IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සීසීටීවී කැමරාවෙන් කරෝල හොරා මාට්ටු

(හාරිස්පත්තුව - මොහොමඩ් ආසික්)
කුඩා නගරයක වෙළෙඳසලකට භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු සහල් කිලෝ කිහිපයක් මිලදී ගන්නා අතර රුපියල් 500ක් පමණ වටිනා කරවල කෑල්ලක් ද සොරා ගන්නා අයුරු එම වෙළෙඳසලේ සවිකර තිබූ සීසීටීවී කැමරාව මගින් හසු කරගැනීමේ පුවතක් මහනුවරට නුදුරු ගමකින් වාර්තා වේ. 


දැනගන්නට ඇති පරිදි සිද්ධිය කෙටියෙන් මෙසේයි.


පසුගිය දිනෙක මහනුවර නගරයට නුදුරු කුඩා නගරයක වෙළෙඳසලකට පැමිණි පුද්ගලයකු තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා භාණ්ඩ තෝරමින් සිටි අතර එම වෙළෙඳසලේ හිමිකරු ද වෙනත් කටයුත්තක නියැළී සිටියේය. ඒ අතරතුර මෙම පුද්ගලයා සහල් කිලෝ කිහිපයක් මල්ලකට දමා ඔහුම කිරාගත් අතර එයට මඳක් දුරින් ඇති කරවල බක්කිය අසලට ගොස් කරවල කෑල්ලක් ද රැගෙන හාල් මල්ලට මඳක් දුරින් තබාගත්තේය. පසුව තමන් කිරාගත් හාල්වලට මුදල් ගෙවා කරවල කෑල්ල හොරෙන්ම රැගෙන වෙළෙඳසලෙන් පිටව ගියේය.


ඔහු මිලදී ගත්තේ හාල් පමණක් වුව ද පිටව යන අවස්ථාවේ අත් දෙකේම පාර්සල් තිබීම ගැන සැක සිතූ වෙළෙඳසල් හිමිකරු සීසීටීවී කැමරා පරීක්ෂා කර බැලීය. එහිදී ඔහුට සියල්ල දැක ගන්නට හැකිවිය. ඒ වනවිටත් වෙළෙඳසල ආසන්නයේ සිටි සැකකරුට කතා කර මේ සම්බන්ධයෙන් විමසා සිටියත් ඔහු එවැන්නක් නොගත් බවම පවසා තිබේ. කෙසේ නමුත් පසුව ඔහුට සීසීටීවී කැමරා දර්ශන පෙන්වීමෙන් පසුව කිසිවක් කරගත නොහැකි වූ විට වැරැදීමක් වී ඇති බව පවසා කරවල කෑල්ල ගෙනැවිත් දී එයින් කෑල්ලක් කපා මිලදීගෙන ගොස් තිබේ.


කෙසේ නමුත් මෙම සිද්ධිය පොලිසියට නොගොස් බේරා ගැනීමට එහි හිමිකරු ඉදිරිපත්ව තිබේ.



අදහස් (0)

සීසීටීවී කැමරාවෙන් කරෝල හොරා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site