IMG-LOGO

සැමියා ළඟ දරුවන් තියා බ්රිය තහනම් ගහේ නැගලා

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන) 
අවුරුදු දහයට අඩු දරුවන් සැමියා ළඟ තබා අනියම් සැමියා සමග පිටත්ව ගිය විසිහත් හැවිරිදි කාන්තාවක් පිළිබඳව අරුම පුදුම කතාවක් හක්මන ප්‍රදේශයෙන් වාර්තා වේ. 


හක්මන ප්‍රදේශයේ පුද්ගලයකු සිය බිරිය ආගිය අතක් නොමැති බවට සතියකට පමණ පෙර පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. සැමියා සිදුකළ පැමිණිල්ලට අනුව පොලිසිය විවිධ ක්‍රම යොදමින් විමර්ශන සිදුකර සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියදී ඉකුත් 19 වැනිදා නීතිඥවරයකු මාර්ගයෙන් කාන්තාව බාර වී තිබේ. 


සැමියා සහ දරුවන් ද පොලිසියට පැමිණ සිටි අතර සිද්ධිය පිළිබඳව සිදුකළ විමර්ශනයේදී දරුවන් හා තමන් සමග යාමට එන ලෙස බිරිඳගෙන් සැමියා ආයාචනා කළ ද කාන්තාව එයට බලවත් අකැමැත්ත ප්‍රකාශ කරමින් අනියම් සැමියා සමග ජීවත්වන බව පවසා තිබේ. 


කිසිවක් නොදත් අවුරුදු දෙකයි මාස හයක් සහ අවුරුදු හයක් සහ නවයක් වන දරුවන් තිදෙනා අසරණව මවුපිය දෙදෙනා අතරට මැදිව සිටි අතර කාන්තාව අවුරුදු දෙකයි මාස හයක් වයස පුතු ද රැගෙන අනියම් සැමියා සමග පිටව ගිය අතර සැමියා වැඩිමහල් පුතු සහ දියණිය ද රැගෙන හැඟුම්බරව පොලිසියෙන් පිටව ගොස් ඇත.  හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලීන් වීරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නීලා ද සිල්වා, උපපොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.කේ. ධර්මසේන යන මහත්වරු වැඩිදුර විමර්ශන කටයුතු සිදු කළහ. 

 



අදහස් (0)

සැමියා ළඟ දරුවන් තියා බ්රිය තහනම් ගහේ නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1560 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site