IMG-LOGO

සැමියා ගේයි ඉඩමයි එක්කම අනියම් සැමියාට බිරිය තෑගි කරලා

(හසලක වාර්තාකරු) 
බිරියගේ අනියම් ඇසුර අසුවීමෙන් පසු බිරිඳත් දරුවන් දෙදෙනාත් නිවස ඇතුළු වෙනත් දේපළත් බිරියගේ අනියම් සැමියාට භාර දී නිවසින් පිටමන් වූ සැමියකු පිළිබඳ කතාවක් සෙංකඩගල පුරවරයේ ගම්මානයකින් වාර්තා විය. 


කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන ඔහු 37 හැවිරිදි වියේ පසුවෙන දෙදරු පියෙකි. සිය සිව් හැවිරිදි හා සය හැවිරිදි දරුවන් දෙදෙනා සහ 35 හැවිරිදි රූමත් බිරියගේ සුව දුක් විමසා බැලීම සඳහා දිනපතාම දුරකථනයෙන් විමසීම් කිරීමටත් මාසයකට වරක් හෝ දෙවරක් ගමට පැමිණීමත් ඔහුගේ සාමාන්‍ය සිරිත විය. එසේ නිවාඩුවට පැමිණෙන ඔහු දින දෙක තුනක් නිවසේ නැවතී සිට පෙරළා රැකියා ආයතනය කරා යයි. 


දිනක් ගමට පැමිණ මිතුරෙකු සමග කතා කරමින් සිටින විට ඔහුට අසන්නට ලැබුණේ හදවත කීරිගස්සන කතාවකි. ඒ බිරියගේ අනියම් ඇසුරක් පිළිබඳ කතා පුවතකි. එම පුවත මිතුරා පැවසුවත් සිද්ධිය විශ්වාස නොකළ අතර ‘කතාව ඇත්ත නම් ඒක අතටම අල්ලා ගමු’යි. ඔහු තමන්ටම කියා ගනිමින් මිතුරාට සමු දී නිවස බලා පැමිණියේය. 


සිතේ ඇති වූ වේදනාවට පසු දිනම ඔහු සිය රැකියා ආයතනය කරා පිටත් විය. දින කිපයකින් පසු කාටත් නොදන්වා ඉතා හොර රහසේ මෙදින රාත්‍රියේම ගමට පැමිණ අසල නිවසක පදිංචි මිතුරාගේ නිවසට ගියේ බිරියගේ අනියම් ඇසුර අතටම අල්ලා ගැනීමේ අටියෙනි. මිතුරාගේ නිවසට පැමිණ සිය නිවස දෙස විපරමින් සිටින විට මිතුරා පැවසූ කරුණ නිවැරදි කරමින් රාත්‍රී 10ට පමණ සිය නිවස දෙසට කිසියම් අයෙකු ගමන් කරනවා තරු එළියෙන් ඔහුට සහ මිතුරාට දැකගැනීමට හැකි විය. 


පැයක පමණ කාලයකින් පසු ඔහු තම නිවස අසල පදිංචි ඥාතීන් කීප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී පැවසුවේ හදිසි අවශ්‍යතාවක් නිසා වහාම තම නිවස කරා පැමිණෙන ලෙසටය. ඔහු ද මිතුරාත් මිතුරාගේ බිරියත් සමග ඔහුගේ නිවස බලා ගිය අතර මිතුරා නිවසේ පසුපස දොර ළඟ නතර කර ඉදිරි පස දොර ළඟට ගොස් දොරට තට්ටු කරමින් තමන් හදිසියේ පැමිණි බවත් දොර අරින ලෙසත් බිරියට පැවසුවේය. ඒ වෙන විටත් ඔහුගේ හදිසි පණිවිඩයට ඥාතීහු කීප දෙනෙකුත් නිවසට පැමිණියහ. 


