පේරාදෙණිය – කුමාර රම්බොඩගෙදර
පාසල් දරු දැරියන් විසින් සංවිධානය කරනු ලැබූ සිඟිති පොළ විවෘත කිරීම සඳහා පාසල් තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගෙන ගරු ගාම්භීරව පොළ භූමියට කැඳවා ගෙන ගිය ප්‍රධාන ආරාධිතයා රුපියල් 10 ක් ලබා දී ගොටුකොළ මිටියක් පමණක් ලබාගත් පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවේ.
මහනුවර ප්‍රදේශයේ විදුහලක දරු දැරියන් විසින් සංවිධානය කරන ලද සිඟිති පොළ විවෘත කිරීම සඳහා නගරයේ රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු සඳහා ආරාධනා කර තිබිණි. ප්‍රධාන ආරාධිතයා පාසල් තූර්ය වාදක කණ්ඩායම පෙරටු කර ගෙන ගරු ගාම්භීරව පොළ භූමියට කැඳවාගෙන ගියේ මඟ දෙපස රැඳී සිටි මවුපියන්ගේ අත්පොළසන් මධ්‍යයේය.
පොළ භූමියේ සැරිසැරූ ප්‍රධාන ආරාධිතයා එක් වෙළෙඳ කුටියකින් රුපියල් 10 ක් ලබා දී ගොටුකොළ මිටියක් ලබාගෙන ඉවත්ව යාමට සැරසුණු අවස්ථාවේ පුදුමයෙන් ඒ දෙස බලා සිටි සංවිධායක කමිටුව ‘‘තව මොනව හරි ගන්නවා ද සර්’’ කියා ඇසූ විට ‘‘නැහැ මේ ඇති’’ යැයි කියා ඇත.
පසුව ආරාධිත අමුත්තා සංවිධායක කමිටුව විසින් පිළියෙළ කරන ලද තේ පැන් සංග්‍රහයක් ද බුක්ති විඳ මිලදී ගත් ගොටුකොළ මිටිය ද රැගෙන පිටත්ව ගියේ සංවිධාන කමිටුවට ද ස්තුති කරමිනි.
COMMENTS
හොඳම වැඩේ, හොඳම පාඩමක්. දැන්වත් ඔය ජරාව කන රජයේ නිළධාරින්ටයි දේශපාලුවන්ටයි උත්සව වලට ආරාධනා කරන එක නවත්තලා ගමට රටට වැඩක් කරපු කරන මිනිසුන්ට ආරාධනා කරන්න ඉගෙනගත්තා නම් හරි.
ගොටුකොල විතරක් එක්ක බත් කන්න බැහැනේ කියලා ,තව මොනවා හරි දෙයකුත් දීලා යවන්න තිබුනේ .ලැජ්ජා නැති මිනිස්සු