IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හෝටලයකින් ජයට කන්න ඇවිත් ගෙදර ගිහින් හුළං බොයි

(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
ආරාධනා ලැබ ජැන්ඩියට හැදගෙන මහත් ආශාවෙන් තරුපහේ හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයකට ගිය ආරාධිත පිරිසකට නිවෙසින් සකසා රැගෙනවිත් තිබූ කෑම පාර්සල් භුක්ති විඳීමට සිදු වූ අපූරු පුවතක් වාර්තාවේ.


සාහිත අම්බරයේ තරමක නමක් දිනාසිටි ඔහු සංවිධානය කළ එක්තරා උත්සවයක් ප්‍රදේශයේ තරු පහේ හෝටලයක ගැනීමට කටයුතු යොදා තිබිණි. හෝටල් හිමියා සිය හෝටලයේ ශ්‍රවනාගාරය නොමිලයේ ඔහුට ලබාදුන්නේ ඔහු ප්‍රදේශයේ පිළිගත් පුද්ගලයකු නිසාය.
කොරෝනා වසංගතය නිසා සිය හෝටලයේ ශ්‍රවනාගාරය ලබාදීම ද ඔහුට පාඩුවක් නොවීම මෙයට තවත් හේතුවක් ද විය.


කතානායකයා ආරාධනා පතක් ද සකස් කළේය. උත්සවය අසවල් තරු පහේ හෝටලයේ රාත්‍රියේ පැවැත්වෙන බව ද සඳහන් කළේය. සහභාගීවන සැමට රාත්‍රී ආහාරය ද ලබාදෙන බවට ද එහි සඳහන් කිරීමට ද ඔහු අමතක නොකළේය.


මේ ආරාධනා පත්‍රය ඔහු සෑහෙන පිරිසකට බෙදා දුන්නේය. මේ ආරාධනා පත්‍රය අතට පත් වූ බොහෝ ආරාධිතයන්ට හෝටලයේ ප්‍රනීත ආහාර ගැන සිහියට නැගිණි. මේ හෝටලය ඒ තරමට ම රසවත් ආහාර පාන ලබාදීම සම්බන්ධයෙන් ප්‍රදේශය පුරා ප්‍රචලිතව තිබීම ඊට හේතුවක් වී තිබිණ. ඒ නිසා වටිනා ලියුම් කවරයක් ලබාදීමට ද ඔහු තීරණය කළේය. ඒ මේ හෝටලයේ කෑම වේලක මිල දන්නා නිසාවෙනි.


උත්සවය පැවැත්විණ.


ඔහු සිය කාර්ය ඉටු කර ඔවුන්ගෙන් මුදල් කවර ගෙන ද හමාරය. අවසානයේ දී ඔහු උත්සවය අමතා කතා කරමින් කීවේ මේ උත්සවයට සහභාගී වූ සැමට මේ හෝටලයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දීමට කැමැත්තෙන් සිටියත් කොරෝනා මර්දන නීතිය නිසා එය කිරීමට නොහැකි වූ බවත් ඒ නිසා නිවෙස් කරා යන අයට උත්සව ශාලාවේ දොර ළඟින් කෑම පාර්සලයක් ලබාගත හැකි බවත් ය.
මේ ප්‍රකාශයෙන් පසු හෝටලයෙන් රාත්‍රී ආහාර වේල ලබා ගැනීමේ අරමුණෙන් සිටි පිරිස මුහුණෙන් මුහුණ බැලූහ.


එහෙත් මේ කෑම පාර්සලය මේ හෝටලයෙන් සකසා දෙන එකක් යයි සිතා ඒ අය යම් තරමක් දුරට සිත හදාගත්හ. කෑම පාර්සලය නිවෙසට ගොස් ලිහා බලන විට දක්නට ලැබුණේ එය හෝටලයක නොව නිවෙසක සකසන ලද කෑම එකක් බවය. පසුව දැන ගන්නට ලැබී ඇත්තේ මේ කෑම පාර්සලය ඔහුගේ නිවෙසේ සැදූ එකක් බවය. මේ බව දැනගත් ඔවුහු ඔහුට දුන් මුදල් කවරය ගැන සුසුම් හෙලූහ.

 



අදහස් (1)

හෝටලයකින් ජයට කන්න ඇවිත් ගෙදර ගිහින් හුළං බොයි

sampath Tuesday, 29 December 2020 11:09 AM

මෙවා මහ විකාර වැඩ ... මිනිස්සු යන්නේ කන්න බලන් ඒක නොදැන යම් ලාභයක් ගන්න මෙ වගේ වැඩක් කළාම හෝටල් එකටත් හොද නෑ. ඔයා කරපු කෙනාට පාරක බැහැලා යන්න බැරි වෙනවා. කාටහරි ආරාධනා කරනවා නම් හොදටම සංග්‍රහ කරන්න. නැතිනම් ආරාධනා නොකර ඉන්න.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site