IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොඳ හෝටලයකින් කන්න ගිහින් ගමේ කඬේ පිහිටවෙලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සාදයකට එක්වූ පිරිසකට රාත්‍රී ආහාරය ප්‍රමාණවත් අන්දමින් ලබාදීමට ඉහළ පෙළේ හෝටලයක පාලනාධිකාරිය අපොහොසත්වීම නිසා එම පිරිස නගරයේ සාමාන්‍ය හෝටලයකින් කෑම ඇනවුම් කිරීමේ සිද්ධියක් මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය. 


දස දෙකෙු පමණ එක්වූ සැඳෑ සාදයකි. සංවිධායකයින් එදින පෙරවරුවේ මේ බව දැනුම්දී හෝටලය වෙන්කර ගනු ලැබුයේ ඉහළ පෙළේ හෝටලයක් නිසාය. සියල්ල සූදානම් බව දහවල් වනවිට හෝටලයෙන් දැන්වීය. ඒ අනුව හිරු බැස යද්දී සාදය ආරම්භ විය. 


බෝතලය දෙක හිස් වෙද්දී කටගැස්ම ලැබුණේ ද ඉඳහිටය. එහෙත් ඒ බව ගණනකට නොගත් පිරිස සතුටෙන් කල් ගෙවූහ. රාත්‍රී නවයේ කණිසමත් පසුවූ පසු රාත්‍රී ආහාරය සපයනු ලැබීය. එම ආහාර ප්‍රමාණය පිරිසෙන් අඩකටත් ප්‍රමාණවත් නොවන බව පෙනුනි. 


ඒ ගැන සේවකයින්ට දැන්වූ විට ඔවුන් පැවසුවේ බත් උයන්නට අවශ්‍ය බවයි. ඒ සඳහා තවත් පැයක්වත් කල් ගතවනු ඇති බව සේවකයෝ සඳහන් කළහ. සහල් තවම පොලොන්නරුවේ ද කියා කටකාරයෙක් ඒ අවස්ථාවේ ඇසුවේ ඔච්චමට මෙනි. උදේ සිට කළ දැනුම්දීම නොසලකා තමන්ට කළ අවමානය නිසා පිරිස ක්ෂණික තීරණයක් ගත්හ. “ඔයාලා උයන්න එපා. අපි ටවුමේ කඬේකින් ගෙන්නාගෙන කෑම කන්නම්” ඔවුහු කීහ. 


ඒ අනුව නගරයේ හෝටලයකින් අවශ්‍ය කෑම ගෙන්වා ගත් පිරිස අඩු පැයකදී සංග්‍රහය අවසන් කර පිටව යාමට සැරසුනි. ප්‍රමාණවත් සේවයක් නොසැලසුවත් ලොකු වටිනාකමකින් යුත් බිල්පතක් පමණක් ලබා දෙන්නට එහි සේවකයෝ පියවර ගත්හ. එහි මුදල් ගෙවූ සංවිධායකයා ගමේ කෝපි කඩයකට ගියා නම් මීට වඩා හොඳ සේවකයක් සැලසෙන බව කියද්දී සේවක පිරිස මුවින් නොබැන සිටියේ කළ හැකි දෙයක් නැති නිසා විය යුතුය. 

 



අදහස් (0)

හොඳ හෝටලයකින් කන්න ගිහින් ගමේ කඬේ පිහිටවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site