IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හරිම කෙනා සෙට්වෙලා - කනෙන් දුම් විසිවෙලා

(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන) 
තමාගේම මිතුරකුගේ භාර්යාවගේ පිට ස්පර්ශ කර මතක හිටින කනේ පහරවල් කිහිපයක් කෑ පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු ගැන අපූරු පුවතක්  දකුණේ කිරිල්ලියකගේ පණට සමාන අරුත් දෙන ප්‍රදේශයකින් වාර්තා වේ.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


 අවිවාහකයකු වූ එම පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මනමාලයෙකි. ඔහු කාන්තාවන් බසයෙන් බස්සන්නේ පිටට අත තබා ස්පර්ශ කරමිනි. එය ඔහුගේ විනෝදාංශයකි. ඇතැම් තරුණියන්ගේ පිට මිරිකීමට ද ඔහු ප්‍රිය කළේය. පිළිකුලෙන් වුවද එම කාන්තාවන් බසයෙන් බැස යන්නේ කළ හැකි වෙනත් දෙයක් නොමැති බැවිනි.


මෙම කොන්දොස්තරවරයා බස් රථයේ මගීන් තදබද වූ දිනක  රූමත් කාන්තාවකගේ පිට මිරිකමින් බසයෙන් බැස්ස වූයේ සුපුරුදු වින්දනය ද ලබමිනි. කාන්තාව ද ඔහු දෙස රවා බලමින් බසයෙන් බැස ගියාය. ඇය නිවෙසට ගොඩ වැදුණේ ඇස් රතු කර ගනිමිනි. 


පසුව සැමියා ඒ ගැන තොරතුරු විමසූ විට ඇය සියල්ල පැවසූවාය. බස් කොන්දොස්තරවරුන් හොඳින් හඳුනන ඇගේ සැමියා වහාම  බස් නැවතුම්පොළේ හිතවතකුට ඇමතුමක් ගෙන එම වේලාවට පැමිණි බස්රථය පිළිබඳ තොරතුරු දැනගත්තේය. එමෙන්ම සිදු වූ සිද්ධියද පවසා ආපසු එන විට අල්ලා ගෙන පාඩමක් උගන්වන බවද පැවසීය.


 බස් නැවතුමේ සිටි මිතුරන්ගෙන් මේ තත්ත්වය දැනගත් මෙම කොන්දොස්තරවරයා මහත් සේ බියට පත්ව කාන්තාව නැගි ප්‍රදේශයේ ගණන්කාරයකු වූ තම මිතුරකුට ඇමතුමක් ගෙන සියලු‍ විස්තර කීවේ මෙම සිද්ධිය සමථයකට පත්කර දෙන ලෙස බැගෑපත් වෙමිනි.


සියලු තොරතුරු විමසූ මිතුරා හරියටම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා කව්දැයි දැන ඒ තමාගේ බිරිය බව නොපවසා  ‘හරි මම  බලාගන්නම්. බය නැතුව වරෙන්’ යැයි පැවසූ බැවින් ඔහු සැනසුම් සුසුමක් හෙළීය. 


ඔහු පැමිණීමට නියමිත වේලාව ද දැනුම් දුන්නේ සහනයක් බලාපොරොත්තුවෙනි. නියමිත වේලාවට මිතුරා නිවෙස අසල පාර අයිනට වී සිටි බැවින් සැනසුම් සුසුමක් ද හෙලීය.


තම මිතුරා කොන්දොස්තරවරයා බස්සවා අතින් අල්ලාගෙන     අසල වූ තම නිවෙසට කැඳවාගෙන ගොස් බිරියට කතා කොට පිට මිරිකුවේ මූ දැයි විමසීය. ඇය ගත් කටටම ඔහු බව තහවුරු කළේය.


එකෙනෙහිම ජීවිතයට අමතක නොවන කනේ පහරවල් කිහිපයකින් සංග්‍රහ කළ මිතුරා ‘මීට පස්සෙ මේ වගේ තිරිසන් ජරා වැඩ කරන්න එපා කසාදයක් බැඳගනිං’ යනුවෙන් අවවාදයක්ද  කළේය. පසුව මිතුරාගේ  බිරිඳගෙන් සමාව ගෙන බස්රථයට පැමිණියේ මින්පසු කිසිදා එවැනි දේ නොකරන බවට තරයේ සිතට ගනිමිනි.


 සිද්ධිය කන වැකුණු මිතුරන් මේ ගැන විමසන විට හොඳ දෙකක් කියා මාරු වී යන්නේ ලැජ්ජාවෙන් ලු‍. 

 



අදහස් (2)

හරිම කෙනා සෙට්වෙලා - කනෙන් දුම් විසිවෙලා

රිතික් Wednesday, 02 September 2020 06:28 AM

මටත් ඔයිට සමාන සිද්ධියක් වුණා... ගුටි කෑවේ නම් නෑ.. ඒත් වස ලැජ්ජාව..

:       21       1

sumithWednesday, 02 September 2020 08:02 PM

මම නම් වහ කාලා මැරෙනවා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site