(කාංචන කුමාර ආරියදාස)
සෙනසුරු මාරුවෙන් ජය ලැබීමට සතරවරම් දෙවියන්ට පූජාවක් පවත්වන්නට ගිය පිරිසකට හතළිස් දහසක මුදලක් අහිමි වීමේ අපූරු පුවතක් දඹුල්ලට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තා විය.
පසුගියදා ඇති වූ ග‍්‍රහ මාරුවෙන් යුවළකට අපල ඇති බව පවසා දේවාලයක් පවත්වාගෙන යන කට්ටඩියකු ලවා ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව නිවැසියන්ගේ ආරාධනාව පරිදි ග‍්‍රහ මාරුව පවතින අවස්ථාවේ නිවසට කැඳවාගෙන පුද පූජාවක් පවත්වා ඇත. නිවෙසට පැමිණි කට්ටඩියා කියා ඇත්තේ ප‍්‍රබල ග‍්‍රහ මාරුවෙන් නිවැසියන් සියලූ දෙනාටම අපල ඇති බැවින් සතරවරම් දෙවියන්ට පුද පූජාවක් පැවැත්විය යුතු බවය. නිවැසියන් ඊට එකඟතාව පළකොට ඇත. ඒ නිසා සතර වරම් දේව රූප හතරක් නිවෙසේ සාලය මැද තබා පුද පූජාවක් පැවැත්වීමට කට්ටඩියා දැනුම් දී ඇත.
සතර වරම් දේව රූප ඉදිරියෙන් බුලත් කොළ මත එක දෙවියකුට රුපියල් දසදහසක මුදල් තැබිය යුතු බවත් එම මුදල් නැවත තමන් විසින් රැගෙන නොයන බවත් ඒවා නිවැසියන්ටම නැවත ලබාගැනීමට හැකි බවත් කට්ටඩියා වැසියන්ට දැනුම් දී තිබේ. කට්ටඩියා දේව කන්නලව්ව ආරම්භ කොට නිවසේ රැඳී සිටි බිරිඳට කියා ඇත්තේ අසල නිවෙසකින් හිල් පොල්කටු තුනක් රැගෙන ආ යුතු බවය.
ඇය නිවෙසින් පොල්කටු ගෙන ඒම සඳහා පිටත් වනවාත් සමග සැමියාට කියා ඇත්තේ අසල නිවෙසකින් පැසුණු නැති කෙසෙල් ගසකින් අලූ නැති කෙසෙල් කොළයක් හැකි ඉක්මනින් කපාගෙන එන ලෙසය. ඒ අනුව ඔහු ද පිහියක් ද රැගෙන නිවසින් පිටව ගොස් ඇත්තේ කෙසෙල් කොළය ගෙන ඒම සඳහා ය. සැමියාත් බිරිඳත් හිල් පොල් කටු සහ කෙසෙල් කොළ ද රැගෙන නිවසේ සාලය මැදට පැමිණෙද්දී කට්ටඩි මහතාගේ දේව කන්නලව්වේ ශබ්දයක් නොමැති නිසා විපරම් කොට බලා ඇත. විනාඩි කිහිපයක් කට්ටඩියා සෙව්වද ඔහු නිවසින් පලාගොස් ඇති බව දැනගෙන තිබේ.
සතරවරම් දෙවියන් ඉදිරියේ තැබූ රුපියල් 10000 බැගින් රුපියල් 40,000 ක මුදල තැබූ බුලත් කොළ පමණක් ඉතිරිව මුදල් නොමැති බව නිවැසියන් පසුව දැනගෙන තිබේ. මෙම දෙදෙනා කෑකෝ ගසමින් කට්ටඩියා සොයා ගම පුරා දිව යද්දී මේ සිද්ධිය ගම්මුන්ට අනාවරණය වන්නට වූහ.
ගමේ වැඩිහිටි බොහෝ අයකු කීවේ ග‍්‍රහ මාරුව ඉතා සාර්ථකව සිදුව ඇති නිසා කට්ටඩියා සෙවීමෙන් ඵලක් නොවන බවත් මින් ඉදිරියට මෙවැනි මෝඩ වැඩ නොකර ගෙදර යන ලෙසත්ය. නිවැසියන්ට මුදලත් අහිමි වී ලැජ්ජාව පමණක් ඉතිරි විය.
2025 දෙසැම්බර් මස 18
12
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හතළිස් දාහකුත් අරන් හෙනහුරා මාරුවෙලා
sam Wednesday, 01 November 2017 06:23 AM
මෝඩකම තිබෙන තුරා හැමදාම ග්‍රහ අපල තියනවා. කවදා හරි මෝඩකමින් මිදුන දාට සියලුම අපල දුරු වෙනවා .
THESHAN Wednesday, 01 November 2017 12:23 PM
ලංකාවේ මිනිස්සු හඳට ගියත් වැඩක් වෙන්නේ නැහැ මෙවැනි බොරු බේගල් වලට රැවටී පස්සෙන් යන නිසා. මහා ලොකුවට අපි බෞද්ධ රටක් කීවාට, බුදු දහමේ තියන දේවල් දශමයකින් වත් නොකරන රටක්. ඒ වුනාට අනෙක් ආගම් වල වැරදි නම් හොයනවා අඩු නැතුව.
nimmi Wednesday, 01 November 2017 01:49 PM
අනේ අපේ රටේ අනාගතය..........