කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
සිය කාර්යාල සේවිකාවගේ දුරකතන පණිවිඩයක් නිසා බිරිඳගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබෙයි.
ඔහු එම කාර්යාලයේ ඉහළ තනතුරක් දරන මැදිවියේ පුද්ගලයෙකි. කාර්යාලයේ සේවය කළ විවාහක තරුණියක වූ ඇය රූමත් දඟකාර ගති ඇත්තියකි. විවාහක තරුණියක වුවත් ඇය නිතර විහිළුවෙන් විනෝදයෙන් කාලය ගත කරයි.
මේ පිළිබඳව ඔහුගේ බිරිය වෙතත් ආරංචි වී ඇත්තේ කාර්යාලයේම ඇයගේ හිතවත් සේවිකාවන්ගෙනි.
තරුණියද තමන් දරන තනතුර පවා නොසිතා විහිළු තහලු කරන අතර ඔහු ඒවා ගණනකට නොගත්තේ එම විහිළුවලින් තමන්ට හෝ තම තනතුරට හානියක් නොවන බැවිනි. එම නිසාම ඇය හා තමන් අතර සම්බන්ධයක් ඇතැයි කාර්යාලයේ සේවිකාවන් තැන තැන කතා කර ඇති අතර ඔහුගේ බිරිඳ වෙතද එම කතාව ගොස් තිබිණි. ඇය මේ සම්බන්ධයෙන් විමසුම් කළ අවස්ථාවල ඔහු පවසා ඇත්තේ ‘ඒ ළමයා කාත් එක්කත් විහිළුවෙන් තමයි’ යැයි පවසමිනි.
කෙසේ වෙතත් සිය බිරිය ගැන දන්නා ඔහු ඒ ඇය තමන් කියූ දෙය විශ්වාස නොකරන බව දන්නා නමුත් වැඩිදුර ඒ පිළිබඳව වෙහෙසී නැත්තේ තමන් වැරදි නොකරන බැවිනි.
කෙසේ වෙතත් පසුගිය දිනක ඔහු කාර්යාලයේ වැඩ නිමවා පැමිණ නාන කාමරය තුළ සිටියදී සිය බිරිඳ යක්ෂාරූඪයෙන් අඬමින් කෑගන අයුරු ඇසිණි. ඒ නිසා ඔහු පැමිණ ඇත්තේ ගිය කාරිය පවා බාගෙට සිදු කරමිනි. සිය ජංගම දුරකතනය අතේ ඇතිව සිටි ඈ මුලින් එයින් පහර දී පසුව අතට හසුවන සියලුම උපකරණවලින් පහර දීමට පටන් ගෙන ඇත්තේ ඇයගෙන් හේතු කාරණා ගැන දැන ගන්නටවත් අවස්ථාව නොදෙමිනි.
පහරදීම අවසානයේ ඇය සිය එකම දියණියත් සමග නිවෙසින් පිටව ගියාය.
වේදනාව පැත්තකින් තැබූ ඔහු සිය ජංගම දුරකතනය පරීක්ෂා කර ඇත්තේ මෙහි අග මුල සොයා ගැනීමටය.
සිය ජංගම දුරකතනයේ තිබූ වට්ස්ඇප් පණිවිඩය දැක ඔහුට කාරණය අවබෝධ විය. එහි සටහන් වී ඇත්තේ ‘‘සර් මම ප්‍රෙග්නට්” යැයිද ? දෙවැනුව සඳහන් කර ඇත්තේ ” සර් දැන් බිසීද ? මැසෙජ්යක් බලන්නේ නැති නිසා ඇහුවේ...” යනුවෙනි.
ඉන් එහා එකදු මැසේජයක් ඇය එවා නොමැති අතර ඇයට බැණ වැදී සිද්ධිය කීමට ඇයගේ දුරකතනය වෙත ඇමතුම් ලබා ගත්තද එය ද ක්‍රියා විරහිතවී තිබිණි. කළ හැකි දෙයක් නොවූයෙන් ඔහු සිදුවූ තුවාල සඳහා ප්‍රතිකාර සඳහා ෆාමසියකට ගොස් ඇත්තේ නාන කාමරය තුළ ඇද වැටුණ බව පවසමිනි.
තුවාලවලට බෙහෙත් දමා ගන පැමිණ නැවත ඇයට දුරකතන ඇමතුමක් ලබාගත් අවස්ථාවේ ඇය පවසා ඇත්තේ ‘‘සර් මම ප්‍රෙග්නට්... හෙට පොඩි පරීක්ෂණ වගයකට මහත්මයා එක්ක යන්න තියෙනවා... මට නිවාඩුවක් ගන්න පුළුවන් ද? එ්කයි මැසෙජ් එකක් දැම්මේ.... ඉතුරු මැසෙජ් එක එවන කොට ෆෝන් එක ඕෆ් වුණා..” යැයි ඇය පැවසුවාය.
“ඔයාට විතරක් නෙමෙයි මටත් සතියක් විතර නිවාඩු ගන්න වෙලා තියෙන්නේ... ඇයි ඔයා ඔය මැසෙජ් එක එක පාර එව්වේ නැත්තේ...? ඒකට කමක් නැහැ... හෙට ඇවිත් මගේ නෝනා හම්බ වෙලා ඔය ටික කියනවා...” යැයි පවසා ඇත්තේ කෙඳිරියත් සමගය.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සේවිකාවගේ මැසේජ් එකට නෝනත් ගෙදරින් ගිහින්
himal Tuesday, 07 November 2023 09:07 AM
මේක මේ අන්තර්ජාලයේ ප්‍රසිද්ධ පරණ විහිළු කතාවක්නේ.