(තිහගොඩ - උපසේන ලියනගම)
අගනුවර ප්‍රධාන පෙළේ වාණිජ ආයතනයක සේවය කළ ඔහු සිව් දරු පියෙකි. සති අන්තයේ නිවෙසට එන ඔහු එදා ගෙදර එන විට පැවැතියේ මහත් කලබලයකි. ඒ නිවෙසේ වියපත් මවගේ හැඹිලියේ තිබූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක් නැති වීම නිසා වූ ආරවුලකි.
ඔහු ගෙට පා තබන විටම මව මහත් ශෝකයෙන් කියා සිටියේ තමාට ලැබුණු සුළු සුළු මුදල් එකතු කොට මේ පන්දහසේ නෝට්ටුව හදාගත් බවත් මෙය සොරකම් කිරීමට පිටස්තර කිසිවකුට ඉඩක් නැති බවත්ය.
“ඕවා ගන්න මේ ගෙදර කවුද ඉන්නේ. අම්මා කොහේ හරි අමතක වෙලා දාන්න ඇති.” පුතා කීවත් මව එය විශ්වාස කළේ නැත.
“මම අද නාන්න ගිය වෙලාවේත් ඒක හැඹිලියේ තිබුණා.” ඇය කීවාය.
මේ ගැන කොතෙක් කීවත් ඇය විශ්වාස නොකළ නිසා පුතා “හරිම මහන්සියි. මට නාගන්න ඕනෑ” කියා තුවාය කරට දමාගෙන බාල්දිය රැගෙන ජනෙල් කවුළුව මත තිබූ සබන් කැටය අතට ගත් ඔහුට තරු පෙනිණ. එම තෙත සබන් කැටය ඔතා තිබුණේ රුපියල් පන්දහසේ නෝට්ටුවකිනි. සිය මව දිය නාගත් පසුව ඇගෙන්ම බිම වැටී තිබූ පන්දහසේ නෝට්ටුව කඩදාසියකැයි සිතා සබන් කැටය ඔතාගෙන ආ බව පැහැදිලි විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සබන් දවටනයට පන්දහසේ නෝට්ටුවක්