IMG-LOGO

හොරෙකුට ගහලා අතත් කඩාගෙන

කඹුරුපිටිය විශේෂ කේ. අජිත් 
තමා නැති අතරේ තම රූමත් බිරිඳ බැලීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇතැයි සිතා විශාල අකරතැබ්බයකට මුහුණ පෑ සැමියකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.
හෙතෙම නිවෙසේ සිට දුර බැහැර ප්‍රදේශයක කාර්යාලයක සේවය කරන්නෙකි. විවාහකයකු වන ඔහුගේ එකම පුතා 18 හැවිරිදි වියේ පසුවිය. හෙතෙම තම ගෙවත්ත අලංකාර අන්දමින් පවත්වාගෙන යාමට දැඩි උනන්දුවක් දැක්වූ අතර මවගෙන් ද ඊට නොමද සහයක් ලැබිණි.
ඇය වයසට වඩා ළාබාල පෙනුමෙන් යුත් රූමත් කාන්තාවක් වූවාය. මේ නිසාම දකින කියන බොහෝ අයගේ සිත් ඇය කෙරෙහි යොමු විය. එය සැමියාට නොරුස්සන සුළු විය. මේ නිසා ම ඔහු ඇය ගැන සැකයෙන් බලන්නට විය.


දිනපතා රැකියාවට යන මොහු නි‍වෙසට පැමිණෙන්නේ තරමක් රෑ බෝවෙද්දීය. ඒ එන විට තම යහළුවන් සමග මධුවිතකින් සප්පායම් වීමට ද අමතක නොකරයි.
දිනක් තම සේවය නිමකර නිවෙසට පැමිණි ඔහුට අඩ අඳුරේ ගෙවත්තෙහි කිසිවකු සිටින බවට ඡායාවක් දැක කලබලයට පත් වූයේ තම බිරිඳ හමුවීමට කවුරුන් හෝ පැමිණ ඇතැයි සැක සිතමිනි.
 කලබල වූ ඔහු “කවුද ඔතන මොකද කරන්නෙ?” ඇසීය. පිළිතුරු නොවූ හෙයින් තවත් වරක් එසේ ඇසීය. එයටත් පිළිතුරු නොලැබුණ නිසා කෝපයෙන් ඉදිරියට පැන ඔහුගේ පපු පෙදෙසට වේගවත් පහරක් එල්ල කළේය. තද දෙයකට අත වැදීමෙන් ඇතිවූ වේදනාවත් සමග කෑගසාගෙන ඔහු බිම ඇද වැටුණේ එතැන සිටි තැනැත්තාත් සමගිනි. 


මෙම ශබ්දය ඇසුණු බිරිඳ එතැනට දුවගෙන ආ අතර, ඇය දුටුවේ එදින තම පුතා ගෙවත්ත අලංකාරය සඳහා ගෙනවිත් සවිකර තිබූ මාළු බිලීබාන රුවක් ඇති කොන්ක්‍රීට් පිළිරුව සමග තම සැමියා බිම ඇද වැටී සිටින අයුරුය.
පුතාගේ ද සහාය ඇතිව සැමියා නැගිටුවා ගත් ඇය සිදුවූ දෙය අසා මවිතයට පත්විය. සැමියාගේ ද ඉහමොළ රත් වූයේ හදිසි කලබලය නිසා තමාට සිදු වූ අකරතැබ්බය නිසාය. දෙකට කැඩී ගිය පිළිරුව දෙස ද බැලූ ඇය දකුණු අතේ අස්ථියක් බිඳී ගිය සැමියා වෛද්‍යවරයෙකු ළඟට කැඳවාගෙන ගියේ කිසිවක් හරිහැටි නොසොයා මින්මතු වැඩ නොකරන ලෙස තම සැමියාට අවවාදයක් ද දෙමිනි.



අදහස් (0)

හොරෙකුට ගහලා අතත් කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 302 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 483 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 192 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site