ලැබූ පසු නිවෙසට පැමිණෙන්නේය.

හොල්මන් අවතාර ගැන ද විශ්වාස කරන ඔහු දුක් මහන්සි වී ලබන වේතනය නිකරුණේ වියදම් කරන්නේ ද නැත. සිය වියහියදම් ද බොහෝ දුරට බිරියගේ නියෝගයන්ට අනුව සිදු කිරීමට බැඳී සිටින ඔහු ගමටම ප්‍රසිද්ධ අවංක සැමියෙකි.

ඉකුත්  මාසයේ වැටුප ලබා කෙටි නිවාඩුවක් ද අනුමත කර ගත් ඔහු සිය ආයතනයෙන් පිටවූයේ බදුල්ලේ පිහිටි ගම් ප්‍රදේශයට යාමටය. ගෙදරට වුවමනා කරන දේ ද රැගෙන බොහෝ දුර ගෙවා බදුල්ල නගරයට පැමිණෙන විට රාත්‍රී 11.30 පමණ විය. නගරයේ සිට නිවෙස බලා යෑමට මේ වෙලාවට බස් රථයක් ද නොමැති නිසා පා ගමනින්ම නිවස බලා යාමට ඔහු අදිටන් කරගත්තේ රාත්‍රී ගමනකට ත්‍රිරෝද රථයකට අය කරන මුදල ද වැඩි නිසා එම මුදල ද ඉතිරි කර ගැනීමටය.

කෙටිම මාර්ගයෙන් නිවෙසට යාමට තීරණය කළ ඔහු නගරයේ සිට ප්‍රධාන මාර්ගයක් ඔස්සේ ගොස් කිලෝමීටර් කාලකට ආසන්න දුරක් අතුරු මාර්ගය ඔස්සේ යන විට ගමේ ජීවත් වූ පුද්ගලයකු දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බව ද මතකයට නැඟිනි.

අතුරු මාර්ගය අයිනේ වැට දෙසින් ඇසුණු ජර බර හඬකින් ඔහු තිගැස්සුනි. දුටු දෙයින් ඔහුගේ තොල කට වියැළී සුළු දිය පිටවන්නට ද ඔන්න මෙන්නය.

මල් වඩමක් ඉදිරියටත් පිටුපසටත් එහෙ මෙහෙ වන අයුරු දුටු ඔහු නැවත පස්ස නොබලාම ප්‍රධාන මාර්ගයටත් ප්‍රධාන මාර්ගය ඔස්සේ නගරය දෙසටත් යන විට නගරය දෙසට යන ත්‍රිරෝද රථයකට අත දිගු කර නැවත නගරයට ගියේ රුපියල් 300ක මුදලක් ද ගෙවාය. නැවත ගෙදර යාමට ඇති අනෙක් මාර්ගය ඔස්සේ වෙනත් ත්‍රිරෝද රථයකින් රුපියල් 300ක් ගෙවා නිවෙසට ගොස් සිදුවූ පුවත බිරියට ද දරුවන්ට ද සැළ කළේ සුමානෙකට ඉහත මැරුණ කෙනා මල්වඩමක් ද රැගෙන වැටෙන් එබිකම් කළ බව පවසමිනි.

සිය සැමියා දුටුවා යැයි කියූ දේ උදෑසනම බිරිඳ විසින් මුළු ගමටම පැතිරුවේ ලොකු කුඩා සියල්ල භීතියට පත්කරමිනි.

සිද්ධිය ගමේම පැතිරී පැය දෙක තුනකට පසු ගමෙහි ගවපට්ටියක ගවයකුගේ බෙල්ලේ පටැල වී තිබුණු මල් වඩම ද රැගෙන සිද්ධිය වූ තැනැත්තාගේ නිවස දෙසට ගව හිමියා ගියේ කොක් හඬලා සිතා සෙමින් ගමේ අයගේ ද සිනහව සමඟිනි.

හඳයාගේ බෙල්ලට වැටී තිබුණු මල්වඩම ඉවත් කර ගැනීමට රැයක් පහන් වනතුරු වැට ද උපකාර කර ගනිමින් හඳයා දැරූ උත්සාහය අසාර්ථක වී තිබූ බව ගව පට්ටි හිමිකරු ගමේ අයට පැවසුවාලු.

 



අදහස් (0)

හොල්මනකට බයවී කිලෝමීටර් දෙකක් ත්‍රිරෝද රථ දෙකකින් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site