IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හොර මනමාලයා ඇඟිල්ලත් නැති කරගෙන ගෙදර ගිහින්

වියලු‍ව වාර්තාකරු

රෑ මැදියමේ නිවෙසට ඇතුළුවී අතවරයක් කිරීමට සැරසුණු  පුද්ගලයෙකුගේ ඇඟිල්ලක් සපා කා අතවරයෙන් බේරුණු කාන්තාවක පිළිබඳ පුවතක්  පෙරේදා (1වැනිදා) කන්දකැටිය පොලිසියෙන් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

ඇය ප්‍රදේශයේ ගම්බද කාන්තාවකි. සිය සැමියා කිසියම් කටයුත්තක් සඳහා නිවෙසින් බැහැරව යෑම නිසා ඇය එදින නිවෙසේ සිටියේ   තනිවමය.

මැදියම් රැය ආසන්න වෙද්දී නිවෙස දෙසින් කිසියම් ශබ්දයක් ඇසී ඇය ඒ පිළිබඳව විපරම් කරද්දී ඇයට දැකගන්නට ලැබුණේ නිවෙසේම තිබූ ඇඳ ඇතිරිල්ලක් පොරවාගත් කිසිවකු  නිවස තුළ සැඟවී සිටින බවකි. ඇය මඳක් විමසිලිමත් වූවාය.

තවත් මොහොතක් ගෙවී යද්දී ඇඳ ඇතිරිල්ල යට  සැඟව සිටි පුද්ගලයා  ඇය ළඟට පැමිණියේ  අයුතු යෝජනාවක් කරමිනි.

කිසිදු කලබලයක් නොපෙන්වූ ඇය එක්වරම අමුත්තාගේ අතක   ඇඟිල්ලක් ගෙන කටේ දමා හැපුවේ හොර මනමාලයා අන්දමන්ද කරමිනි.

නොසිතූ මොහොතක ලද ප්‍රතිචාරයෙන් කලබලයටත් දැඩි වේදනාවටත් පත් හොර මනමාලයා මර ලතෝනි දෙමින් කළුවරේම   පැන දිව්වේ කරන්නට අන් යමක් නො වූ හෙයිනි.

ඉන් නොනැවතුණු කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ඇමතුමක් දෙමින් සිද්ධිය දැනුම්දීමටද  අමතක නොකළාය.

ඒ අනුව කන්දකැටිය පොලිසියේ නිලධාරීන් රාත්‍රියේම ඇයගේ නිවෙස සොයා ගිය ද පැමිණි පුද්ගලයා පිළිබඳ හෝඩුවාවක් හෝ දැනගන්නට නොලැබිණි.

සිද්ධියෙන් නොනැවතුණු ඇය පසුදින ප්‍රදේශයේ රෝහල කරා පැමිණ ඇඟිල්ලක් නැති පුද්ගලයකු බෙහෙත් දමා ගැනීමට පැමිණියේදැයි රෝහල් කාර්ය මණ්ඩලයෙන් ද විමසා ඇති බව දැනගන්නට ඇත.

කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත



අදහස් (3)

හොර මනමාලයා ඇඟිල්ලත් නැති කරගෙන ගෙදර ගිහින්

thoppiyaa Friday, 03 February 2023 10:28 AM

අනුන්ගේ දේවල්වලට ඇඟිලි ගහන්න යන්න එපා කියන්නේ මේකට තමයි.

:       0       17

රිතික් Saturday, 04 February 2023 01:56 PM

අතක ඇඟිල්ලක්ද හපලා තියෙන්නේ මම හිතුවෙ.....

:       2       12

ගෝවින්දWednesday, 08 February 2023 10:24 AM

මමත් හිතුවෙ මැද ඇඟිල්ල කියලා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 50 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site