තමන් එදිනෙදා යන එන බයිසිකලයට කෙළෙහිගුණ දැක්වීමට සිතා බයිසිකලය පිට උඩ නැඟී ගමන් කරනවා වෙනුවට බයිසිකලය තම කර මත තබාගෙන ගිය පුද්ගලයකු පිළිබඳ පුවතක් කැකිරාවට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබේ.
කතාව නම් මෙසේය. ඔහු මැදි වයස්කාරයෙකි. වයස අවුරුදු 45 ඉක්ම වූ අයෙකි. මේසන් බාස්වරයෙක් ලෙස රැකියාව කරයි. හේ විවාහකයෙකි. දරුවන් තිදෙනෙකුගේ පියෙකි. බිරියත් දරුවන් තිදෙනාත් යැපෙන්නේ ඔහුගේ රැකියාවෙනි. මොහු එදිනෙදා රැකියාවට යාම් ඒම් සිදුකරනු ලබන්නේ බයිසිකලයෙනි. එය ඇතැම් විටෙක පවුලේ වාහනයයි.
දිනක් මොහු තමන් රැකියා කටයුතු කරන මේසන් වැඩපොළට සුපුරුදු පරිදි ගොස් ඇත. උදේ සිට සවස් වන තුරු සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කර ඇත. සවස් යාමයේ වැඩපොළේ සියල්ලන්ම එකට එක් වී මත්පැන් පානය කිරීමට තීරණය කර ඇත. රැකියා කටයුතු අවසන් වීමට පෙරාතුවම සියල්ලන්ගෙන් මුදල් එකතු කොට මත්පැන් හා අවශ්‍ය කරන බයිට් වර්ග දෙදෙනෙකු ගොස් ගෙන ඇත. රැකියා කටයුතු නිම වී සියල්ලෝම හොඳට පදම් වී ඇත. අප කතානායකයා පදම් වූ විට කා අතරත් හොඳ විහිළු සපයන්නකු බවට එම ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධය.
ඔහුගේ විහිළු වලින් සියල්ලන්ම පිනා යන මොහොතකදී ‘‘කෙළෙහිගුණ සැලකීම” පිළිබඳව කතිකාවකට සියල්ලෝ වැටී ඇත. කා බී ඉවර වී සියල්ලන් විසිර ගොස් ඇති අතර අප කතා නායකයාද තම නිවසට යාමට පිටත් වී ඇත.
යන අතර මඟදී කෙළෙහිගුණ සැලකීම පිළිබඳ කතාව මොහුට මතක් වී ඇති අතර තමන්ටත් තම පවුලේ උදවියටත් ගමන් බිමන් යාමට උපකාරී වන බයිසිකලයට කෙළෙහිගුණ සැලකීමට සිතට පහළ වී ඇත. සැමදා තමන්ගේ පිට බයිසිකලය මොහුව ගෙනියන හෙයින් එදින ඔහු බයිසිකලය තම කර මත තබාගෙන නිවසට ගොස් ඇත.
තම සැමියා නිවසට එන තෙක් රැඳි සිටි මොහුගේ බිරිඳ මෙය දැක මොහුගෙන් විමසා ඇති අතර තමන් බයිසිකලයට කෙළෙහිගුණ දැක්වූ බව පවසා ඇත. පසුදා වෙරි සිඳීගිය පසු කිසිවක් මොහුට මතක නොතිබූ අතර බිරිඳ ඔහේ මාර කෙළෙහි ගුණයක්නේ බයිසිකලයට ඊයේ දැක්වූවේ යැයි පවසා සිනහවෙන්ම සිදු වූ දෙය පවසා ඇත.
පවිත්‍රා දේශානි
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සූර් පිට බයිසිකලය කරේ තබාගෙන කළගුණ සලකලා