හොරොව්පොතාන පැතුම් දර්ශන
තම දුරකතනයේ දත්ත ගබඩාව තුළ බිරියගේ නම ලෙස අමුතුම අන්වර්ථ නමක් සටහන් කරගෙන සිටින සැමියකු පිළිබඳ පුවතක් අනුරපුරෙන් වාර්තා විය.
මෙහි කතා නායකයා තවත් මිතුරකු සමග ගමනක් ගොස් සිටියදී ඔහුට බිරියගෙන් ආ දුරකතන ඇමතුමක් නිසා අනෙක් මිතුරා මේ පිළිබඳව ඔහුගෙන් තොරතුරු දැනගෙන තිබිණි.
ඉකුත් දවසක මෙම දෙදෙනා අවන්හලකට ගොස් දහවල් ආහාරය ගැනීම සඳහා එකම මේසයක වාඩි වූහ. ඇණවුම් කළ ආහාර ලැබෙන තුරු වාඩිවී සිටි මිතුරන් දෙදෙනාගෙන් එක් අයකුට මොහොතකට එතැනින් ඉවතට යෑමට සිදුවිය. එහෙත් ඔහුගේ දුරකතනය මේසය මත විය.
ඒ මොහොතේම මිතුරාගේ දුරකතනයට ඇමතුමක් ලැබී ඇති අතර එම ඇමතුමේ නම ලෙස ”සිතරිදවන්නී” යනුවෙන් සඳහන් වී ඇත. අවශ්‍යතාවට එළියට ගිය සිය මිතුරා නැවත පැමිණ විගසම ”උඹට කෝල් එකක් ආවා මම නිකමට පෝන් එක බැලුවා ඒකේ වැටුණේ ”සිතරිදවන්නී” කියලනේ මචං. කවුද බං ඒ? ”
යැයි මිතුරා විමසා ඇත.
‘‘වෙන කවුද ඉතින් ගෙදර ගෑනි තමයි කෝල් එක අරන් තියෙන්නේ. එළියට ඇවිල්ලවත් නිදහසක් නෑනේ” ඔහු පිළිතුරු දුන්නේය.
තම බිරිඳගෙ නම වෙනුවට අන්වර්ථ නාමයක් යෙදුවේ ඇයි දැයි මිතුරා නැවතත් ඇසුවේ කුතුහලයෙනි.
‘‘කවදාවත් ඔය ගෑනි කෝල් එකක් ගත්තොත් මගෙ හිත රිදවන්නේ නැතිව තියන්නේ නෑ. බැරිම වුණොත් අහක යන කේලමක් හරි කියලා මගේ හිත රිදවනවා. ඒක නිසා බැරිම තැන මම සිත රිදවන්නී කියලා ෆෝන් එකට දාගත්තා. එතකොට කෝල් එක එනකොටම මට හිත හදාගන්න පුළුවන්” යැයි කීවේ තරමක කනස්සලු අයුරෙනි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සැමියාගේ ෆෝනයේ බිරියට අමුතු නමක් දාලා