IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සල්ලි කොල්ලයේ දෙන්නා පොලිසිය ඇතුළේදී හමුවෙලා

(උණවටුන – ඩී.ජී. සුගතපාල)
මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණි පුද්ගලයකුට කොල්ලකාරයන් දෙදෙනා පොලිසිය තුළදීම හමුවී මුදල් ආපසු ලබාදීමේ අපුරු සිද්ධියක් ගාල්ල පොලිසියේදී දැකගත හැකිවිය.


ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගේ සේවකයකු වෙළෙඳ සලට ගොස් එමින් සිටියදී ඔහුගේ සාක්කුවේ තිබූ රුපියල් 4300ක මුදලක් තරුණයන් දෙදෙනකු විසින් කොල්ලකා පසුව සේවකයා තම හාම්පුතාද සමග සිද්ධිය පැමිණිලි කිරීමට පොලිසියට පැමිණියේය.


පොලිසියට පැමිණි අවස්ථාවේ විලංගු දමා සිටි තරුණයන් දෙදෙනකු දැක ගැනීමට ඔහුට හැකි වූ අතර විලංගු දමාසිටි දෙදෙනා ඇඹරෙන්නට වූහ. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ් නිශාන්ත මහතා පැමිණිලිකරුට කොල්ලකරුවන් දෙදෙනා පෙන්වූවිට තමාගේ මුදල් කොල්ලකන ලද්දේ මෙම දෙදෙනා බවට හඳුනා ගත්තේය.


පැමිණිලිකරු කියා සිටියේ තමාගේ සාක්කුවේ තිබූ රුපියල් 4100ක් කොල්ලකරුවන් උදුරාගත් බවය. එහෙත් කොල්ලකරුවන් දෙදෙනා කියා සිටියේ එහි රුපියල් 4350ක් තිබු බවය. අවංක කොල්ලකරුවන් දෙදෙනකු බව එහි සිටි අයෙක් කීවේය. මෙහි වඩාත් පුදුමය නම් මේ කොල්ලකරුවන් දෙදෙනා පෙට්ටිගලවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ 21 හැවිරිදි සහ 18 හැවිරිදි සහෝදරයන් දෙදෙනකුවීමය.


ඔවුන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ පාසල් සිසුවකුගේ රුපියල් 8000ක් පමණ වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑම් සම්බන්ධයෙනි. මේ අතර ටික වේලාවක් යනවිට කොල්ලකරුවන්ගේ පවුලේ ඥාතීන් පැමිණ කොල්ල කන ලද මුදල් ලබාදීමට එකඟවීම නිසා පැමිණිලිකරුද එයට එකඟ විය.


ඒ අනුව මුදල් කොල්ලකෑමේ පැමිණිල්ල මුදල් ලබාදී සමථයට පත් වුවද ජංගම දුරකතනය කොල්ලකෑමේ පැමිණිල්ල සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා 19වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.


ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ් නිශාන්ත උප පොලිස් පරික්ෂකවරුන්වන උමයංගන, සංජිව යන මහත්වරුන් සැකකාර සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර උප පොලිස් පරික්ෂක මහිලාල් මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

 



අදහස් (1)

සල්ලි කොල්ලයේ දෙන්නා පොලිසිය ඇතුළේදී හමුවෙලා

sena Monday, 15 June 2020 04:42 AM

අපේ රටට හොඳක් වෙන්නේ කොහොමද? අපේ මෝඩ ඡන්ද දායකයෝ මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවනකොට, මේ මනුස්සයා නිකමටවත් හිතුවද නාන්න, බොන්න වතුර ගන්න තියෙන ඇළ ජරා කරලා බැහැ කියලා..

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site