කොරෝනා වයිරසය පිළිබඳ මේ දිනවල ජනතාව මහත් සේ බියට පත්ව ඇති අතර සුදු හමක් අති අයකු දුටු පමණින් එම ස්ථානයෙන් හිමින් සීරුවෝ මාරුවී යාමට සමහරු හුරුවී සිටිති. කෙසේ වුවද රූපවාහිනියේ ප්රවෘත්ති විකාශනය වෙද්දී කොරෝනා රෝගය ගැන කියන වෙන විට බත් පිඟාන ද රැගෙන රූපවාහිනිය ඉදිරියට පැමිණි තම සැමියා එළවා දැමූ බිරිඳක් පිළිබඳ පුවතක් දකුණේ කුරුඳුවලට සම්බන්ධ ගමකින් වාර්තාවේ.

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
මේ දිනවල සෑම නිවසකම පාහේ රූපවාහිනියේ ප්රවෘත්ති විකාශනය වන අවස්ථාවට කොතැනක සිටියද සැමොම රූපවාහිනිය ඉදිරියට දිව යන්නේ වෙන කිසිවක් නිසා නොව මේ වනවිට කොරෝනා රෝගීන් පිළිබඳවත් අලුතෙන් රෝගීන් හමුවන ප්‍රදේශ පිළිබඳවත් එහි ව්‍යපෘතිය පිළිබඳවත් අදාල තොරතුරු දැනගැනීම සඳහාය.
පසුගිය දිනෙක තම සේවය නිමකර නිවසට පැමිණි පුද්ගලයකු ඇඟපත සෝදා ආහාර ගැනීමට බත් පිඟාන බෙදාගෙන කෑම ගැනීමට සුදානම් වනවාත් සමඟම ප්රවෘත්ති විකාශනය ඇරැඹිණි. එහි කොරෝනා රෝගීන් ගැන කියවෙමින් තිබු අතර බිරිඳ සාලයේ පුටුවකට බරවී රූපවානිය නරඹමින් සිටියාය.
ඔහු කළේ වහාම කෑම පිඟාන ද රැගෙන ප්රවෘත්ති බැලීමට සාලයට පැමිණ රූපවාහිනිය අසලම තිබූ පුටුවකට බර වීමයි. ඒ සමඟම බිරිඳ උරණවී කෑගසන්නට වූයේ වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසය. මේ තරම් දරුණු රෝගීන් ඉස්සරහට ඇවිත් කෑම කන්නේ කෑමත් එක්කම ඒ ලෙඩත් ඇඟට ගන්නේ මොන මෝඩයාදැයි ඇය විමසුවාය.
සැමියා මෙහෙමත් මෝඩ ගෑනු යැයි කියමින් කෑම මේසය වෙත ගියේ බිරිඳගේ හැටි දන්නා නිසාය.
කෙසේ වුවද ඔහු මේ ගැන බිරිඳගේ නැගණියට පැවසීම නිසා සිද්ධිය කටින් කට ගිය අතර පවුලේ අය ඇය දකින විට කට තදකරගෙන සිනහ වන බවත් එවිට ඇය සිදුවූ දෙය පිළිබඳ ලැජජාවෙන් ඇඹරෙන බවත් මෙය නංගිට පැවසීම ගැන සැමියාට දොස් පවරන බවත් දැනගන්නට ඇත.
(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැමියා බත් එක්ක කොරෝනා කන්න ගිහින් බිරිඳ බයවෙලා