IMG-LOGO

සැන්ටිපෝට් දැක්කම මුදලාලිගේ පපුව පත්තුවෙලා

කඩ පරික්ෂාවට ගිය සෞඛ්‍ය මහත්තුරු දැක සිල්ලර කඩේ මුදලාලිට හෘදයාබාධයක් ඇති වී එලොව පොල් පෙනුණු සිද්ධියක් තල් අත්තට වැටුණු ගෙඩියක නමක් ඇති ප්‍රසිද්ධ පෙදෙසකින් වාර්තා වෙයි. 


සිද්ධිය සැකෙවින් මෙසේය. 


මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්වරු කිහිප දෙනෙක් සිල්ලර වෙළෙඳ සල් සහ හෝටල් පරීක්ෂාවකට ගියහ. එය ආහාර ද්‍රව්‍ය ඇතුළු සිල්ලර භාණ්ඩ අලෙවිසලකි. මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එම අලෙවිසලට ද ඇතුළු වූයේ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය තිබේ දැයි පරික්ෂා කිරීමටය. එහෙත් ආහාර පරික්ෂා කිරීම පසෙක ලා වෙදකම් කරන්නට මහජන පරීක්ෂක මහතුන්ට සිදු විය. 


මහජන පරික්ෂක මහත්වරු වෙළෙඳසලට ඇතුළුවනවිට කාකි ඇඳුම් දුටු විගස වෙළෙඳසලේ මුදලාලිට හදිසියේ හෘදයාබාධයක් හටගත්තේය. සිදුව ඇත්තේ කුමක් දැයි ඉක්මණින් හඳුනාගත් නිලධාරීහු වහාම ක්‍රියාත්මක වූහ. හදිසි හෘදයාබාධයකදී ගත යුතු බෙහෙත් මුදලාලි සතුව තිබූ හෙයින් මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ට මුදලාලි මහතා හදිසියේ රෝහල් ගත කිරීමට අවශ්‍ය වූයේ නැත. මුදලාලි සතු වූ බෙහෙත් සොයා ගෙන ඔහුට ඒවා ලබාදීමට මහජන සෞඛ්‍ය මහතුන්ට සිදුවිය. මිනිත්තු කිහිපයකින් මුදලාලි මහතා යථා තත්ත්වයට පත් වූයේය. 


මුදලාලි අසනීපවීම හේතුවෙන් ආහාර පරික්ෂා කිරීම පසෙකලා වෙළෙඳසලෙන් පිටව යාමට මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ට එදින සිදුවිය.

සිටිනාමළුව අනීෂා මානගේ

 



අදහස් (0)

සැන්ටිපෝට් දැක්කම මුදලාලිගේ පපුව පත්තුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site