විනාඩි කීපයක් ගත වූ පසු පිටුපස දොර විවෘත වෙනවාත් සමගම එම දොර ළඟ සිටි මිතුරා එම දොර විවෘත කිරීමට නොහැකි වන සේ තද කර අල්ලාගෙන තිබේ. ඉදිරි දොර විවෘත නොවන නිසා ඔහු බිරියට තදින් කතා කර දොර අරින ලෙස කළ දැනුම්දීම නිසා ගැහෙන හදවතින් පැමිණ ඇය දොර විවෘත කළ පසු ඥාතීන් ද සමග නිවස තුළට ගිය ඔහු කෙළින්ම ගියේ කුස්සියටය. එහි සිටි 25 හැවිරිදි තරුණයාගේ අතින් අල්ලා ගත් ඔහු ‘ආ මල්ලි බය වෙන්න දෙයක් නෑ. මගේ ගෑනිට මම හොඳ නැති නිසානේ උඹ තෝරා ගත්තේ. ඒ නිසා මම උඹට කරදරයක් කරන්නේ නෑ’ යැයි කියමින් ඔහුව රැගෙන නිවසේ සාලයට පැමිණියේය. 


පැමිණි ඥාතින් අතර බිරියගේ සහෝදරයෙකු ද විය. සියලු දෙනා ඇමතූ ඔහු පැවසුවේ ‘මගේ බිරිය මෙවැනි තත්ත්වයකට පත් වුණේ මගේ වරදින්. ඒ නිසා මම මේකේ වරද පිළිගන්නවා. හැබැයි අද ඉඳලා මේ ගෙදරත් මගේ දරුවෝ දෙන්නත් බිරියත් උඹට බාර දෙනවා. හැබැයි පුතෝ ළමයින්ටවත් ගෑනිටවත් උඹෙන් කරදරයක් අඩුපාඩුවක් වෙන්න බෑ. එහෙම වුණොත් මම නරකයි කියන්නත් එපා. ළමයින්ගේ අඩුපාඩුකම්වලට වියදම් කරන්න මම මාස් පතා සල්ලි එවනවා’ යැයි කියා සිය ඥාතීන් හා මිතුරන් ඉදිරියේ බිරියත් ළමයින් දෙදෙනාත් අනියම් සැමියාට භාර කරමින් කාමරයට ගිය ඔහු එහි තිබූ ඔහුගේ ඇඳුම් පැළඳුම් ඇතුළු කළමනා සියල්ල පිටතට ගෙන නිවසින් පිටමන් වූයේ ඒ වෙන විටත් මේ පිළිබඳව නොදන්නා නින්දේ පසුවෙන අහිංසක දරුවන්ට තමන් නිවසට පැමිණි බවත් මේ අවාසනාවන්ත සිද්ධිය ඔවුන්ට නොදන්වන ලෙසත් බිරියගෙන් හා ඥාතීන්ගෙන් ඉල්ලීමක් ද කරමිනි.

 



අදහස් (2)

සැමියා ගේයි ඉඩමයි එක්කම අනියම් සැමියාට බිරිය තෑගි කරලා

Walter White Friday, 02 October 2020 06:06 AM

මෙන්න මිනිස්සු!, බොරුවට මරාගන්නේ නැතිව, ආදරය නැත්නම් වෙන් වෙලා සංතෝසෙන් ඉන්න ඕන, මේ මනුස්සය බුද්ධිමත් මනුස්සයෙක්. මේ කතාවේ රඟපෑමක් වගේ ඕවර් ගිහින් වගේ තියෙනවා තමයි, එත් ඒව අතහැරලා බැලුවම මේ මනුස්සය සුපිරි කියල පෙනෙනවා, රෙස්පෙක්ට් සර්.

:       0       15

sudda Friday, 02 October 2020 10:34 AM

මේ සැමියා හොඳ කෙනෙක් බව මේ කතාවෙන් පෙනෙනවා. ඒ වුණාට බිරිඳගේ සහෝදරයාට යුතුකම තිබෙනවා සිය සහෝදරියට සහ ඇගේ අනියම් සැමියාට ඉතා හොඳින් සලකන්න​. දිගටම හොඳට සලකන්න ඕනෑ. ඒ වගේම දරුවන් ගැන හොඳ විමසිල්ලෙන් ඉන්න​...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site