IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


හැමෝටම විහිළුකරන ‘‘ගමේ ජෝකර්ට’’ පොලිසියෙන් ‘‘ජෝක් එකක්’’

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)   
ගමේ හැමෝටම කවටකම් කර පොලිසියටද විහිළු කරන්න ගිය ජෝකර්ට පොලිසියෙන් ජෝක් එකක් ලැබුණු සිද්ධියක් අසන්නට ලැබුණි.


මේ ගමේ සිටින සියලු‍ දෙනාටම මෙම පුද්ගලයා කවටකම් කරයි. ඒ නිසාම ඔහු ගමේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය වී ඇත්තේ ‘ජෝකර්’ යන නමිනි. ඔහු කරන විහිළු වැඩ ගමේ කඩ පිලට ඇවිත් පවසන්නේ ඉතා උජාරුවෙනි. මෙදිනද ඔහු ගමේ කඩ පිලට ගොඩ වී ඔහු පෙර දින සිදුකළ කවටකමක් පිළිබඳව කීවේ මහත් උජාරුවෙනි. ‘‘මුදලාලි දන්නෙ නෑනෙ වැඩක්  මම ඊයෙ රෑ පොලිසියත් එක්ක මළ ගෙදරක ගියා නේ”‍ එවිට මුදලාලි පුදුමයට පත්ව ‘‘කොහොමද ගියේ ගෙදරට ඇවිත් එක්ක ගියාදැයි’’ අසා ඇත.


 එවිට ජෝකර් පවසා ඇත්තේ ‘‘නෑ මුදලාලි මම කොල්ලො සෙට් එකක් එක්ක ටිකක් ගහලා පොඩි කයියක් ගගහා හිටියා. ඒ එක්කම දන්නේ නැතුව පොලිස් ජීප් එක අපි ඉන්න තැනට ආවා. කොල්ලො ටික මාව දාලා දිව්වා. මට දුවන්න බැරි නිසා මම එතනම බිම දිගා වෙලා මැරුණා වගේ හිටියා. පස්සේ පොලිසියේ මහත්වරු මාව උස්සලා ජීප් එකට දාලා අරගෙන ගියා. ඒ යන අතරතුර මළ ගෙදරටත් යන්න ඕනි කියලා කියනවා මට ඇහුණා. මමත් මැරුණා වගේ සද්ද නැතුව හිටිය. ඊට පස්සේ මළ ගෙදරට ගිහින් ආපු පොලිසියෙ කට්ටිය පැය බාගෙකට පස්සේ මඟු‍ල් ගෙයක් තියනවා යන්න ඕනේ කියලා ආයෙත් යන්න පටන් ගත්තා. ගොඩ වෙලාවකට පස්සේ ලයිට් දාපු ගෙයක් ගාව නැවැත්තුවාම මාරු වෙන්න හොඳම අවස්ථාව මේක කියලා හිතලා මමත් හිමීට ජීප් එකේ දොර ඇරගෙන බැහැලා හෙමින් හෙමින් එන්න පටන් ගත්තා. බලන කොටයි මට තේරුනේ මම දැන් ඉන්නේ අල්ලපු ගමේ බව පොලිසියේ අයත් බීලද කොහෙද මාරු වෙලා වෙන ගමකට ගිහිල්ලා. මම පයින් ඇවිත් එළිවෙන කොට ගමට ආවා”‍ පොලිසියේ අය තාම එහේ ඇති යැයි පවසා ඇත. 


ඒ සමගම කඩපිල දෙසට එන ජීප් රිය දුටු ජෝකර් පැන දුවන්නට පටන්ගෙන ඇත. කඩපිල දෙසට ආ පොලිස් ජීප් රිය කඩේ අසල නවතා මුදලාලි අමතා ‘‘අර දිව්වේ ජෝකර් නේද?’’ යයි අසා ඇත. මුදලාලි එවිට කිසිවක් නොදන්නා ගානට ‘‘ඔව් මහත්තයා ඇයි මොකුත් ප්‍රශ්නයක්ද’’ යැයි අසා ඇත. එවිට පොලිස් නිලධාරියා මුදලාලි අමතා ‘‘නෑ මුදලාලි මිනිහා ගමේ හැමෝටම ජෝක් කරනවනේ. අපි මිනිහටත් ජෝක් එකක් කළා. මේ ගමේ නම තියෙන මගුල් ගෙයක් කියලා මිනිහව පිට ගමකට එක්කන් ගියා. අපි දැනගෙන හිටියා මිනිහා මැරිලා වගේ ඉන්නේ බොරුවට බව. අපි දැන් ආවේ මිනිහා යහතින් ගමට ආවා දැයි බලන්නයි”‍ යැයි නිලධාරියා පවසද්දී කඩයේ පිරී සිටි හැමෝම කොක් හඬලා සිනාසෙන්නට  පටන් ගත්හ.

 



අදහස් (0)

හැමෝටම විහිළුකරන ‘‘ගමේ ජෝකර්ට’’ පොලිසියෙන් ‘‘ජෝක් එකක්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site