IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සූර්වී කරපු වරදට බිරිය සැමියාට අලුකෙහෙල් කවලා

පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි
වෙරිමරගාතේ පැමිණ නිවෙස අසල තිබූ පැසුණු කෙසෙල් කැන තිබියදී නොමේරු කෙසෙල් කැන කැපූ පුද්ගලයෙකුට ඔහුගේ බිරිඳ විසින් අපූරු දඬුවමක් ලබාදුන් පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
 
ඔහු අගනුවර රජයේ ආයතනයක සේවය කරයි. නිවාඩු පාඩු වේලාවේදී සිය ගෙවත්තේ වගා කටයුතු කිරීමටද උනන්දුවක් දක්වන නිසා නිවෙසට අවශ්‍ය එළවළු, පලතුරු බොහොමයක් ගෙවත්තෙන්ම ලැබෙයි. එපමණක් නොව අතිරේක නිෂ්පාදන වෙළෙඳ ප�ොළට ගෙනග ොස් අමතර ආදායමක්ද ලබාගනියි.
 
දිවා ආහාරය සඳහා ඔහු ගෙන යන බත් පාර්සලයේද ගෙවත්තෙන් නෙළාගත් එළවළුවක්, පළාවර්ගයක් වරදින්නේ ම නැත. එකට ආහාර ගන්නා සිය මිතුරු මිතුරියන්ටද ඔහු එම ආහාර බෙදා දෙන්නේ මහත් අභිමානයෙනි. ඔවුහුද සිය මිතුරාගේ වස විස නැති එළවළු ව්‍යංජන රස විඳීමට හැමදාමත් සැදීපැහැදී සිටිති.
 
පසුගිය දිනෙක ඔහු සුපුරුදු පරිදි සේවය නිමවී පැමිණෙන අතරමගදී මිතුරකු සමග තැබෑරුමට ග ොස් මධුවිතෙන් සප්පායම් විය. අනතුරුව නගරයේ එළවළු වෙළෙඳසැලට ග ොස් තමාගේ පැසුණු අළු කෙසෙල් කැනක් ඇති බවත් එය පසුදින එන විට රැගෙන එන බවත් පවසා නිවෙසට ගියේය. ග ොම්මනේ නිවෙසට ගිය හෙතෙම කමිසය ගලවා දමා පිහියක්ද රැගෙන වෙරිමරගාතේ ග ොස් කඩිමුඩියේ කෙසෙල් කැන කැපුවේය. එකම පඳුරේ ගස් දෙකක කැන් දෙකක් තිබී ඇති අතර වඳුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කැන් ⁣දෙකම පෝර උර දමා ආවරණය කර තිබිණ.
 
කැන කපා උරය ගලවා දැමූවිට ඔහුට දෙලොව රත්විය. පැසුණු කැන තිබියදී කපා ඇත්තේ මාසයකින් පමණ බාල කැනයි.
සිදුවූ පාඩුව විඳදරා ගැනීමට ශක්තිය තිබුණද බිරිඳගේ කන්දොස්කිරියාවෙන් බේරීමට කුමක් කරන්නේදැයි හිත හිතා සිටින විට ඇයද එතැනට පැමිණියාය.
 
කාරණාව තේරුම් ගත් ඇය සැමියාට හොඳහැටි දෙහි කැපුවා පමණක් නොව කරපු වැරැද්දට හොඳ දඬුවමක් දීමට ද ඉටාගත්තාය.
සුපුරුදු පරිදි පසුදා කන්තෝරුවේදී පිරිස සමඟ කෑමට ඉඳගෙන බත් මුල දිගෑරිය විට දක්නට ලැබී ඇත්තේ එහි බත් වෙනුවට ⁣නොමේරූ අළු කෙසෙල් ගෙඩිවලින් සෑදූ මැල්ලුමක් පමණක් ඇති බවයි.
 
ඊට මුල් වූ සිද්ධිය මිතුරන් සමග රසකර පවසමින් වසවිස නැති අළු කෙසෙල් මැල්ලුමද කාට කාටත් බෙදාහදා දුන්නාලු.



අදහස් (0)

සූර්වී කරපු වරදට බිරිය සැමියාට අලුකෙහෙල් කවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 52 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site